Monday, February 1, 2016

සුදු නංගිට එපා වුණිද මම සරසවි ගියාම


දහසක් කළු අඳුරු වළාවෙන් සඳ ගැලවුවාම
අහස කොහොම ඉවසන්නද සඳ අහසෙන් ගියාම
නුඹෙ ලස්සන අත්අකුරට මගෙ අත් රළු වුණාම
සුදු නංගිට එපා වුණිද මම සරසවි ගියාම

අඳුරු වෙවී යන අහසේ වැහි බිම සීරුවාද
වාන උඩින් යන තරමට වෑ දිය පිරවුණාද
දිය බොරවී යන අතරට නුඹවත් අසුවුණාද
මාන බවන සුදු කොක් රළ මින් ඇස හැඳිනුවාද

මාල ගිරවු ඉගිලෙන රුව සිතට අමුතු වුණාද
මාල ගිරවියක් වෙන්නට මාලය පැලඳුවාද
හීන මවන තුරු ගොමුවක හීනය බොඳවුණාද
හිත දුප්පත් මල් පඳුරක සුදු මල් පීදුණාද


- නුවන් වර්ණකුලසූරිය-

26 comments:

  1. වෙනමොනවා කියන්නද වර්ණ...................

    සුපිරිම සුපිරියි කියන්නම්.....

    ReplyDelete
    Replies
    1. තුති කුරුටු
      ජයෙන් ජයවේවා!

      Delete
  2. ඕකට යැවුවොත් නම් සොරි තමයි කොල්ලො...

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙම නෑ කැමයියේ
      ජයවේවා!

      Delete
  3. ගම්බද අපි සරසවි යනකම් විතරයි.
    ලස්සනයි වර්ණ.

    ReplyDelete
    Replies
    1. ඒත් හැමෝම එහෙම නෑ මහේෂ්
      ජයවේවා!

      Delete
  4. Replies
    1. චමලගේකද?
      ජයවේවා!

      Delete
  5. Replies
    1. ඒත් මට සැකයි
      මීට සුදු අයියා
      ජයවේ කමියියා

      Delete
  6. ටොප් වර්ණ
    අපූරු කවි පද ටික
    කවියකට වඩා සිංදුවකට ලස්සන

    ReplyDelete
    Replies
    1. කැමති කෙනෙක් හිටියොත් කියහන්
      ජයවේවා

      Delete
  7. අදත් වෙනදා වගේම ලස්සන කවි පෙලක්

    ReplyDelete
    Replies
    1. තුති සුරංගයියේ
      ජයවේවා!

      Delete
  8. හිත හදා ගන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අමාරුයි ඒත් වෙන කරන්න දෙයක් නෑ
      ජයවේ දිනේෂ්!

      Delete
  9. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ගැළපෙනවා
      ජයවේ කසුට්ටයියේ!

      Delete
  10. හන්තානට පායන සඳ මතක් වුණා.. ගොඩක් එහෙම කතා තියෙනවා අවාසනාවකට

    ReplyDelete
    Replies
    1. මටත් ලියල ඉවර වුණ ගමන් මතක් වුණේ ඒකමයි
      ජයවේ වැසි!

      Delete
  11. වර්ණ ... උපරිමයි... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සජ්ජයියා
      ජයවේවා!

      Delete
  12. සඳ වැහිලා දහසක් කළු අඳුරු වලා ආවාම
    සඳ තනියම හැංගෙනවලු දුක් අහසම දරාන
    ලස්සන අකුරු බොඳවු පිටු කොල කිහිපය පුරාම
    පැතුවේ සුදු අයියාවයි එක්සිත්වම දරාන

    අඳුරු වෙවී යන අහසට වැහි දිය බිඳු තෙමන්න
    හද පතුලේ ඇති වැව් දිය වානෙන් පිට කරන්න
    මාන බලන කොක් රෑනට පානේ කවි කියන්න
    සරසවි ගිය සුදු අයියා හනිකේ ගම වඩින්න..

    සුපිරියි වර්ණේ... ජයවේ!

    ReplyDelete
    Replies
    1. පිළිතුරු ගීතය තෙලිදියෙන්
      තෙලියා ගොඩදවසකින්
      ජයවේ තෙලී!

      Delete
  13. ලස්සන කවියක්. ඔන්න අපිත් ආවා

    ReplyDelete