Tuesday, October 31, 2017

ඉසි දාසි



සීතාම්බර පට බබළන
සයනයක වී වෙසඟන
හිමි සඳුනි නුඹළඟ දැවටුන
ඉසි දාසි නම් මේ මම් වෙද

මවු ස්නේහයෙන් හිස සිඹිමින
දිවා රෑ නිති මෙහෙ කළ
මිඩි ලියක වෙස් නොම ගත්තද
ඉසි දාසි නම් මේ මම් වෙද

අඩු නොකොට දුන් සෙනෙහස
මදි උනේ මගෙ පවකට
හැර ගියත් හිමි සඳ නුඹ
ඉසි දාසි ලොව  නුඹ රන්කද

17 comments:

  1. හොඳ නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඉසිත අම්ම වෙන්න ගියාම ඔහොම තමයි. හැක්..

    අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඉසිත අම්මා පෙවී අනේ
      ඉසි දාසී
      තැන්කු ප්‍රසා අයියේ

      Delete
  3. ඉසි දාසිගේ ශෝකය
    විචාරක දියණිය

    ReplyDelete
  4. ලස්සන පොටෝ එක බං ...

    ReplyDelete
    Replies
    1. බොට ඉතින් ලස්සන වෙන්න කැමරාවක් ගෑවෙන්නම එපැයි
      තැන්කු ඇනෝ

      Delete
  5. විශිෂ්ටයි....
    වර්ණ

    ReplyDelete
  6. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete