Monday, January 11, 2016

චූලෝදර මහා උදර...



චූලෝදර මහා උදර දත නියවයි මහ ගෙදරට
ගෙදර බුදුන් නිවනට වැඩි නටබුන් තවමත් මිහිපිට

අගහිඟකම් නැසුවා මිස ගෙදර බෙදා දුන් නැතිකොට
මේ විදියට ඉන්න වුණේ දෙබෑයන්ට වී හරහට
චූලෝදර දුප්පතාලු ගෙදර අයිති ඒ නිසාලු
මහා උදර වැදගතාලු  ගෙදර අයිති ඒ නිසාලු

එකම පතේ බත් කෑවත් පුංචි සංදියේ ඉඳලා
දෙබෑයන්ට නොහැකි වුණා ගන්නට මහ ගෙදර බෙදා
චූලෝදර පොඩි එකාලු ගෙදර අයිති ඒ නිසාලු
මහා උදර ලොකු එකාලු ගෙදර අයිති ඒ නිසාලු


ලිව්වේ - වර්ණකුලසූරිය

26 comments:

  1. අගෙයි.................... ඔය ගෙවල් ඉඩම් බෙදිල්ල නිසා අයියා මලෝ තරහා වෙන අවස්ථා ඒමටයි............

    ReplyDelete
    Replies
    1. තරහ වෙනවනම් මදැයි මරා ගන්න වෙලාවලුත් තියෙනවනේ
      ජයවේ ගී!

      Delete
  2. මුන් දෙන්නා කෙලවරක් නැතිව කෙල ගන්නවා...
    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඉඩමට කෙළ ගත්තට කෙළ වෙන්නේ සහෝදරකමට....
      ජයවේ මහේ!

      Delete
  3. චූලෝදර මහෝදර උදර කපාගෙන මරා ගන්නවා අදකාලේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් මහ උදවිය මියැදිලා හත් දවස ගෙවෙන්නත් කලින්
      ජයවේ මනෝ!

      Delete
  4. මම පවුලේ බාලයා ඒත් මහා උදර කෙනෙක්.. මට මේක හෙන පටලැවිල්ලක්.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. ඇතැම් චූලෝදරලට මහා උදරයක් තියෙනවා
      නිදසුනකට කමියයියා...
      ජයවේ කමී!

      Delete
  5. ගෙදර මැද්දෙන් තාප්පයක් ගහල වෙන්කරලා දුන්නනම් හරි :D

    ReplyDelete
    Replies
    1. ගේ දෙකට කඩලා ඔළුව උඩ තියාගන්න දුන්නනම් හරි
      ජයවේ හංස්!

      Delete
  6. දේපල නොබෙදුනාට ඒ හන්දා සහෝදරකම් නෑදෑකම් නම් බොහොම හොදට බෙදෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දිනේශ්
      ජයවේ දිනේ!

      Delete
  7. Replies
    1. මොකක්ද ලස්සන??

      Delete
    2. තුති සබරේ....
      ජයවේ

      වර්ණ ලස්සනයි කියලා නේද විදානෙ අයියේ කියන්නේ??
      ජයවේ විදානේ!

      Delete
    3. විදානෙ අයියන්ඩි කන්ට තමා ඔය

      Delete
  8. දෙමව්පියො ජීවත්ව ඉන්දැද්දි මේව පිළිවෙලක් කරල දෙන්න ඕන. නැත්තං වෙන්නෙ සහෝදර කම පැත්තක තියල මිනී මරාගන්න එක.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ප්‍රසන්නයියේ එකම පිඟානෙ කෑවත් සහෝදරයෝ මාරයෝ වෙන වෙලාවල් තියෙනවා..
      ජයවේ !

      Delete
  9. එපාකරපු මාතෘකාවක්..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ජයවේ විදානේ අයියා!

      Delete
  10. ඕක කවදාවත් කෙලවර වෙන ගහගැනිල්ලක් නෙවෙයි.. ඕක වැඩි වෙනවා දෙන්නම ගෑනු ගත්ත දවසට...

    ReplyDelete
    Replies
    1. දෙයියො දැක්කා වගේ කැමා අයියා..
      ගෑනු ගත්තාම තමා ඔහොම වෙන්නේ
      ජයවේ!

      Delete
  11. අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිනි ඇවිලුන කැණී මඩලට අපේ නිවසේ

    ReplyDelete
    Replies
    1. ලස්සන ගීතයක්..
      මේකත් ඒ ළඟින් යනවා නේද?
      ජයවේ සොමියා!

      Delete