Wednesday, September 13, 2017

වරාමල



වසන්තයේ පිපුණු මල්

මුමුණන විට පෙම් වදන්

සීතල සුළඟට

පාවෙන වරාමලක්

මොකට නම් වද ‍වෙනවද

ඒ ගැන

නැළවුනත් සුළඟට

මොහොතකින් උබව

බිම හලනවා සත්තයි

දන්නවද

ඔය සුළඟ හරි

රස්තියාදුකාරයි

......

15 comments:

  1. පින්තුරේ නම් ඉන්නේ වර මලක් නෙවෙයි...

    එහෙම උස්සගෙන ගිහින් කොහේ හරි අතාරින එක නම් බෝම නාකයි !

    ReplyDelete
    Replies
    1. හරි මල දැම්මා ලිඛී
      නාක උනාට සුළඟ රස්තියාදුවේ යනකොට මල් හැලෙනවා බං.
      තැන්කු ලිඛී

      Delete
  2. Replies
    1. වැටවල් නොගහා මක්කවත් කියපන් තඩී
      තැන්කු තඩී

      Delete
  3. වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන්නේ නැතිව ඉන්නද මම කොහොම

    (මොන ලෝකෙද යකෝ මල් වලට ඇස් තියෙන්නෙ)

    ReplyDelete
    Replies
    1. දැන් කවුද කිවුවේ මල් වලට ඇස් තියෙයි කීලා...
      ඈ.... මමද?

      Delete
  4. ඇත්තමද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ම් ම් ඒකනේ දුමී
      තැන්කු දුමී

      Delete
  5. රස්ති විතරක් නෙවෙයි හෙන වල්.. :))) බොඳ මිදුම් මල් අතරේ පාවී එන්නේ.. දන්නෙම නෑ අහු වෙනකම්.. පරිස්සන් වෙලා ඉන්න කියනවා හොඳයි..

    ReplyDelete
    Replies
    1. දැන් මං මක්කද මේකට කියන්ට ඔනී... එක්කොත් මොකවත් නොකියම ඉන්නම්කො කමියයියේ...
      තැන්කු කමියයියේ

      Delete
  6. රස්තියාදුකාර සුළං හරි භයානකයි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔවු විචා දූ...
      ඒත් ඉතින් .... ගස් ගැලවුනාට තණකොළ ඉගිල්ලෙන්නෑනේ.. සුළඟට.. ඒ නිසා පොඩ්ඩක් මගෑරියාම ඉවරෝ...
      තැන්කු දියණි

      Delete
  7. රස්තියාදු කාර සුලඟට අලුත් මල් හම්බ වෙනකොට පරන මල් අමතකයි. සුලඟ හැමදාම හොයන්නේ අලුත් මල් සුවඳමයි. ලස්සනයි ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔවු කටකාරීයේ....
      සුළඟ එහෙමළු .... ඒත් දන්නවද මල් වල හුස්ම අරන් යන්නේ එකම එක සුළඟක්ළු...
      තැන්කු කටකාරී...

      Delete
  8. නැළවුනත් සුළඟට

    මොහොතකින් උබව

    බිම හලනවා සත්තයි

    දන්නවද//

    ලස්සනයි

    ReplyDelete