Thursday, December 17, 2015

සඳ සඳැස ගයන ගඟනේ....



සඳ සඳැස ගයන ගඟනේ
තනු රැගෙන හමන පවනේ
පිනි වැදී දියව යන
මාලතී තටුව ළඟ
බඹරෙක්ය කණා මැදිරියේ

මතැත් බීරි දෙසවන්
ගෑ වීණා නෑසේ නම්
නවතන්න ඉතින් හැඬුමන්
සතුට කාසියේ වරුවක් නම්

සඳත් අහස නැති නම්
තරු එළියක් සෑහේ නම්
නොහෙලන්න තවත් සුසුමන්
සතුට කාසියේ වරුවක් නම්

ලිව්වේ - වර්ණකුලසූරිය

50 comments:

  1. ...//සඳත් අහස නැති නම්
    තරු එළියක් සෑහේ නම්//....

    අප්පච්චියේ වර්ණ මලයා ලද දෙයින් සතුටු වෙන්න හිතලා වගේ...

    ReplyDelete
    Replies
    1. නොලද දෙයින් සතුටු වෙන්න ගියාම ප්‍රශ්න ගොඩයි මනෝ අයියේ...
      ජයවේ මනෝ!

      Delete
  2. තරුපති නොමැති අහසේ
    තරුපෙති ඇසිපිය සලයි සතොසේ...
    තරුපති පැමිණි විගසේ
    තරුපෙති මිලින විණිද නොහැගේ..

    ReplyDelete
    Replies
    1. කවි කොමෙන්ට් එක නම් ගති ඩිලෝ..
      ජයවේ ඩිලෝ!

      Delete
  3. මිථුන රාශියේ තරුවක් නම්....' අනේ .... කවිය ලස්සනයි
    ඉස්සර කවි අල හිටියේ සිකුරුයි, බ්‍රහස්පතියි විතරයි .....

    ReplyDelete
    Replies
    1. තුති නිහිංසා..
      කවි අල කියන්නේ අලුත් අල ජාතියක්ද? හික්ස්
      ජයවේ නිහිංසා!

      Delete
    2. සොරි වර්ණ ... කවි වල ... ඔහොමයි කියන්න ඕන ...

      Delete
    3. විහිලුවට කිව්වෙ නිහිංසෝ
      ජයවේවා!

      Delete
  4. ගීතයකට ගැළපෙනවා..

    ReplyDelete
    Replies
    1. ගී ආරට හිතාගෙන තමයි වැසි ලිව්වේ..
      පිළිගන්නවා සාදරයෙන්
      ජයවේ වැසි දැරිය!

      Delete
  5. //මිථුන රාශියේ තරුවක් නම්// මෙහෙම කියන්න විශේෂම හේතුවක් නැත්නම්.. ඒ ටිකෙන් කවියේ සුන්දරත්වයට අඩුවක් කරගෙන..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කමියෝ වෙනස් කළා..

      Delete
    2. ස්තූතියි
      ජයවේවා

      Delete
    3. මිථුන රාශිය කියන එක මට නං අල්ලලා ගියා බොලව්. මෛථුන්‍යය හෙවත් අහවල් වැඩේ කවියේ ප්‍රස්තුතයට ගැළපෙනවා නේද?

      Delete
    4. අර්ථානුකූලව නම් හොඳයි ඩිලෝ.. ඒත් ගීතාත්මකව අවුලක් වගේ දැනෙනවා.. කමක් නෑ දෙකේ දෙකම තියනවානේ.. කවිය ගීයක් වුණොත් වැඩිදෙනාගෙ කැමැත්ත මත ඒ පේළිය වෙනස් කරනවා..
      ස්තූතියි දිලෝ්‍
      ජයවේවා!

      Delete
  6. ලස්සනයි මචන්...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තුති මහේෂ්!
      ජයවේවා!

      Delete
  7. වර්ණ රූපයේ තියෙන කවියේ අන්තිම පද පේළිය පල්ලෙහායින් තියෙන ඒකට අැවිත් නැහැනේ....

    නිර්මාණයනං වෙනදා වගේ ම පට්ටයි මචං......... සුපිරියි....

    ReplyDelete
    Replies
    1. ඒක කලින් තිබුණා කමියයියා කීව ඒකෙන් සුන්දර බව අඩු වෙනවා කියලා.. මටත් හිතුණා මිථුන රාශිය කීවම ගීතමය ගතිය නැතිවෙනවා කියලා. ඒකයි වෙනස් කළේ.. ඒත් රූපෙ වෙනස් කරන්න බෑනේ.. දැන් ඉතින් දෙකම තියෙනවා..
      ස්තූතියි කුරුටු...
      ජයවේවා!

