Tuesday, October 18, 2016

අප්පච්චි...








             අප්පච්චි...

බැත නෙළපු ඉපනැල්ල තරමටම...
යල මහට වැහැරිච්ච අප්පච්චි....
නෙත් කෙවෙනි බොඳ වෙද්දි මැදියමට...
සිහින සීපද කිවුව අප්පච්චි....

කුරුළු පාළුවට බිං කොටහ වෙන් වෙද්දි...
පඹරාල හෙවනට කෙරුව අප්පච්චි...
අළුත් සහල දෙවියන්ට පුද දෙද්දි...
දිය හොල්මනත් සිපගත්ත අප්පච්චි....

අටු කොටු මොටද කුරුණියත් සෑහිච්චි...
වක්කඩේ ගොවි කදුළු හැංගිච්චි...
අඳ කුඹුරෙ ඔටුන්නට රජ වෙච්චි...
සැමදාම බිං කෙටුව මගෙ අප්පච්චචි....

23 comments:

  1. කෝ අනිත් එකා?

    කවියත් නියමයි ඈ!

    ReplyDelete
    Replies
    1. අනිත් එකා තමයි මාත් මේ හොයන්නේ කසුන්....
      වර්ණ නැතුව මේක කරගෙන යන්න අමාරුයි....

      Delete
  2. අපූරු නිර්මාණයක්.. ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප කරපු රජරට තාත්තෙකුගේ ජීවිතේ අපූරුවට ලියැවිලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූති වැසි දැරිය ටික කාලයක් නොපෙනී උන්නා ආයෙත් එන්න කියලා බැලුවේ මේ පැත්තේ

      Delete
  3. හලෝ කබරා.. කාලෙකින්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු
      ආයිමත් පදිංචි වෙන්න කියල බැලුවේ

      Delete
  4. මහ කනදරා වැව ඉස්මත්තේ
    සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
    මහ බැත කන්දක් රකින තාත්තේ
    දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//

    රං කොත වාගේ ගං මැංඩිය මැද
    පිං හිත කවදාවත් නැත පෑරී
    මතු බුදු වෙන් බෝධියක් අසල නොව
    මහ කනදරා වැවේ
    නිසසල ඉස්මත්තේ

    මහ කනදරා වැව ඉස්මත්තේ
    සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
    මහ බැත කන්දක් රකින තාත්තේ
    දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//

    ගායනය - සනත් දේවප්‍රිය
    පද සහ සංගීතය - සුනිල් දයානන්ද කෝනාර

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුව සින්දු....
      තැන්කු කුලකය අමතක නොකලට....

      Delete
  5. මේ වගේ අප්පච්චිලා අද ඉන්නේ බිත්තියේ ගහපු පින්තූර වලයි, අපේ මතකයෙයි විතරයි. අද වේගයෙන් දුවන ලෝකෙත් එක්ක ඉන්නේ, ට්‍රැක්ටරෙන් හාන, යන්තර වලින් ගොයම් කපා පාගන, හැන්දෑවට කසිප්පු අඩ්ඩක් ගහලා, සමහරවිට කුනුහරපත් කියන අපුච්චලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒත් මට ඉන්නෙත් මෙහෙම අප්පුච්චෙක් තමයි
      තැන්කු විචාරක....

      Delete
  6. දැං ඉන්න අප්පච්චිල කොහෙද ඔච්චර දෙයක් කරන්නෙ.
    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හැහ් ඔය ඉන්නේ .... ආදර්ශවත් අප්පුච්චෙක්
      අයියේ කෝ අපේ විදානේ

      Delete
    2. උෟ මලදානයක් කරගන්න ගිහිල්ල අනාගෙන ඉන්නෙ. හැක්..

      Delete
    3. ඒකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන අර මදාවිය තමයි.

      Delete
    4. ​සසර සැරි සරන තෙක් .. හැක් හැක් හැක්...
      තා මාසයයි... එතතොට මං රිම් එකෙන්..

      Delete
    5. අනේ මන්ද එක පාරක් විදානේ මදාවිට මක්කද කොලා කිවුවා දැන් මදාවි විදානේට මක්කද කොලා කියනව..... හාමිනේලා බලා ගන්නේ නැතැ.....

      Delete
    6. ඒක නෙවී විදානේ අයියේ මේ පාර මක්කවත් වෙල්ෆෙයා වැඩක් කරන්නේ නැද්දෝ.....

      Delete
    7. තියෙනවා වැඩක් කරමුද?????? අපේ උන් ටිකට කන්න ටිකක් දීලා ආයෙම බ්ලොග් ලියන්න පණ අරන් දෙන්න තියෙනවා...... මොකද කියන්නේ................

      Delete
  7. කාලෙකින් මේ පැත්තේ. නියමයි ඈ.

    ReplyDelete
    Replies
    1. ඔවු දිනේෂ් එන්න උනේ නෑ....කොහෙද මේ වර්ණ සහොදරයත් ඉන්න තැනක් හොයා ගන්න නැනේ...
      තැන්කු දිනේෂ්...

      Delete
  8. අගෙයි සබරේ............... සුපිරි පද පෙළක්........ ජයවෙවා.... එන්න ටිකක් පරක්කු වුණාට සොරි හරිය....... අපිත් මේ දවස් වල විසිරිලා හිටියේ...... දැන් නං ආයෙමත් මොනවා හරි වෙයි වගේ දැනෙනවා... බලමු ඉතින්නේද????????

    ReplyDelete