Tuesday, January 26, 2016

කවියකට තනුවක් හමුවූ වග නම්.....




මම ලියපු ගේය පදයක් නිමි ගීතයක් වෙලා කියලා දැනෙන කොට මට දැනෙන සතුට කියාගන්න බැරි තරම්.. මීට කලින් තිස්ස, කසුන්, චමල්, මනා, කුගෑගීප යන අයගේ සහයෝගයෙන් මගේ ගේය පද කිහිපයක් ගීත වුණත් අවසන් නිමි ගීතයක් වුණේ 'ගඟ නුඹට මා පෙම් කළා'. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හා අජන්ත පීරිස්ගේ හඬින් මෙම ගීයත නිමවුණා කීවම දැනෙන සතුට තවත් වැඩියි. මේක ගීයක් වීමේ වැඩි ගෞරවය අයිති එහි නිෂ්පාදක ඉයන්ට. ගොඩක් ස්තූතියි ඉයන්!




- වර්ණකුලසූරිය

41 comments:

  1. Replies
    1. ස්තූතියි ඉයන්.. ඔබ දුන්නු සහයෝගය නිසා මගෙ සුන්දර හීනයක් සැබෑ වුණා..
      ගොඩක් පින් ඔබට
      ජයවේ ඉයන්!

      Delete
  2. සුබ පැතුම් වර්ණේ... හදවතින්ම... ඒ වගේම උඹට අත දුන්නු මුන් ටිකත් ස්තුතියී කියන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැමයියේ.. අනිවා මගේ බ්ලොග් මිතුරන් හැමෝටම මගේ ස්තූතිය හිමි වෙනවා...
      ජයවේ කැමයියේ!

      Delete
  3. මගෙනුත් සුභ පැතුම් වර්ණ..ඔබේ උත්සාහය දැන් මල් පල ගැන්වීගෙන එනවා.
    ඔබව රටම දන්න පදරචකයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    තව හොද නිර්මාණ අපිට ඕන...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්
      ඇත්තටම මගේ උත්සාහය මල්ඵල ගැන්වුණා...
      තව මුල් මට්ටමේ තියෙන ගී කිහිපයක් තියෙනවා අවසන් වෙන්න..
      ඒ වගේම තවතවත් අර්ථවත්, ලස්සන වචන තියෙන සුගායනීය ගේය පද ලියන්න බලාපොරොත්තු වෙනවා
      ඔබලා හැමෝගේම සහයෝගය දිගටම මේ විදියට බලාපොරොත්තු වෙනවා..
      ජයවේ මහේෂ්!

      Delete
  4. බොක්කෙන්ම සුභ පැතුම් මොචා්..
    දිගටම මෙවැනි නිර්මාණ එලිදක්වන්නට ශක්තිය ලැබේවා !!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ අයියේ...
      මේ වචන ලොකු ශක්තියක් තව තවත් නිර්මාණ කරන්න
      ජයවේ විදානේ!

      Delete
  5. සිංදුව ඇහුවා.ලස්සනයි.මියුසික් නියමටම ගැලපෙනවා.සිංදුව අහනකොට සෝමතිලක ජහමහගේ සිංදුවක් අහනවා වගේ දැනුනා.මේ පද තනු ප්‍රවීණයකුගේ වගේ.තව තවත් නිර්මාණ කරමු මල්ලි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුරංගයියේ... තනු නම් කොහොමත් ප්‍රවීණයෙකුගෙ.. තව තවත් නිර්මාණ කරන්න මේ වචන මට හයියක්..
      ජයවේ සුරංගයියේ!

      Delete
  6. ෂහ්. නියමයි මචෝ. අපේ කොල්ලෙක්ගෙ සින්දුවක් මෙහෙම අහන්න ලැබුන කියන්නෙ අපිටත් පට්ට සතුටක් එනව. ආයෙ කියල වැඩක් නෑ. මේකට සහය දුන්නු ඉයනයටත්, අජන්ත පීරිස් සහ රෝහන වීරසිංහ යන මහත්වරුන්ටත් බොහොම ස්තුති. උඹටත් සුබ පැතුම් මචෝ.

    මොකද බං මේ නම වෙනස් කොරාගෙන?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුනා... මේවට ඉතින් උඹලටත් ගෞරවටක් ලැබෙන්නෙ ඕනේ...
      බ්ලොගයට ගැළපෙන විදියට නම වෙනස් කළා බං
      ජයවේ කසුන්...

      Delete
  7. බොක්කෙන්ම සුභ පතනවා මචෝ ...ජයවේවා !!!!
    ඉයන්ටත් බොහොම ස්තුතියි ...අපේ එකෙකුට අත දීලා ඉදිරියට යන්න උදව් කිරීම ගැන මගේ ආචාරය !!!!

    හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත 
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින් 
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සින්දු අයියේ...
      ඔබ දිගටම අපිත් එක්ක ඉන්න.. ඒක අපේ ගමනට ලොකු ශක්තියක්
      ජයවේවා!