      Delete
  8. හෙට එඤ්ඤං කියවන්න.

    ReplyDelete
    Replies
    1. හා එහෙනම්...
      ජයවේ ප්‍රසා!

      Delete
    2. අනේ පුසන්න අයියා විනාඩි දෙකක් ඉදල කියෝලා පල

      Delete
    3. ඒකනෙ මහලොකු දෙයක් ලියලා නෑනේ!

      Delete
  9. කළාමැදිරිය මගේ ඇඳිරිය
    මකා ලන්නට ඔබට හැකි නම්
    ඇගේ කුටියට වහා පියඹා
    කියනු මැන මෙහි හිඳින බව මම්...
    කළාමැදිරිය මගේ ඇඳිරිය
    මකා ලන්නට ඔබට හැකි නම්...


    සඳත් මට නෑ ඉරත් නැත රෑ
    අඳුර මගෙ නෙත් වසා ළතවෙයි...//
    ලියූ ගීතය ගයන්නට බැරි 
    විලස ඉඳහිට දෙතොල ගොත වෙයි...

    ඔබෙත් මතකය මගෙත් මතකය
    අතර හිස් බව මැකී යේවා...//
    මනෝ ලෝකය මවන සිතුවිළි
    ඉදිරි දවසක සැබෑ වේවා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
    ගායනය : ජේ. ඒ. රොම්ලස් පෙරේරා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දු
      ජයවේවා!

      Delete
  10. ලස්සනයි වර්ණ..
    මාලතී තටුව ළඟ කියන එකේ තේරුම මොකද්ද වර්ණ. ඒක නෙවී අර හදපු ඔයාගේ සින්දු ටිකත් දාන්නකො

    ReplyDelete
    Replies
    1. මාලතී තටුව කිවුවෙ මාලතී මල් පෙත්තට.. ඒ කිව්වෙ පතිනියට..

      Delete
  11. නියමයි වර්නෙ.

    කවිය එලද බ්‍රා. (මෙන්ඩා වෙනුවට)

    ReplyDelete
  12. Replies
    1. දෙමල ණ විතරක් නම් මදෑ. දැන් හින්දි මොකද්දෝ එකකුත් ඇවිත් වගේ

      Delete
    2. මට හිතෙන්නේ මධුවට කයිය තේරිලා නෑ.. ඒකයි තේරෙන්නේ නැති කොමෙන්ටුවක් දාල තියෙන්නේ..

      Delete
  13. Replies
    1. පිළිගනිමු
      තුති තාරකා
      ජයවේවා!

      Delete
  14. මල මගුලයි..
    කුරොලු වෙච්ච හිතට මෙව්වා පත්තියං වෙනවා හොරයි..

    හීං හැරේ තේරුං ගන්න බලංනං
    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මිනිහ පිට යන ගෑනියෙක්ගෙ හිත හදන්න ලීව එකක් විදානයියේ..
      ජයවේ විදානයියා!

      Delete
  15. වර්ණ කුලකය මට අඳුරගන්නත් බැරිඋනා වෙනස් වෙලා වගේ මම කාලෙකින්නෙ ආවේ ඒකයි තැනින් තැන අහම්බෙන් උනත් මුල ඉඳලම වර්ණලගේ කවි කියෙව්ව අද වෙද්දී මම ඔයාලගේ කවිවල ලොකු දියුණුවක් දකිනව අවංකවම සතුටුයි ඒ ගැන :)

    ReplyDelete
    Replies
    1. හංසි මුල ඉඳන්ම අපිට සහාය දුන්නනෙ.. සින්ඩිවලට දාන ඒව ගැන, ෆාලෝ බටන් ගැන හංසිනෙ අපිට කිවුවේ..
      පුළුවන් හැමවෙලාවෙම එමු..
      ජයවේ හංසි!

      Delete
  16. ඔයාගේ කවිත්වය දවසින් දවස ඔපවැටෙනවා සහෝ.. සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. තුති සහෝ..
      ජයවේ අ.කා.!

      Delete
  17. මොකෝ වර්න වටේට කැරකෙන්නෙ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ප්‍රොෆයිල් එකක් හැදුවා. එකෙ වැටෙන්නෙ මෙහෙමනෙ. වෙනකක් දානවා

      Delete
  18. අපූරුයි පදවැල !

    ReplyDelete
  19. අපූරුයි පදවැල !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතූ
      ජයවේවා!

      Delete
  20. අපූරු කවියක්.
    ජයවේවා... වර්ණ

    ReplyDelete