Monday, December 28, 2015

ජන කවිය කොහිද නුඹ සැඟවුණේ


ජන කවිය කොහිද නුඹ සැඟවුණේ
අතීතය සිංහලේ හඬ රැගත් අභිමානයේ
ජන කවිය කොහිද නුඹ සැඟවුණේ

අහිසංක ගැමි හදක විඩාවත් පාළුවත්
කියන්නට ඉපදුණේ
දයාබර පෙම් සිතක ප්‍රේමයත් විරහවත්
ගයන්නට බිහිවුණේ

රෑ පැලක බැඳි ගැලක බඹර කපනා තැනක
නොවෙද නුඹ ඉපදුණේ
පාරුවක පතලකද හේනකද කුඹුරකද
කොහිද නුඹ සැඟවුණේ

ලිව්වේ - වර්ණකුලසූරිය

22 comments:

  1. සුන්දරයි වර්ණ................

    ඒදා තිබුණා ඒ නිර්මාණයන්ට හොද වේදිකාවක්..... ඒත් අද නැහැ.... අද ඒදා වගේ හේන් නැහැ... ඒ නිසා පැල් රකින්නට තනියම නිදිමරන්නැහැ..... ඒ නිසා ම ඒ නිර්මාණශීලීත්වයත් නැහැ...... දරුවාේ ඩේ කෙයා දාලා ගිහින් දෙමාපියන් වැඩට ගිහිල්ලා ඒන ගමන් රයිස් දෙකක්වත් ගෙනැල්ලා බඩ පැලෙන්න කාලා නිදාගන්නවා..... කෝ කවි කියන්න වෙලාවක්..... කෝ කවි හිතන්න තරම් නිදහසක්.... කෝ කවි උපදින්න තරම් සුන්දර විදවීමක්.......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්
      ස්තූතියි කුරුටුවෝ...

      Delete
  2. හෙට එන්නං වර්ණෙ කියවන්න.

    ReplyDelete
    Replies
    1. කවදාද ඒ හෙට උදාවෙන්නේ??
      ජයවේ ප්‍රසා!

      Delete
  3. රයිස් කාලා පැල් කවි කියන්ට බෑ. රෙගේ කියමු

    ReplyDelete
    Replies
    1. කුරුටුට දාපු කොමෙන්ටුව මෙතන වැටිලා.

      මට හිතෙන විදියට ජන කවිය අබිමානයේ ගීය නෙවී වර්න වේදනාවේ ගීය.
      හැමදාම වගේ වර්න ගේ කවි සංකල්පනාව සුන්දරයි

      Delete
    2. කුරුටුට දාපු කොමෙන්ටුව මෙතන වැටිලා.

      මට හිතෙන විදියට ජන කවිය අබිමානයේ ගීය නෙවී වර්න වේදනාවේ ගීය.
      හැමදාම වගේ වර්න ගේ කවි සංකල්පනාව සුන්දරයි

      Delete
    3. ඇද්මින් නේද? වැරදිලා වැටුනනම් අයින් කරන්න..
      ස්තූතියි මිත්‍ර!

      Delete
  4. දැන් ජන කවි තියෙන්නේ පොත් පත් වල විතරයි මචෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ජනකවි කියන්න තරම් නිදහස් ජීවිතයක් අපට නෑ
      ජයවේ දිනේ!

      Delete
  5. මේවා සංරක්ෂණය කරන්න වෙනවා. ඒ් වගේම නව සංගීත ක්‍රමවලට යන්නත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. පැරණි දේ අලුත් සමාජයට ගැළපෙන ලෙසින් හානි නොකර ගෙන ආ යුතුයි
      ජයවේ මදු!

      Delete
  6. සාම්ප්‍රධායිකත්වයෙන් මිදී ධනවාදී වටපිටාවක් තුළ සංකීර්ණ වන්නා වූ සමාජයක ජන ජීවිතය විප්‍රකාරී වන බැවින් එදිනෙදා ජන ජීවිතයට ඉඩක් නැති නිසාද සෑම සරල දේම සංකීර්ණ වෙමින් පවතින නිසාද පෙර සමාජයේ වටිනාකම් අගනාකම් හැලී යාම අරුමයක් නොවේ... එසේම කාලයක් ගත වන විට ඒ සියල්ල සමාජයෙන් වියුක්ත වේ.. සංස්කෘතියකට සියල්ල දරාගෙන වර්ධනය විය නොහැක...

    අපූරු කවි සිතුවිල්ලක් වර්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්
      ජන කවිය අපි පුළුවන් තරම් රැගෙන යා යුතුයි

      Delete
  7. ජනකවිය බිහිවුනේ ඊට අනුගත ජන පැවැත්ම එක්කමයි. ජනකවිය හොයන්න කලින් ඒ ජන පැවැත්ම හොයා ගන්න වෙනවා.. අවාසනාවට ලෝකය ආපස්සට කැරකෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කව ටික කාලයක් යනකොට ජන කවි නැතිවෙලාම යයි
      ජයවේ කමි!

      Delete
  8. ඉස්සර කාලෙ මිනිස්සු ජන කවි කීවෙ පාලුව තනිකම මඟහරව ගන්න. එත් දැන් මිනිස්සුන්ට පාලුවක් දැනෙන්නවත් වෙලාවක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. පාලු නම් දැනෙනවා ඒ වගේ සුන්දර හුදකලා පාළුවක් දැනෙන්නේ නෑ..
      ජයවේ අතා!

      Delete
  9. ජනකවි ....????? මක්කයි බන් ජනකවි කියන්නේ...
    ජනකවි තියා දැන් පැල් කවිවත් දන්නේ නැහැ බන් ගමේ ගොඩේ මනුස්සයෙක්වත් ..දැන් හේනේ පැලේ ඉඳන් ගොයියෝ හිරු එෆ් එම් එකට කෝල් කරලයි සින්දු ඉල්ලන්නේ බන්..
    අවාසනාවට ඇත්ත කතාවක්..... හැක් ...හැක් ...
    අපිව වල් බිහිවෙලා සංස්කෘතිය පුරන් වෙලා බන්.. හේන් කියල පැල් රකිනවානම් දැන් රකින්න තියෙන්නේ ගංජ හේන් විතරයි මචෝ...එව්වා ඉතින් ප්‍රසිද්දියේ කවි කියකියා රකින්න බෑ නෙව ..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචන්
      ජයවේ අකා!

      Delete
    2. සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා!!!!

      Delete
  10. මැක්සා වර්ණ............
    ජයවේවා....!

    ReplyDelete