Tuesday, December 22, 2015

පිපෙන මල් මත සිනා තවරන කිරි සිනා මල් අද පිපී නෑ


පාළු අහසට නෙත් අයා හිඳ
දුකින් සුසුමන් හෙළන්නේ
පිනි කඳුලු බිඳුවක් හෙළන්නේ
අඹ ගහේ ඇයි මට කියන්නේ

පුංචි පැන්චෙක් අඹ මුලක පැටලී
ඇද වැටී බෑඟිරි ගැසූවයි
ඒ ඉකිය තවමත් හදවතේ මගේ
කදුළු සැලුණේ ඒ නිසයි

ජම්බු රඹුටන් වෙරළු ඉදිලා
කඩන්නට කවුරුත්ම නෑ
බටිච්චන් රැළ ඉගිල ආවත්
කිචිබිචිය අද ඇහෙන්නෑ

ලේන පැටියට මගේ බටිච්චට
කියා බත් දුන් පොඩි පැටවු
නැතුව පළ වැල කන්ට හිත නෑ
ගී අහන්නට කවුරුත්ම නෑ

පිටිටනිය  කෙලවර තණ පළස මත
නුපුරුදුම දසුනක අසිරියක්
සිත්ලෙසේ නිදිකුම් මලින් අද
රෝස පැහැ මල් වට්ටියක්

ළපටි පා පොඩි රිදන්නට බැහැ
නපුරු කටු සියොළඟ පුරා
හිරි අරින්නේ දැනුයි අතුඉති
පොඩි පැටවු පැමිණෙන තුරා

ඉද්ද වතුසුදු පිපෙනවා මුත්
දෙවට පාළුව මැකී නෑ
පිපුණ මල් ඔහෙ සැලෙනවා මුත්
මල් සිනාසෙනු මට පෙනෙන්නෑ

ඉද්ද වතුසුදු පිපී වැනුනට
දෙවට පාළුව මැකෙන්නෑ
පිපෙන මල් මත සිනා තවරන
කිරි සිනා මල් අද පිපී නෑ




ලිව්වේ - සබරෙ ඇනෝ...

26 comments:

  1. පුංචි කාලෙ යාළුවො එක්ක තරඟෙට පලතුරුගස් සුද්ධ කරල කෑව හැටි මතක් උනා.ඉස්සර තිබ්බ පලතුරු ගස් අද එතන නැහැ.ගිය කාලය ආයේ එන්නේ නැති එක ගැන දුකයි.ලස්සන සුන්දර මතක ගොඩක් අතීතයට ගිහින් ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔවු හංසි අතීත මතක සුන්දරයි

      Delete
  2. ලැප් එකේ ලැග ගේම් ගැහුවට
    විසි හතර පැය පංති යනකොට
    පරිසරය යැයි දෙයක් ඇති යැයි
    කෙලෙස වැටහෙද අපේ ළමයිට

    ReplyDelete
    Replies
    1. සිරාවට... ලේනෝ ලේනෝ මේ දත අරගෙන කතන්දරත් නෑ... සුද්දො ටූත් ෆේරි ගැන ඉගැන්නුවට උන්ගෙ පොඩි එවුන්ට.. අපේ පොඩි එවුන් සංකීර්ණ කරල...

      Delete
    2. අපේ පොඩ්ඩන්ට ගේම් ප්ලේ කරනව ඇරෙන්න වෙන වැඩක් කොයින්ද අයියේ..

      Delete
  3. කාලෙකට කලිං වෙච්ච දේවල් ඔක්කම වගේ චිත්තරපටියක් වගේ හිතේ හොල්මං කලා මේක කියවලා
    පට්ට රහයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු මහේෂ්.. අපිට නම් පොඩි කාලයක් තිබුනා ලාවට හරි දැන් පොඩ්ඩෝ නෑනේ

      Delete
  4. ඉස්කෝලේ නිවාඩු නෙහ්.. කොච්චර උනත් නිවාඩු කාලෙට ඉස්කොලෙටත් පාළු ඇති.. :(

