Thursday, January 14, 2016

කඩුපුල සොඳුරැති රුව අඩු වූයෙද


නෙත් සර හීසර විනිවිද නොගියද
සමනල් තටුවක පහසක් නොලදුද
අඳුරට කිසිදින ගතු කිවිවා වෙද
කඩුපුල සොඳුරැති රුව අඩු වූයෙද

මල් අග විසිකුරු කටු රැඳුණේ වුව
බාඳුරා කඳුලැසි මධු පිරුණේ වුව
මල් මධු නාඳුනනා එක් බිඟුවෙකු
මේ ලොව මෙතුවක් ඉගිල ගියා වෙද

සකුණ තුඩින් වැරුහැලි වී විසිරෙන
අසුරු සැණෙන් ගෙඹි මුවකට සිරවුව
සමනල් තටුමත දෙනත් සීරුවට
වර්ණ රටා සිතුවම් නොකරා විද

ක්ෂිතිජ ඉමක මිස කඳු මුදුනක වත්
පොළව සිඹින අහසක් වූවා වෙද
එනමුදු කිසිදින අහසට රහසින්
ගැඹ තුළ මුල් ඇදි බිජුවට වූ යෙද

බෝ මළුවෙක වැලි තල ලබනා බුහුමන්
මහ මග කිසිදින ලැබුයේ වූයෙද
ඒනමුදු පුද දෙන මළුවෙක පමණක්
වැළිතල කිසිවිට රැඳුණේ වූ යෙද

පිපෙනා මලකට බොරලු කැටයකට
උන්ගෙම හැඩයක් උන්ට තිබේ නම්
නුඹෙ හද නුඹ කැටයම් කෙරුවා මිස
නළලේ ඉරණම කවුරු ලියන්නද

ලිව්වේ - සබරෙ ඇනෝ..

23 comments:

  1. //පිපෙනා මලකට බොරලු කැටයකට
    උන්ගෙම හැඩයක් උන්ට තිබේ නම්//

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අපි විතරයි ඉයන් එකම හැඩේකට ඉන්න බලන්නේ....

      තැන්කු ඉයන්

      Delete
  2. නියමයි මලේ... ඊට එහා දෙයක් කියන්න නෑ... සුපිරි...

    ReplyDelete
  3. හිතට වැදුණු ලස්සන කවියක් සබරේ...

    ReplyDelete
    Replies
    1. තැන්කු සිංහයෝ....
      සිංහයොත් කවි කියෝනව එහෙනම්....

      Delete
  4. හරිම සුන්දරයි සබරේ..................

    ReplyDelete
  5. මචෝ මරුයි ඇනෝ..
    මාත් ආවා ඇනෝ..

    ජ ය වේ වා !!!
    -විදානේ-

    ReplyDelete
    Replies
    1. හෑ ඒ මොකෝ උන් හිටි තැන් නැති උනාද

      Delete
  6. සබරෙගෙන් වෙනදා වගේම ලස්සන කවියක්.

    ReplyDelete
  7. best free classified ad service in Sri Lanka >>> http://www.esana.lk

    ReplyDelete
  8. මධු මධූ ගානකොට පොඩ්ඩක් ගැස්සිලා ගියා...ම්හු.
    සබරේ මලයා, පදවල මාත්‍රා පොඩ්ඩක් හැදුවනං එළම තමා.

    ReplyDelete
  9. අඩෝ නියමයි බං. ලස්සනයි.

    ReplyDelete
  10. අති විශිෂ්ටයි...

    ReplyDelete
  11. සුන්දරයි සබරේ

    ජයවේ මිතුරේ!

    ReplyDelete