Wednesday, January 6, 2016

තඹර මලී..

http://www.goodfon.su/download/aphrodite-alessandro-di-cicco/1366x768
http://www.goodfon.su/download/aphrodite-alessandro-di-cicco/1366x768
තඹර මලී
ගිනි සිලකට දා ගිය
සළඹ සිතක් ළඟ
සමනල් සෙනෙහස සොයන මලී

දා ගිය තටු මත
රොන් සුනු තවරා
ප්‍රේමය කැටයම් කරන මලී

ගිනි සිලකට පෙම්කළ
සළඹ සිතකි මා
ප්‍රේමය ගිනියම් තඹර මලී

කඩතොලු පියාපතින්
මල් පෙති සීරෙනු බියෙනී
හදවත සිරකොට මල් සුවඳේ මං
අඳුරට ඉගිල යමී....
නොසොයන් සෙනෙහෙ මලී.....

ලිව්වේ - සබරේ ඇනෝ...

33 comments:

  1. ලස්සන කවි පෙලක් සබරේ මල්ලියේ

    ReplyDelete
  2. උන වැඩි වෙනවා අප්පා..

    අගෙයි ඈ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හිටින්ටකො මං කොත්තමල්ලි පෝස්ට් එකක් දාන්න. උන බහින්ට

      Delete
  3. මේක නම් සිංදුවකට මරු ඈ.

    ReplyDelete
  4. ටොප් ක්ලාස් සබරේ..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු මහේෂ්. හැමදාමත් එන යාළුවා

      Delete
    2. තැන්කු මහේෂ්. හැමදාමත් එන යාළුවා

      Delete
  5. ඇත්තද තඹර මලී.
    ලස්සනයි සබරේ ඇනෝ..........
    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. හැබෑව අසෙනියෝ
      තැන්කු අසෙනියෝ

      Delete
  6. ලස්සන රිදම් එකක් තියේ.. ජය
    .

    ReplyDelete
    Replies
    1. මුලින් ඔලුවට ආවෙ රිදම් එක තමා දේශ්.

      Delete
    2. මුලින් ඔලුවට ආවෙ රිදම් එක තමා දේශ්.

      Delete
  7. හරිම ලස්සනයි මලී..........

    අා නෑ නෑ සබරේ................

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ කුරුටු මලී සබරෙගෙ නගා නෙව

      Delete
  8. උඹලාගේ මේ ප්‍රෙමාලාප මට හැමදාම අමුතු මානයක්.
    ‘සළඹ සිත‘ කියන්නෙ මක්කැයි මලයා?

    ReplyDelete
    Replies
    1. සලබයා කියන්නේ රෑට ලයිට් එලියට එන සමනලය වගේ එකා නේද මදු අයියේ

      Delete
  9. ලස්සනයි සබරේ.

    ReplyDelete
  10. ලස්සනයි සබරේ..

    ReplyDelete
    Replies
    1. තැන්කු සිංහයා

      සබරේ

      Delete
  11. දා ගිය තටු මත
    රොන් සුනු තවරා
    ප්‍රේමය කැටයම් කරන මලී

    ලස්සනයි සබරේ... :)

    ReplyDelete
    Replies
    1. තැන්කු අතා

      සබරේ

      Delete
  12. සබරේ මට මතක නැහැ තඹර මල් කියන්නේ මොන මලටද කියල ...

    ReplyDelete
    Replies
    1. තැන්කු හංසි, තඹර මල කියන්නේ නෙළුම් මලට හංසි

      සබරේ

      Delete
    2. ස්තූතියි සබරේ ..අමතක වෙලා තිබ්බෙ

      Delete
  13. සුපිරි යි...එකෙන්ම..

    ReplyDelete
    Replies
    1. තැන්කු විභී අයියේ...

      සබරේ

      Delete