Monday, January 18, 2016

ඉන්නා තුරු හිනාවෙලා යනකම් ඉඳලා හඬන්න..


කටු කැලයක රෝස මලින් සරසන ලද යහනාවකි
ඇස් රතු වූ මොණරු රඟන කඳුළු පිරුණු රඟ මඬලකි
සමනලියක සිරකර දා පයෙහි බඳින පා සලඹකි

තැලිපිළි මුතු රැගෙන එන්න මතක තියෙන පෙම්වතුනට
නොනිම් දුකට ඔසු බිඳුවක් අමතක වූයේ කොහොමද
ඉන්නා තුරු හිනාවෙලා යනකම් ඉඳලා හඬන්න

කාසිවලට පහස සොයන කුලී ගමේ බඹර කැලට
මල්වල ඇති පාට මිසක කටුවල ඇති දුක පෙනේද
ඉන්නා තුරු හිනාවෙලා යනකම් ඉඳලා හඬන්න

-වර්ණකුලසූරිය-

21 comments:

  1. ඉන්න තැනක හිනාවෙලා යනකං ඉදලා අඬන්න...

    සංවේදීයි වර්ණයෝ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ අයියේ
      ජයවේවා!

      Delete
  2. මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
    ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
    කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
    මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

    සිනා සිසී දෝතින් යහන තැනු ලීයේ
    මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලීයේ
    මටම නොවයි කාටත් පෙම් බැන්ද ලීයේ
    මදෙස බල බලා නාඩන් කුමාරියේ

    මගෙ හද මඩල.....

    පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ
    මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ
    පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
    කරපු පවට නාඩන් දෙවතාවියේ

    මගෙ හද මඩල.....

    ගායනය /සංගීතය - ගුණදාස කපුගේ
    ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

    ReplyDelete
    Replies
    1. මම හිතුව සින්දු අයියා තරහ වෙලාවත්ද කියලා..
      ගොඩක් ස්තූතියි
      ජයවේ සින්දු!

      Delete
    2. මොකටද මචෝ තරහ වෙන්නේ ...මේ දවස් වල බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් තිබුනෙම නැ ..උඩින් පල්ලෙන් බලලා ගියා ...තව ටික දවසකින් මේ වැඩ කටයුතු අඩු වුනාම වෙනදා වාගේ එන්නම් ..
      ජයවේවා !!!

      Delete
    3. හරි හරි
      ජයවේ සින්දු!

      Delete
  3. ඉන්නකන් හිනාවෙල ඉදලා පස්සේ අඬන එකනම් අපිට හුරු දෙයක්ද මන්දා බං.
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. පුරුදු දෙයක් තමා දිනේෂ්
      ස්තූතියි
      ජයවේවා!

      Delete
  4. හරිම ලස්සනයි වර්ණ..
    වචනයක් වචනයක් ගානෙ හිතට දැනෙන්න ලියන විදිය හරිම අපූරුයි යාලු..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිදහස්
      ජයවේවා!

      Delete
  5. ලස්සනයි වර්ණේ..

    ReplyDelete
  6. Replies
    1. තුති අතා
      ජයවේවා!

      Delete
  7. වරනේ පාට වෙනස්කොරන්ට එපා අෆ්ෆා...
    කයිය ගති

    ReplyDelete
    Replies
    1. පාටද? නමද?
      තුතියි!

      Delete
  8. ඉන්නකම් හිනා වෙලා ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද වර්ණේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමා කැමයියේ
      ජයවේවා!

      Delete
  9. වෙනදා වගේම ලස්සන කවි පෙලක් මල්ලියා

    ReplyDelete
    Replies
    1. තුති මනෝ අයියා
      ජයවේවා!

      Delete
  10. ඊමේලයක් එව්වා බලන්න

    ReplyDelete