Monday, January 4, 2016

මං ඇරුණම පෙම් කරන්න එපා කාටවත්..


එපා මලටවත්
එපා සඳටවත්
මං ඇරුණම පෙම් කරන්න
එපා කාටවත්

පෙම් කවියන් ලියනා පෙම්පත්
දටු දුටුවන් කරනා මන්මත්
මලේ රුවැති මල්ලිකාටවත්
මං ඇරුණම පෙම් කරන්න
එපා කාටවත්

සලෙලු ලියන් ලිහනා සලු ගත්
දටු දුටුවන් බඳිනා හදවත්
සඳේ රුවැති සඳලතාටවත්
මං ඇරුණම පෙම් කරන්න
එපා කාටවත්
ලිව්වේ - වර්ණකුලසූරිය

38 comments:

  1. Replies
    1. වගේ නෙමේ ඩ්‍රැකී එක
      ජයවේ ඩ්‍රැකී!

      Delete
  2. ආත්මාර්ථකාමී ප්‍රේමය... :-)

    ReplyDelete
    Replies
    1. බොහෝ ප්‍රේමයෝ ආත්මාර්ථකාමී වෙති!
      යළිත් ජයවේ ඩ්‍රැකී!

      Delete
  3. හඳ හා මල්.. හරියට විශ්වයේ තියෙන නියුට්‍රෝනයක් වගෙයි..

    ReplyDelete
    Replies
    1. හඳයි මලුයි ගොඩක් ගී වල තියෙනවා නේද?
      ජයවේ දේශක!

      Delete
  4. ඔයා ඇරුණම පෙම් කරන්නෑ කාටවත්..
    ලස්සන වර්ණ.
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ඔය කීවට මට සැකයි
      ජයවේ අසෙනි!

      Delete
  5. Replies
    1. ස්තූතියි
      ජයවේ නිරෝ!

      Delete
  6. දුටු දුටුවන් විදිහට වෙනස් විය යුතු කොටසක් දැක්කා..... අගෙයි නිර්මාණය..... සුපිරියි

    ReplyDelete
    Replies
    1. දුටුදුටුවන් දුටු දුටුවන් වෙන්න නේද?
      ස්තූතියි ගී පවුර
      ජයවේවා!

      Delete
  7. තනිකර ආත්මාර්ථකාමී අදහසක්. හැක්...
    නියමයි.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් හෙට එන්නම් කියන්නැතිව කොමන්ට් කරලා
      ප්‍රේමය ගොඩක් වෙලාවට ඔහොම තමයි
      ජයවේ ප්‍රසන්නයියා!

      Delete
  8. එබ ඇයි .... තහනම්ද ..?

    ReplyDelete
    Replies
    1. තහනමක් වෙන්නත් පුළුවන් නැත්තම් ආදරණීය ඉල්ලීමක් වෙන්නත් පුළුවන්
      ජයවේ නිහිංසා!

      Delete
  9. කොහොම ඉටුකරන්නද
    ඔය ඉල්ලීම දන්නේ නෑ
    මගෙ හිත බැඳ වැට කඩුලු
    බඳින්නට මටවත් බෑ

    ReplyDelete
    Replies
    1. ආදරය හරි ආත්මාර්ථකාමීයි ඉයන් ආතෙ
      ජයවේ ඉයන්!

      Delete
  10. මදැයි කොලා ඔයිට හොදා ලිදේ පනිනවා...
    ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. ළිඳේ?? ඇයි පනින්නකො ගඟේ
      ජයවේ සබරේ!

      Delete
  11. සෙල්ෆිෂ් ලව්! හැක්! (අපි ඕවට නෑ...අපිට ඕව බෑ...)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මධු මාමලාට දැන් ඕ වගේ බොළඳ පෙම් කතා හරියන්නෙ නෑ තමා
      ජයවේ මධූ!

      Delete
  12. බොට ඇරුනාම කාටවත් පෙම් කොරන්නේ නැහැ කියපු එවුන් කී දෙන්නම් හිටියද..හැක් ...හැක් ...
    මේ කවියට මම දාන නම තමයි "අනියමාර්ථයේ අසම්භාව්‍යක් කවිය "

    ReplyDelete
    Replies
    1. ඒ නම නියමෙට ගැළපෙනවා තමයි අ.කා..
      ජයවේ අ.කා..!

      Delete
  13. ආත්මාර්තකාමීත්වය කියන්නේ ඔන්න ඕකට.

    ReplyDelete
    Replies
    1. ආදරේ කොහොමත් ආත්මාර්ථකාමීයි නේද දිනේෂයෝ
      ජයවේ දිනේ!

      Delete
  14. බොරු කතාවක් නෙ බං
    මම බොට විතරයි කියපු උං මම තවම දැක ල නෑ එහෙම කියපු හැම එකාම ස්පෙයා වීල් රන් කරනව
    නමට සාහිත්‍යට විතරක් හොදයි
    කවිය නං පට්ටයි හැබැයි

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් නැත්තෙමත් නෑ මහේෂයෝ..
      ඒත් පොදු බහුතරය බොරුවක්
      ජයවේ අවන්හලයෝ!

      Delete
  15. ඔහොම කියන එවුන්ට ඔය කියපුවා මතක වැඩිම වුනොත් මාස දෙකයි බං....

    ReplyDelete
    Replies
    1. ඔවු කටුස්සයියේ හැමදාමත් ජීවිතෙන්ම ආදරෙයි කියපු අයත් දාලා යනවා....
      ජයවේ කසුට්ටයියා!

      Delete
  16. උබටද මටද...
    මටද උබටද...

    ReplyDelete
    Replies
    1. උඹටත් නෙමේ මටත් නෙමේ...
      ජයවේ මහේෂයෝ!

      Delete
  17. මේක හරි අසාදාරණ කතාවක්...

    ReplyDelete
    Replies
    1. අතා කියන්නේ මට ඇරුණාම තවත් අයට ආදරේ කරන්න කියලාද???
      ජයවේ අතා!

      Delete
  18. සත් දෙවියනේ..
    හිත කියවන්න එපා යකෝ..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ජයවේවා විදානේ අයියණ්ඩි
      විදානේ අයියා ගැන ලියූ කවකුත් ළඟදිම දාන්නයි ඉන්නේ...

      Delete
  19. ඇත්තටම අපි හැමෝම ඔය අදහසේ තමයි ඉන්නේ වර්ණ මලේ.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමම ලැබෙනව නම්...
      ජයවේ සුරංගයියා!

      Delete