Monday, December 14, 2015

කිරි සිනා මලෙක සුවද දැනුනා

කිරි සිනා මලෙක  සුවද දැනුනා

ආදරණීය  බ්ලොග් සහෝදරත්වයට.
දැනටමත් ඔයාලා හැමෝම දන්න නොදන්නා පුංචි පුංචි කරුනුත් ගොඩක් තියෙන ලස්සනම ලස්සන දවසක මතකයන්


කුරුටු ගැ ගී පවුරේ - කුරුටුටෝ හැමෝම.
මාධුමාධවී හි  - අපේ මධාවි අයියණ්ඩි.
විදානෙගේ මළදානේ හී - විදානේ අයියණ්ඩි / හාමිනාත්
අපේ දෙමළ ණ යන්න - ප්‍රසන්න අයියණ්ඩිත්
නෙළුම් යායේ අජිත් අය්යණ්ඩිත්
වර්ණ කුලකයේ - සබරේ ඇනෝ (මේක කුරුටු ගාන මම)


අපි හැමෝම එකතු වෙලා කරපු පුංචිම පුංචි වැඩසටහනක ලස්සනම ලස්සන මතකයන්. මම වැඩියෙ මක්කවත් කියන්නැතෝ කට්ටිය ලස්සනට පත්තරේ විස්තරේ දායි ඔන්න .


(තුෂාර අයියා එවපු ෆොටෝ මගේ මේල් එකේ මොකක් හරි අවුලක් හින්ද පෙන්නන්නැතෝ. මේකත් මේ මධාවි අයියණ්ඩිගෙන් හොරෙන් උස්සලා මෙතනට දැමිමේ.)
(තුෂාර අයියා සහ විදානේ අයියන්ඩිට විශේෂ ස්තුතියක් දෙන්න ඕනි. මොකද මේ වැඩසටහනේ වැඩි බරක් ඇද්දේ ඒ සහෝදරයන් දෙදෙනා වන නිසා.)



ලිව්වේ - සබරේ ඇනෝ (මිත්‍ර වර්ණ)

56 comments:

  1. හැංගි හැඟී වෙස් බැන්දට නටන්න වෙනවා දවසක් එලියේත්.. :p

    වැඩේ නම් අති සුපිරි.. තව තවත් 'හොඳ වැඩ' කරන්න ශක්තිය හා හැකියාව ලැබේවා! :)

    ReplyDelete
    Replies
    1. සබරේ................ කමියා දන්නවැයි........??????? (හොරෙන් අහන්නේ... අනික් උන්ට අැහෙයි කියලා....)

      Delete
    2. කමියයියා තරහින් නෙව ඉන්න. අපි හොරෙන් මේ වැඩේ කොලා කියලා ඒකනේ ඔය කියලා තියන්නේ. අනික එයා මිලිටරි ඉන්ටලිජන්ස්ලුනේ කුරුටු මේවා ඉතින් ගෙසින් තමා

      Delete
    3. ගෙසින් නෙවෙයි.. ඇනලයිසින්.. :) මොනවද දැන ගන්න ඕනි විස්තර තමුන්ලා ගැන? හැක හැක හැක..

      Delete
    4. දැන් මේ දවස් වල අන්ජනම් බලනවදෝ.... කමියයියේ වරහන් වහලම දාමු හොදේ... ප්ලීස්...

      Delete
    5. කමියා මිලිටරි ඉන්ටෙලිජන්ස් ගැන දන්නවැයි............ හත්තිලව්වයි පරිස්සම් වෙයල්ලා.......

      Delete
  2. කොහොම හරි වැඩේ සාර්ථකව අවසන් වෙච්ච එක ගැන සතුටුයි.
    එදා ආවනං බොලාව බලාගන්න තිබුණ. කමක් නෑ ආයෙ දවසක සෙට් වෙමු.

    ReplyDelete
    Replies
    1. කාෙහද මාත් බලා උන්නා නෙව ප්‍රසන්න අයියා බලන්ට

      Delete
    2. අපිත් ඒදාමයි දැක්කේ....... ඔච්චර කල් හැංගිලානේ හිටියේ........

      Delete
  3. එල ද බ්‍රා
    උඔලා හැමෝටම ඡය ශ්‍රී මහා බෝ හාමුදුරැවන්ගෙ පිහිටයි..

    ReplyDelete
  4. මේ වගේ වැඩ තව තවත් කරන්න හැකියාව, ෂක්තිය ලැබේවා.

