Wednesday, December 2, 2015

ධීවරී...


කරදිය සුළඟට සීතල හිරි - මල්
පන් පැදුරට ඔච්චම් කරන රැයේ
කාරම් සුවඳට ඉව කෙරුවා මං
නුඹෙ රන් දහදිය පුසුඹ තියේ

හිමි නෙතු පාමුල රටා මවා උන්
පෙති ගෝමර ඉකි ගැසුවාදෙන්
පැළැල්ල අතරින් ගිනිකණ වැටෙනා
ඇස් උගුලාපන් උළලේණී

වළාලේ ගෙවිලා වාරකනේ දැන්
බඩසායට විරසක වූවාදෙන්
රන්කඳ නැතිදා ලෙල්ලම අකැපයි
පිළිහිඩි ඇස් ඉඟි මරනු ඇතී

පාවෙන ඔරු කඳ වෙරළට ආදා
නුඹ තුරුලේ  හිමි රැඳුනා දනිමී
මෝසම් සීතට හිමි සඳ තෙමේවි
වැළි සළුව පොරවපන් දියකිඳුරී


ලිව්වේ - සබරෙ ඇනෝ (මිත්‍ර වර්ණ)

25 comments:

  1. හරි අපරාදයක් නේ වෙලා තියෙන්නේ.. ධිවරිට.

    මේක ඔබේ පරිකල්පනයක් පමණක් බව දන්නා නමුත් වාරකන් වලට මුහුදු ගිහින් අතුරුදහන් වුනු ධිවරයෙකුගේ පවුලක් මන් දන්නවා.. ඒ ගැනු මනුස්සයත් අපා දුකක් විඳින්නේ ළමයි ටික හදා ගන්න.. එක දරුවෙක් ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙත් හොඳට පාස් උනා.. තවම තරුණ වයස පහුකරලා නැති ඒ මනුස්සයාගේ හැඟීම් එක්ක මේ වචන සමපාත කරගන්න පුළුවන් උනා.. ඉතා අලංකාරයි.. බර හඬක් තියෙන ගායිකාවක් කන් රිදවමින් ගායනා කරනවා අහන්න වටිනා පබැඳුමක්..

    ReplyDelete
    Replies
    1. තැන්කු කමියයියේ.. ධීවරි ඇතුළු ගොඩක් ‍ අයට මේ අපරාදේ වෙනවා අයියේ..
      හැමදාම මේ පැත්තේ එනවට තැන්කු අයියණ්ඩි

      Delete
  2. සබරේ උඹගෙයි වර්ණෙගෙයි මේ දක්ෂතාවය අගයන්න ඕන අපි වගේ අය නෙවෙයි සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවිනයෝ.සබරේ උඹලගේ මේ දක්ෂ පබැදුම් අපේ ප්‍රවීනයන්ගේ හඩින් සිංදුවක් විදියට අපිට අහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා;

    ReplyDelete
    Replies
    1. තැන්කු මනෝ... දිගටම ලියන්න ඔයාලගේ අදහස් හයියක් මනෝ අයියණ්ඩි. මං ලියන එක නවත්තලා හිටපු නෙනෙක්

      Delete
  3. සුපිරි එකක්... මේක සිංදුවක් වෙනවනම් එල..
    එත් කපුගේ වගේ මිනිස්සු නැතුව මේ වගේ සංකල්පනාවක් ගීතයක් උනාට වැඩක් තියේවිද මන්ද.. මේක කියවපු ගමන් මට මතක් උනේ කපුගේ ගේ උලලේනෝ ගීතය.. ඒ සන්තාපය , ඒ හිත අමාරුව මේ වචන ටික ඇතුලේ එහෙමම අන්තර්ගතයි.. මේ වචන ටික ඇතුලේ තියන දේ තනුවක් ඇතුලෙන් මිනිස්සුන්ගේ හදවතට කාන්දු කරන්න සෙල්ලම් සංගීත කාරයෙකුටනම් බෑ පුතේ.. keep it up brother ...

    ReplyDelete
    Replies
    1. තැන්කු අම්බලන් අයියන්ඩි. ඒක නෙවී මේ වැල්ලේ කාරම් සුවද කියන වචනේ හරිනේද. මටත් ටිකක් සැකයි වගේ උනා වචනේ

      Delete
  4. වල්ලා පට්ට.... මට සිලිටු කොටෑ... ගත් කලෑ... ගීයකට ඉස්තරන්....

    ReplyDelete
    Replies
    1. අම්මෝ ලොකු අයියා ඇවිත්...
      තැන්කු මාතා අයියේ මේ පැත්තෙන් ගියාට.

      Delete
  5. ගොඩක් ලස්සනයි වර්ණ. දිගටම මේ වගේ ලස්සන කවි ලියන්න.
    ජයවේවා.. වර්ණ කුලකය

    ReplyDelete
    Replies
    1. තැන්කු අසෙනියෝ.. හැමදාම එන්ටෝ අපි දෙන්නම කවි ලියනවෝ

      Delete
    2. හොඳයි සබරේ ඇනෝ.........................

      Delete
  6. මෙය නම් අනගියි
    තව තවත් ගී ආරට ලියමු
    ජයවේ සබරේ ඇනෝ!

    ReplyDelete
    Replies
    1. තැන්කු වර්ණ....
      කවියට දුන්න ප්‍රසන්ට් එකට තැන්කු වර්ණ. ඒත් එඩිටින් කරන්න වෙන්නෙ ඔයාටමයි හොදේ

      Delete
  7. වෙනදට වැඩිය වෙනස් අදහසක්.. නියමයි බං..

    ReplyDelete
  8. එලකිරි සබරෙ... ලස්සනයි...

    ReplyDelete
  9. සුපිරිම සුපිරියි සබරේ...... ඒලස්...

    ReplyDelete