Sunday, November 8, 2015

දෑලේ යන පින් ඇත් පැටවුන්නේ



දෑලේ යන පින් ඇත් පැටවුන්නේ
කරඬුව නුඹෙ හිස මත නොතියන්නේ
එනමුදු නැහැ නුඹෙ සිත කෙලෙසෙන්නේ
ඇත් රජ තනියට දෑලෙහි යන්නේ

රන් සිවි ගෙය හිස මත දරමින්නේ
කරඩුව රක්නට දෑලෙහි යන්නේ
නුඹ නැතිදා ඇත් රජ පැකිලෙන්නේ
කරඬුව ගෙන පෙරහැරෙහි නොයන්නේ

දෙනෝ දහක් දෙන දණ නමමින්නේ
ඇත් රජ තේජස වරුණ කියන්නේ
රජු දෙපසින් යන නුඹ නොදකින්නේ
දුටුවද උන් නැහැ නුඹට වඳින්නේ

ඇත් රජ ගැන අහිතක් නොසිතන්නේ
අපෙන් එකෙකි කරඬුව ගෙන යන්නේ
සිතමින් සැමදා පෙරහැරෙ යන්නේ
නුඹලා බෝසත් ඇත් පැටවුන්නේ

ලිව්වේ මිත්‍ර වර්ණ

26 comments:

  1. ලස්සනයි මචං..

    ReplyDelete
  2. ලස්සනයි මිත්‍ර. මේ වචන ටිකත් සින්දුවකට හොඳයි කියල හිතෙනවා. ට්‍රයි කරල බලන්න.

    ReplyDelete
  3. ලස්සනම ලස්සනයි.සබරේ මේකනම් සිංදුවකටම ගැලපෙන පද මාලාවක්.ලස්සන තනුවකින් සුනිල් එදිරිසිංහයන් වගේ ගායකයෙක් මේ සිංදුව කිව්වනම් එක දවසකින් ශ්‍රාවකයන්ගේ හදබැදගන්න සමත් වෙන සිංදුවක් වෙයි මේ පදාමාලාව..

    ReplyDelete
    Replies
    1. තැන්කු මනෝ.....
      හැමෝම ඔහොම කියද්දි මට දුක හිතෙනව මනෝ......

      Delete
  4. ගීතයකට හොඳ අපුරු පද වැලක් වර්ණේ ...නියමයි මචෝ
    ජයවේවා !!!

    පරපුර ගැන කිව්වොත් මතුවෙයි රස කතා.
    සමහරු ආදරේට කියයි රාජා පුතා
    පෙරහැරේ දළඳා කරඬුව ගෙනයන සතා
    දරුවනි මමයි නුවර මාලිගාවේ ඇතා.....

    නිරිඳෙකු විජිතපුරය මහා සටනක් කල
    පෙරමුණේ ගියේ මගේ සීයයි කණ්ඩුල
    නිරිඳෙකු පාවඩ මත ගමනකි සකි බල
    කරඬුව වඳිනවා මම ඔසවා සොඬ වැල

    ගැති කුල බමුණද ගොවි කම්කරු පොදු දනා
    ඉපිලෙති සන්තෝෂෙන් මා දෙස අතවනා
    මැතිවරු අග රජවරු සිහසුන වෙත ගෙනා
    මිතුරනි මා දකින්න එනවද හැමදෙනා ..

    ගී පද - නෝමන් තාලම්මැහැර
    ගායනය /සංගීතය - ඇන්ටන් රොද්‍රිගු

    ReplyDelete
    Replies
    1. තැන්කු සින්දු ....
      මම මිත්‍ර වර්ණ (සබරේ) සින්දු

      (මටම තමයි කියන්නත් වෙන්නේ..... )

      Delete
    2. මේක වර්ණගෙ නෙමේ මිත්‍ර වර්ණ ඒ කියන්නේ සබරෙ ඇනෝගේ සින්දුවෝ...
      ජයවේවා.
      (ඔන්න මාත් කිවුවා)

      Delete
  5. දෑලේ ගියත් පැටවුනි නුඹ අැත් කුලයේ
    යාලේ යන අැතා හට ඒ් පින නෑනේ
    කාලේ සිටන් සිරිතට යති රජ දෑලේ
    සීලේ රකින පැටවුනි රජ අැත් කුලයේ

    ReplyDelete
    Replies
    1. ලස්සනයි තෙලි කවිය.
      තැන්කු තෙලී

      Delete
  6. හොඳ ඇහැක්.. ඒ වගේම හොඳ කවි හිතක්..

    ReplyDelete
    Replies
    1. තැන්කු කමියයියේ.....
      පුළුවන් වෙලාවට ඇවිත් යන්ට එන්ටෝ

      Delete
  7. කවි පේලි ලස්සනයි..ඒත් මොකක්ද අඩුවක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කු දේශ්...
      තව පාරක් කියවලා හරි අවුලත් කියල යන්ට දේශ්....ඊගාවට හදාගන්ට....

      Delete
  8. මේක ගත් මේ වගේ තවත් ඒවා දාමු
    ජයවේ සබරෙ බඹරේ....!

    ReplyDelete
  9. සබරෙ බඹරේ. ....... වර්ණ අවර්ණ කරනව හොදේ.....
    තැන්කු වර්න යාළුවේ

    ReplyDelete
  10. හොද අර්ථයක් තියන කවියක්.

    ReplyDelete
  11. ලස්සන අදහසක් මචන්, ජය. එත් උඹ කවියයි හැඟීමුයි අතර හිර වෙලා වගේ හිතෙනවා කියවද්දී. ජය.

    ReplyDelete
    Replies
    1. අධුනික කම වෙන්න ඇති සොමියා..... ලියන්න යද්දි ටිකක් අදහස් හිර වෙන ගතියක් තියෙනවා
      තැන්කු යාළුවේ

      Delete
  12. ලස්සනයි සබරේ................ කවිය හරිම ලස්සනයි

    ReplyDelete
  13. අර්ථවත් කවි පෙළක් සබරේ... ජය....

    ReplyDelete
  14. ප්‍රධාන චරිතය ගැන විතරක් කතා කරන ලෝකෙක ඒ ප්‍රධාන චරිතය වෙනුවෙන් වෙහෙසෙන සුළු චරිත ගැන ලෝකෙට කෑගහල කියන්න ඉදිරිපත් වෙන මිනිස්සු බොහොම අඩුයි.. එතනයි විශේෂත්වය... මේක ගීතයක් කරන්න බැරිකමක් නම් නැහැ... ලොකු නම් තියන ප්‍රසිද්ධ මාද්‍ය ප්‍රධාන චරිත වලට කඩේ යද්දී අපේ පුංචි බ්ලොග් කාරයෝ සුළු චරිත ගැන ලෝකෙට කියන්න දරන උත්සාහය වෙනම ඇගයීමකට ලක්වියයුතුයි..

    ReplyDelete