Wednesday, November 2, 2016

කුරුළු පැටියා



ඝොර  වැහි කුණාටුව
වියරු වී පෙම් බැන්ඳ
පැණි කුරුළු අම්මගේ
අහිමි සන්තකය නුඹ

උදෑසන පිනිබිදුව
නුඹට ඉගිබිගි කෙරුව
සිසිල් මුදු මද පවන
නුඹ හොරෙන් කිති කැව්ව
අදත් අවුදින් සොයයි
දෙවැටෙ නුඹෙ හුරතලය

ලොවින් සැගවී යන්ට
මොහොකට පෙරාතුව
කුහුඹු ගුල් සුසානෙක
දුට්මි පොඩි පිහාටුව

9 comments:

  1. අපූරු නිර්මාණයක්.

    සෙනෙහෙ දුන් උණුහුමේ
    මතක මල් වැට දිගේ
    පියඹමින් සොය සොයා දසතේ
    කුරුළු මව වැළපේවි දුකසේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු දුමි...
      මේක ඇත්තටට මට දුක හිතුන දෙයක්.... අපේ ගෙවල් ලඟ පාරේ පාරට නැමුන පොඩි ගහක පැණි කුරුළු කුඩුවක් තිබුනා මම හැමදාම හවසට ඔක බලල තමා තෙදර යන්නේ දවසක් රෑ හොදටම වැස්සා හුළගත් එක්ක.. මට රෑ පුරා කූඩුව මතක් උනා අනේ පහුවදා ගිහින් බලනකොට කූඩුව තිබුන තැනක්වත් හොයාගන්න නෑ.... මට මාර දුකයි ඒ සීන් එකට

      Delete
    2. අපේ ගේ වටේ ගස්වලත් කුරුළු කූඩ පිරිලා. ඒත් ඇටිකුකුල්ලු කාක්කො එහෙම ඒ කූඩුවල පැටව් විතරක් නෙමෙයි බිත්තරත් ඉවර කරනවා. අන්තිමේට හිස් කූඩුව විතරයි ඉතුරුවෙන්නේ. පව්...

      ජයවේවා!!!

      Delete
  2. හරිම අපූරුයි... මෙච්චරකල් කියෙවුවට අද තමයි කමෙන්ටුවක් කොටන්න හිතුනෙ...

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු ඉෂානියෝ.... මමත් ටික කාලයක් නොලියා හිටියනේ....

      Delete
  3. ලස්සයි මචෝ..

    ReplyDelete
  4. කුරුළු අම්මලාට වගේම අපේ අම්මලත් කොච්චරක්නම් මේ ගින්න උහුලනවා ඇද්ද....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔවු කසුටු අයියන්ඩී....
      තැන්කු අයියේ....

      Delete