Sunday, December 6, 2015

මට කලින් පිපි මලක් වේ..



මලක් වේ
මට කලින් පිපි මලක් වේ

සිතක් වේ

ඒ මලට මට සිතක් වේ



නුරා සපිරුණු සිහිනයක් නොව

ප්‍රේමයක් පමණයි
සම්මතය බිඳ ලියන්නට සිතෙනා
පෙම් කවක් පමණයි

හදේ ඉපැදුණු රාගයක් නොව
ආලයක් පමණයි
ලොවින් සැඟවී අඳින්නට සිතෙනා
සිතුවමක් පමණයි

ලිව්වේ - වර්ණකුලසූරිය

38 comments:

  1. අම්මෝ වයසින් වැඩි මලක් නේද මේ..... ආදරය කියන්නේ ඕකට තමා වර්ණ .....

    ReplyDelete
    Replies
    1. ආදරයට වයස බාධාවක් වේ/ නොවේ
      ජයවේ නිහිංසා!

      Delete
  2. නියමයි !! හොඳම එකක්

    ReplyDelete
    Replies
    1. තුති ඉයනයෝ
      හැමදාමත් එක්වීම ශක්තියක්
      ජයවේ ඉයන්!

      Delete
  3. එළ එළ ... අක්ක ප්‍රේමයේත් අමුතු ගතියක් තියනවා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සජ්ජා ඒක විඳලා තියෙනවා...
      තුති සජ්ජෝ
      ජයවේ!

      Delete
  4. වර්ණ මලයගෙන් තවත් ලස්සන අලුත් පබැදුමක්..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හැමදාමත් එකතු වෙලා
      දිරි දෙනවට තුති මනෝ
      ජයවේ මනෝ!

      Delete
  5. Replies
    1. අත්දැකීමක් නෙමේ කස්සෝ
      මේ හිතළුවක් විතරයි
      ජයවේ කස්!

      Delete
  6. ගුටි නොකා ඕන දෙයක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට ගුටි තමා
      ජයවේ දිනේෂ්!

      Delete
  7. මම නම් මොකුත් කියන්නෙම නෑමයි...

    ලස්සනයි වර්න...... අසම්මත..සම්මතය...

    ReplyDelete
    Replies
    1. තුති මිත්‍රයෝ
      සුන්දර අසම්මතය
      ජයවේ සබරේ!

      Delete
  8. කලින් පිපුණු මලකට පෙම් කරන්න බැහැයි කියල පොඩි සිනියෝරිටි ප්‍රශ්නයක් තියෙනවා නේද සමාජේ.. හැක හැක.. මම නම් එහෙම බැරියර් සලකන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමියට මේ ගීය මගෙන් තෑග්ගක්
      ජයවේ කල්‍යාණ මිත්‍ර!

      Delete
  9. අඩෝ දාහන් මේකට තනුවක්!! එකෙන්ම පට්ට සින්දුවක් කරතැකි!
    සුපිරි ආ!

    ReplyDelete
    Replies
    1. මම තනු දාන්න දන්නෙ නෑ රූපෙ
      කවුරු හරි ඉන්නව නම් කියහන්
      ජයවේ රූපේ!

      Delete
  10. ෆුල් ඔප්ෂන් පැකේජ් එකක් වෙන්න පුළුවනි. පරෙස්සමෙන්..

    වීලුවට හොඳේ.. පද ටික වෙනද වගේම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයිනේ....
      තුති අ.කා.
      ජයවේ!

      Delete
  11. අක්කෙක් සෙට් වීම යනු කොල්ලාට හෙන ලොකු එකකි. ඇත්තටම ඒකෙ තියෙනවා අමුතු ගතියක්! ඒකත් ටික ටික පැටර්න් එකක් වීගෙන යනවාද කොහෙද?
    මලයා, වෙනස් මාතෘකාවක්! එළකිරි තමා.

    ReplyDelete
    Replies
    1. මදුවා කීවනෙ වෙනස් ඒවා දාන්න කියලා
      වෙනස සැපද?
      ජයවේ මදූ

      Delete
  12. Replies
    1. එළ එළ
      ජයවෙ මෙන්ඩෝ!

      Delete
  13. Replies
    1. ස්තූතියි ප්‍රියන්ති
      ජයවේවා!

      Delete
  14. අපුරැයි වර්ණයෝ

    ReplyDelete
  15. සුන්දරයි වර්ණයෝ...............

    විවිධ හැඩ ගන්නා උඹේ නිර්මාණ හරිම අලංකාරයි...

    ReplyDelete
  16. සුන්දරයි. ගොඩක් ලස්සනයි. තවත් ලස්සන නිර්මාණ කරන්න වර්ණ.
    ජයවේවා...!

    ReplyDelete
  17. Replies
    1. වර්න මේන් කවිය උඩුවා කාලා

      Delete
    2. වර්න මේන් කවිය උඩුවා කාලා

      Delete
    3. ඇත්තටම කවි තියෙන්නේ කාලා රස බලන්න සබරේ....

      Delete