Monday, February 8, 2016

සැකය නම් ප්‍රේමයේ රුපුමැයි


විරහවට අතවනයි
කඳුලටම මග සොයයි
සැකය නම් ප්‍රේමයේ රුපුමැයි

ආදරේ කිරිල්ලක් සේ
කැදැල්ලේ හිඳිද්දී
කැටපෝලයක් වී ඇය විදින
සැකය නම් ප්‍රේමයේ රුපුමැයි

ආදරේ සිඟිත්තෙකු සේ
තොටිල්ලේ නිදද්දී
රළු නාදයක් වී බිය කරන
සැකය නම් ප්‍රේමයේ රුපුමැයි

- නුවන් වර්ණකුලසූරිය-

14 comments:


  1. ප්‍රේමයේ රුපු
    සැකය
    තුරන් කළ යුතු මැ යි

    ReplyDelete
  2. අාය දෙකක් නැහැ............. අැත්ත නේන්නම්.......

    ReplyDelete
  3. අනිවා තුරන් කල යුතු මැයි.

    ReplyDelete
  4. ලස්සනයි...
    සැකයට ප්‍රස්තුත සපයන්නේ අධික ආදරය හෝ කලින් වෙච්චි රැවටීමක් කියලයි මම හිතන්නේ ..

    ReplyDelete
  5. ඕක දුරුකරන්න නම් ඉතින් රහත් වෙන්නම ඕන ඉතින්..
    නිර්මාණයනම් අගෙයි වර්ණ....

    ReplyDelete
  6. බොහොම අගෙයි සැක නැත්නම්!..

    ReplyDelete
  7. සැකය ප්‍රේමයේ නිවුන් සහෝදරයා.. හැබැයි සැකය හුළඟට ගහගෙන ගිහින් වැටිලා තියෙන්නේ නපුරු හොරු හිටපු පැත්තට.. :)

    ReplyDelete
    Replies
    1. වැඩට යනකොට නුවර එළියේ තියලා නිවාඩුවට යනකොට අනුරාධපුරේ එක්කන් යන්න ඕනේ....හැක්

      Delete
    2. වැඩට යනකොට නුවර එළියේ තියලා නිවාඩුවට යනකොට අනුරාධපුරේ එක්කන් යන්න ඕනේ....හැක්

      Delete
  8. අනිවා, සැකය තියෙන තැන කිසිම සම්බණ්ඳයක පැවැත්මක් නැහැ.

    ReplyDelete
  9. ඒ මොනවා කලත් සැකයක් නැති ආදර කතා නම් බොහොමයක් අඩුවෙන් තමා ඇත්තෙ.

    ReplyDelete
  10. වර්ණගේ නම නුවන් කියල දැනගත්තේ අද :) පද ටික නම් අපූරුයි :)

    ReplyDelete