Thursday, September 14, 2017

ආදරෙයි ගිම්හානයට තවමත්





පිපෙන හැම මලකට
සෙනෙහෙ කොදුරන
වස්සානය කුමට
කිණිසි තුඩඟින්
සෙනෙහෙ කැටයම් කරන
ගිම්හානය නුඹයි
මගේ හද ගිණි දවන
නුඹ සොයන සෙනෙහේ
ළඟදි මා පිදුව මේ සිත
වෙන්න ඇති
මහමෙර පාමුල අබැට
ඒත් නුඹ දන්නවද
මම විතරමයි
දැවෙද්දිත් මට සිලිටි පෙති
හුරුපුරුදු ඔය උද්දච්ච
ගිමිහානයට
පෙම් කළ මල

19 comments:

  1. මේ මලට නම් සෑහෙන්න පෙම් කරලා වගේ. කලින් පෝස්ටුවෙන් ගලවලා මේකේ ඒ වෙනුවෙන්ම කවියකුත් ලියල.. හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් .....
      තැන්කු ලිඛී

      Delete
    2. ලිඛී ලියන්නැද්ද .... මම හෙවුවා ඒත් හොයගන්න බැරි උනා ලියනව නම් ලින්ක් එක දාන්ටකො

      Delete
    3. මම ලියනවා.... ( ලියනවා කියල කිව්වට කොහොමද මන්ද.. හි හි හි)

      Delete
  2. Replies
    1. අවුල් අවුල් වගේද
      මදැයි කට වත් ඇරියා...
      තැන්කු තඩී

      Delete
  3. ලස්සනයි නොවැ

    ReplyDelete
  4. මටසිලුටු පෙති
    රුදුරු කරගෙන
    ආදරේ නාමයෙන්
    සිටින නුඹ දුටුවිට
    ඒ බව දැන ගතිමි මා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කිණිසි තුඩකින්
      කැටයම් කරපු
      සෙනෙහසක්
      කෙලෙස නම්
      මකන්නද...

      තැන්කු දුමී

      Delete
    2. වේදනාවක් මුත්
      කිනිසි තුඩු පහර
      මතකනම්
      සතුටක් දෙයි
      නිබඳවම....

      Delete
    3. මැරෙන ඉපදෙන මේ සසර තුළ
      ජීවත් කරවමි ඒ කිණිසි පහර
      නොමැති මුත් මේ භවේ
      සසර පුරුද්දටවත්
      ලැබෙන තෙක් මතු භවේ

      Delete
    4. සසර පුරා
      සැරිසරමින් දිනක
      ලැබූවිට
      හිත සෙවූ සෙනෙහස
      නිබඳවම මතකෙට
      නැගෙනු ඇත සුලුවෙන් හෝ
      ඒ කිනිසි පහර....

      Delete
  5. රෝස පතක කවි ලීවේ සුවඳදිදී තියාගන්න
    මේ විදියට ගී කිවේ ඉන්න තැනකදී ඇහෙන්න
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් විචා දූ
      තැන්කු

      Delete
  6. //ඒත් නුඹ දන්නවද
    මම විතරමයි
    දැවෙද්දිත් මට සිලිටි පෙති
    හුරුපුරුදු ඔය උද්දච්ච
    ගිමිහානයට
    පෙම් කළ මල//.. ඊ කාලේ නම් හිතුනේ නෑ.. දැන්නම් හිතෙනවා උද්දච්ච ගිම්හාන පිටිපස්සේ දැවී දැවී ගිය අතීතේ අපරාදේ කියල.. :)
    හා..හා.. ගණන් ගන්න එපා මේවා වැඩිහිටි සිතුවිලි.. :))))

    ReplyDelete
    Replies
    1. වැඩිහිටි සිතුවිලි තමා වැඩියෙන්ම වටින්නේ... කමියයියේ
      පිචිචෙන එකෙත් පොඩි ගතියක් නැත්තෙමත් නෑ නේද.... හැබැයි ඇදගෙන යන්න බෑ පිච්චිල්ල හලන්නම වෙනවා ... නැත්තන් ඉතින් මෙරුවා වගේ මලා තමා......

      තැන්කු කමියයියේ

      Delete