      Delete
  8. හරිම ලස්සනයි..

    උණුසුම් සුභ පැතුම්..
    ඉදිරියටත් මේ වගේම ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම පතනව..
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදහස්
      ජයවේවා!

      Delete
  9. සින්දුව කලින් ඇහුවට කතාව ඇහුවේ අදනේ.. සුපිරි!!!

    ReplyDelete
    Replies
    1. කමියයියා සින්දුව කලින් අහලා තිබුණාද?
      ජයවේවා කමියයියේ!

      Delete
    2. නෙලුම්යායේදී කියන්න අනුමත කරානේ.. :) ඒ වෙලාවේ සින්දුව ඇහුවා.. නිෂ්පාදනය ඉයන් ගෙන් බව දැනගත්තේ මෙතනින් :)

      Delete
    3. ආ ඒක තමාා
      මේ සැරේ අපිත් එනවා

      Delete
  10. හරිම සතුටුයි මචං............. අපේ අත්දැකීමක් තරම් සතුටක් දැනෙනවා..... කොහොමත් කවියෙකුගේ අතින් ලියැවෙන පද කීපයක් ගීතයක් වෙලා කණට අැහෙන තරම් සතුටක් තවත් නැහැ.... ඒ අතරිනුත් මේ තරම් උසස් විදිහට........ අැත්තට ම අව්‍යාජව විදින්න හැකි සතුටක් දැනෙනවා මචං........ උඹට ජය.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුගෑගීප.. මෙතනදි අනිවාර්යයෙන්ම ඔබවත් සිහිපත් කළ යුතුයි..
      ඔබේ දිරිගැන්වීම ගොඩක් වටිනවා..
      ජයවේ ගීපවුර!

      Delete
  11. සුභ පැතුම් ඔබට ... තව තවත් ගීත ලියන්න . විෂුවල් එක හොයා ගත්තේ කොහොමද ..? නියම ගැලපීම .නුවන් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහිංසා..
      දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා..
      මේ විෂුවල් එකනම් ඉයන් තමා හදලා තියෙන්නේ..
      ජයවේ නිහිංසා!

      Delete
  12. සුබ පැතුම් වර්ණ. සින්දුව දැක්කම ගොඩාක් සතුටු හිතුනා...ඉයන්ටත් ස්තුති කරනවෝ මගේ නිමුන්නා වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මගේ සබරේ...

      Delete
    2. ඔව් ඔව් ඕනෙ නෑ

      Delete
  13. එකෝමත් එක දවසක මේ පදටික කියවනකොට ගීතයකට අපූරු පද වැලක් කියලා මට දැනුනා. ඒ පද ටික කවුරු හරි වැඩ්ඩෙකුට අහු උනොත් හිට් වෙලාමයි නතර වෙන්නෙ කියලා මට දැනුන නිසා මගේ ළග හිටපු අනිකාටත් කිවුවා. ඒ අනිකා කවුද කියලා දන්නවනේ. දන්නවද වර්ණයො ඒ පද ටික සින්දුවක් වෙලා කියලා දැනගෙන මේ දැන් අහනකොට මට එදා තනුවත් නැතිව කියවපු පද ටික මතක් වෙන්න තරමට ඒ පද ටික මගේ හිතේ ඇදිලා තිබුන එක ගැන මටත් පුදුම හිතුනා. අපිටත් බොහෝ........ම සතුටුයි ............... .................................
    සුභ පැතුම් .........
    මම අඔයා ......

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි අඹයෝ.. ඔය වචන ටික තවත් නිර්මාණ කරන්න මට හයියක්
      ජයවේ අඹයෝ!

      Delete
  14. අන්න කොල්ලො ගින්දර වැඩක්..
    පට්ටයි මචෝ...
    ගින්දර වගේ තව තව සිංදු ලියවෙන්ට ඕන..
    සුභ පැතුම් වර්ණෙ..
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි අවන්හලයෝ
      ජයවේ මහේෂ්!

      Delete
  15. අඩේ ලස්සනයි බං.
    සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේ!
      ජයවේවා!

      Delete
  16. බලාගෙන හොදේ.. ඔය නිස්පාදකයා කුනා.. හැක්..

    නියමයි... තව තවත් වැඩි දියුණු වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශෝ..
      ජයවේවා!

      Delete
  17. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.......
    සිංදුව ලස්සනයි.ජය වේවා....

    ReplyDelete
    Replies
    1. උම්මා එකට තැන්කුයි
      ජයවේවා කසුටු අයියේ!

      Delete
    2. කසුට්ටෝ උම්මා දෙනවා දැක්කමයි

      Delete
  18. ගොඩාක් සතුටුයි වර්ණ... ඇත්තටම...
    සුබපැතුම්... ඔයාගෙ ලස්සන කවි නිර්මාණ තුළින් තවතවත් මෙවැනි ලස්සන ගී බිහිවේවා...
    ආයුබෝවන් !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගීතිකා
      ජයවේවා!

      Delete