    ReplyDelete
    Replies
    1. කමියයියා තමා හරියටම අල්ලා ගත්තේ. මං ලිවුවේ ඉස්කොලයක් ගැන අයියේ. මන් හැමදාම බස් එකට නගිනනේ ප්‍රයිමරි ස්කූල් එකක් ළගින් මං යන බස් එක ගියාද නැද්ද කියල බලන්නෙත් ඒ පොඩ්ඩෝ. බස් එක කලින් ගියොත් එහෙම මට කියනවා මම එනකොට බස්එක එනව දැකිකොත් එහෙම මට අත් වනනවා.. මේ දවස් ටිකේ එයාලා නැතුව හරිම පාළුයි. ඒකයි මේ කවිය ලිව්වේ. මුළු ඉස්කොලෙම පාළුයි පොඩ්ඩන්ගේ සද්දේ නැතුව.

      Delete
    2. දැන්නම් ෂුවර් කමියයියා මිලිටරි ඉන්ටලිජන්ස්ම තමා

      Delete
  5. වැල් මී වැල් හිඹුටු වීර
    වැව් ඉවුරෙන් ඇස නොගැසේ
    නුඹ කොතැනේ මා කොතැනේ
    ගම කොතැනේ කියනු මැනේ...
    ගඟේ ඉහළ රිදී දියේ
    නුඹගේ බඳ තෙමී තෙමී
    හැමූ සුවඳ ගඟේ පහළ
    ඇලේ දොළේ ඉස්මතු වී
    රටින් පුයර නො ගෑ මුවේ
    හඳුන් කැටේ පිරිමැදුනේ
    ඒ රස යුවතිය ම නොවෙද
    රට හැර දා නොරට ගියේ...
    පැල් කවියේ රස තවමත්
    බුලතේ රස සමඟ නොයේ
    පන්සල් බිම ගඳකිළියේ
    ඒ නාමල් සුවඳ නොදේ
    උළු තියලා හදා මොටද
    අපෙ පොල් අතු ඉස්කෝලේ
    ගමේ සුවඳ ගමට හොරෙන්
    ඇයි දුරු රට අරං ගියේ...
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
    ගායනය : එඩ්වඩ් ජයකොඩි

    ReplyDelete
    Replies
    1. තැන්කු සින්දු


      උළු තියලා හදා මොටද
      අපෙ පොල් අතු ඉස්කෝලේ

      Delete
  6. සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
    දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
    ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
    මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

    උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
    කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
    වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
    මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

    දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
    මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
    මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
    ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

    ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය හා ගායනය - නන්දා මාලිනී.

    ReplyDelete
    Replies
    1. තැන්කු මනෝෂ්
      ලස්සන සින්දුවක්

      Delete
  7. නියමයි සබරේ
    මේ වගේ නිමැවුම් අපේ බ්ලොගයේ අගය වැඩි කරනවා
    දිගටම ලියන්න
    ජයවේ සබරේ.!

    ReplyDelete
  8. පිටිටනිය කෙලවර තණ පළස මත
    නුපුරුදුම දසුනක අසිරියක්
    සිත්ලෙසේ නිදිකුම් මලින් අද
    රෝස පැහැ මල් වට්ටියක්.......

    This is my favourite part... really nice poem....

    ReplyDelete
  9. අගෙයි සබරේ................

    පොඩි උන් නැතුව පාලුවට ගිය පිට්ටනිය ඔබට අගේ අැති කවි සිතුවිලි මවලා...... කවි හිතක් හැම වෙලාවෙම සුන්දර දසුන් දකිනවා කියන්නේ අැත්ත තමයි නේද?????? නිර්මාණය හරිම සුපිරියි...

    මං නං ඉඹේට ම මතක් වුණේ මිල්ටන් මල්ලවඅාරච්චිගේ සින්දුවක්....... කැලේ පැන්න මං වගේ ම පුංචි සංදියේ දග කලාට කුරුල්ලන්ට හරිම අාදරෙයි...... ඒක තමා සින්දුව..... සින්දුවා අඩුව පිරිමහයි.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩො හරි සුන්දරයි කුරුටු ඉතින් ලියවෙන කවිත් සුන්දරයි

      Delete
  10. ලස්සනයි මචන්
    සුබ නත්තලක්...

    ReplyDelete
  11. ගොඩක් ලස්සනයි සබරේ ඇනෝ....
    ජයවේවා...!

    ReplyDelete