    ReplyDelete
  5. එකමුතු කමට කොරංට බැරි වැඩක් නෑ මලයා. ඔහොම යං ඔහොම යං!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් යං යං අය්යණ්ඩි. එදා අාවනම් මෙකද.

      Delete
    2. ඔ්කා ඉරිදත් වැඩ..................

      Delete
    3. නෑ අයියේ
      හොර සල්ලි අච්චු ගහනවලුනෙ අපේ මධූ.

      Delete
    4. කොහොමත් හොර වැඩනේ තියෙන්නේ ඔ්කා ළග....... විදානයා තමා සහයට මධූ ඉන්නේ..... ඒකනේ ගිහින් කවුපි ඒහෙම කාලා ඒන්නේ.....

      Delete
    5. තොපේ මොන බඩකඩිත්තුව හොරකං කොලාටද බොල හොර වැඩ කියන්නෙ?
      (ඕක තියෙන්නෙ අහසිං පොළවට චිත්‍රපටියෙද කොහෙද)

      Delete
    6. හොරකං නොකළට ඒහෙම තමා බං කියන්නේ????

      Delete
  6. උඹලගේ උතුම් සමාජ මෙහෙවරට අපේ උත්තමාචාරය...

    ReplyDelete
  7. සබරේ..............

    වැඩේ නං සුපිරියට ම කෙරුණා... ඒත් අර ගෘප් ෆොටෝ වෙලේ හිටපු නැති නිසා සබරේ මේකේ නැහැ... ඒත් මොකද වැඩේට උපරිම දායකත්වයක් දැක්වූවානේ....... පරක්කු වුණාට කන බොන වෙලාවට හිටියානේ...... අාය මොනවද?????

    ReplyDelete
    Replies
    1. මේ අපිටත් නොකියාම නං ගං වෙනස් කොරාවත්ද?????

      Delete
    2. මක්කවත් වෙනස් කරේ නැතෝ. වැඩේ ගැන නම් තව මොනවට කියනවද අය්යණ්ඩි

      Delete
    3. ඒහෙනං අර වර්ණකුලකය වෙනුවට වෙන අටමගලයක් දාලා තියෙන්නේ...... අඩේ වර්ණ අපිට හොරෙන් නම් වෙනස් කරා නේද??????

      (මොනවා වුණත් ගැලපෙන නම)

      Delete
    4. හොරෙන් නෙමෙයි මචන්... මට හිතෙනවා මේ නම ගැළපෙනවා කියලා වර්ණ කුලකය කියනවට වඩා. සබරෙගෙනුත් අහලයි දැම්මේ. කුලකයේ ගී පහක් මේ වෙනකොට ගීත වෙලා තියෙනවා... ඉස්සරහට එහෙම පෝස්ට් එකක් දාන්නයි ඉන්නෙ. ඒ නිසා මේ නම හොඳයි කියලා හිතලා දැම්මේ.. නම වෙනස් වුණාට අපි (සබරේ සහ මම) වෙනස් නෑ

      Delete
    5. ඒහෙම කියන්න බැහැ මචං..... උඹලත් දැන් වෙනස් වෙලා...... උඹලා දැන් හුගක් වෙනස් වෙලා.... උඹලා මහා නිර්මාණකාරයෝ වෙලා.... දියුණුවෙලා........... හරිම සතුටුයි මචං...... අර ගීත පහෙන් ඒකක් මනාගේ ඒක.... මං හරිද???????? ඉතුරුවා ගැන දාමුකෝ.....

      Delete
    6. එහෙම වෙනසක් වෙලා නම් ඒකේ ගෞරවය කූගෑගීප වෙතත් යනවා.. මොකද ලොකු ධෛර්යයක් දුන්නු/දෙන නිසා.. ස්තූතියි මචන්.. මනාගෙ ගීතයත් එතන තියෙනවා මචන් පාර පෙන්නුවෙ උඹලා.. ඒකට ආයෙත් තුති.. ඉතුරුවා ගැනත් ඉදිරියට කියන්නම්කෝ..
      ජයවේවා!

      Delete
    7. ස්තූතියි ඒහෙම කියුවාට............ උඹලා යන ගමන ගැන අැත්තට ම සතුටුයි....

      Delete
  8. වටින වැඩක්. මින් පස්සෙ මේවගෙ එව්වා කරන්න කලින් පොඩි ඇඩ් එකක් දාන්ටකො අපිටත් කල් තියා දැනගන්න.

    ReplyDelete
    Replies
    1. එ්ක තමයි බස්සි අක්කෙ. ලබන අවුරුද්දෙ අපි එකතු වෙලා කරමුකො

      Delete
    2. අක්කේ වීඩියෝ එක දානවයි කිවුවා නේද..... ඉක්මනට දාන්ට බසිසියේ...

      Delete
  9. නියමයි සබරේ ...(යකෝ මේක ගැන පොස්ට් හතරක් ...සින්දු කොහෙන් හොයන්නද ...) අපේ කොන්ක්‍රීට් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න දුන්න සහයෝගය අගය කරනවා ...හැක්

    ඒ දරුවන්ට කියන්න තියෙන්නේ ....

    පොත පත පාඩම් කරලා ඉගෙන ගනින් පුතේ
    යහගුණ මනුස්සකම් ඉතිරි කරන් හිතේ 
    අපෙන් පසුව බාරගන්න නුඹට ලොවක් ඇතේ 
    තමන් හිසට තම අතමය වෙන සෙවනක් නැතේ 

    ගුරු දෙගුරුන් අත දෙන්නට හැමදා ළඟ නැතේ 
    වග වළසුන් වැනි මිනිසුන් මඟ තොට ගැවසෙතේ 
    හිත මිතුරන් සතුටෙදි ඇති විපතෙදී හැරයතේ 
    හිස මුදුනින් මේ ඔවදන් හිතට ගනින් පුතේ

    පොළොවට බරක් නැතී ලෝකෙට වැඩක් ඇතී 
    නොනැමෙන හිසක් ඇතී උණුවන හදක් ඇතී 
    මඳ සුළඟට නැමී මාරුතයට නොම සැළී 
    මලක සුවඳ දිදී පුතුණේ ඉගෙනුම වටී 

    ගී පද - සෝමතිලක දිසානායක 
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. මේ කුරුටු බෙල්ල මිරිකනවනෙ පෝස්ට් දැම්මෙ නැත්නම් ප්‍රසන්න අයියව මරණව කිව්වා ඒකනෙ ඔය මකුලු දැල් කඩල තියෙන්නේ.

      තැන්කු සින්දු ...

      Delete
  10. වැඩේ නම් නියමයි සබරේ... ආයෙ මේ වගේ දෙයක් කළොත් මාවත් අනිවා ගනින් හරිද?
    ජයවේවා... මේ වගේ ලිපියක් පොස්ට් කළාටත් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ කොහෙද වර්න ගියෙ උදේ ඉදන් හොයලා හොයලා බැරිම මට දුන්න බලතල අනුව ඔන්න පෝස්ට් එකක් දැම්මා හොදේ. නැත්නම් කුරුටු බෙල්ල මිරිකනවනෙ.

      Delete
    2. වර්නට මන් මේ ගැන ටිකක් කිව්වා නේද

      Delete
    3. වර්නට මන් මේ ගැන ටිකක් කිව්වා නේද

      Delete
    4. මේ ගැන කීවට සම්මාදම් කර ගත්තෙ නෑනේ..
      මට කිය කිය ඉන්න ඔනේ නෑ පෝස්ට් තිබුණොත් දාපන් සබරේ..
      ජයවේ සබරේ

      Delete
  11. සුපිරි වැඩක්... ජයවේවා...

    ReplyDelete
  12. කරපු දේ නම් මහා පුණ්‍යකර්මයක්. මේ ගැන දෙතුන්පොලක කමෙන්ට් කලා මං. තව තවත් මැවැනි කර්තව්‍යය කිරීම සඳහා ශක්තිය ඔබලට ලැබේවා..

    ReplyDelete
    Replies
    1. තැන්කු මනෝෂ්.
      ඊගාවපාර කට්ටියම එකතු වෙලා කරමු

      Delete
  13. සෑහෙන්න හොද වැඩක්. උඹලගේ වැඩේ අගය කරනවා.

    ReplyDelete
  14. පට්ට වැඩක් මචංලා...!!!

    ReplyDelete
  15. උඹත් දැම්මද, දැං අරූ මං කයි.....
    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. කොටියම කාපිය රියර් ඇඩ්මිරල්...

      Delete
  16. කන්නමයි තියෙන්නෙ කම්මැලියා
    ට්‍රාන්ස්පෝට් එකට ඉක්කෝතුයි අයියන්ඩි

    ReplyDelete
  17. කන්නමයි තියෙන්නෙ කම්මැලියා
    ට්‍රාන්ස්පෝට් එකට ඉක්කෝතුයි අයියන්ඩි

    ReplyDelete
  18. යහපත් වැඩක්.. ඊළග වතාවක අපටත් දන්වන්න..

    ReplyDelete