Sunday, November 29, 2015

අම්මා මහ වැවයි


අම්මා මහ වැවයි යළ මහ දිය බෙදන
කුඹුරයි අප්පච්චි සරු පොළවේ තැනෙන
අයියා ගොවි රජා ඒ කෙත හැඩ කරන
අම්බරුවා මමයි කුඹුරේ මඩ තලන

වැවත් හොඳයි දිය දුන්නා නිසි කාලේ
කෙතත් හොඳයි බැත දුන්න සිතු තාලේ
ගොවියත් ගොනත් එකතැන බුදියන කාලේ
හැඬුවේ මොටද උඹලත් කණ කොක් රාලේ

ඉර දෙවි ඇවිත් අප්පච්චි ඇන්න ගියා
සඳ දේවිය ඇවිත් අම්මා කැටුව ගියා
නෑනා ඇවිත් අයියත් ගෙන යන්න ගියා
මම විතරක් මහ ගෙයි තනිවෙලා ගියා
ලිව්වේ - වර්ණකුලසූරිය

25 comments:

  1. මොකටද තනිවෙන්නෙ මහගෙයි අම්බරුවෝ
    ගම හාමිනේ කෙනෙක් අරගෙන එනු කොළුවෝ...

    ReplyDelete
    Replies
    1. පොඩි නෑනාටවත් ට්‍රයි කරලා බලනවා
      ජයවේ ප්‍රසා!

      Delete
    2. ඔන්න ප්‍රසා අයියා වර්නව වැරදි පාරකට දැම්මා එහෙනම්.

      Delete
  2. පට්ටෙත් පට්ට! යකෝ මේක නියමයිනෙ. ඔන්න බලහල්ලා. උඹල දෙන්නටම මම නිතරම කියන්නෙ පොඩි පොඩි මල ඉලව් ලව් ගැනම නොලියා මෙන්න මේ වගේ වෙනසක් කරන්න උඹලාට හොඳටම හැකියාව තියෙනවා.
    බලපල්ලා මේක කවියෙන් කවිය කඩා හැලෙන ලස්සන ඇල්ලක් වගේ. අනික මේකෙ අර්ථය? මෙන්න කවි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් තුති මධුවෝ...
      ජයවේ මධු!

      Delete
  3. දැන් එහෙනම් අම්බරුවා වගේ කෙතේ මඩ තල තල ඉන්නේ නැතුව ගොවි රජා වගේ වගකීම් ටික කරාට ගන්න කාලේ හරි..

    මේක සුපිරි.. මන් ආසම මේ වගේ කවි වලට.. ජය!

    ReplyDelete
    Replies
    1. ඒක තමා අම්බරුවා වගේ හිටියා ඇති දැන් ගොවි රජා වෙන්න කාලේ..
      ස්තුතියි කමියෝ
      ජයවේ කල්‍යාණ මිත්‍ර!

      Delete
  4. Replies
    1. ස්තූතියි නොකී කතා
      ජයවේ!

      Delete
  5. අර්ථවත් පද පෙලක්

    ReplyDelete
    Replies
    1. තුති ඉයන්
      ජයවේ ඉයන්!

      Delete
  6. පැල් කවියක් තරම්ම සරලයි සුන්දරයි යාළුවේ

    ReplyDelete
    Replies
    1. තුති මිතුරේ...
      ජය සබරේ...!

      Delete
  7. සිංදුවකට ගන්න ලස්සනයි වර්ණ ......

    ReplyDelete
    Replies
    1. පිලේ පැදුර වගේ සින්දුවකටද?
      තුති
      ජයවේ නිහිංසා!

      Delete
  8. ලස්සන පබැදුමක් වර්ණ මලයා

    ReplyDelete
  9. Replies
    1. ගොඩක් සිතූතියි කමියයියේ..
      ජයවේවා!

      Delete
  10. සුපිරි බං... ඔන්න කවි.. රහයි වගේම අර්ථවත්....

    ReplyDelete
    Replies
    1. තුති සජ්ජෝ
      ජය සජ්ජෝ...

      Delete
  11. නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...
    සිටු කුමරියක් කරකාරෙට බධින්නයි...

    ඉස්කරං ඈ..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි විදානෙ අයියේ
      දිගටම එන්ට ඈ...
      ජයවේ සී.ජේ. විදානේ!

      Delete
  12. වර්ණ,.......................

    සුපිරිම සුපිරියි බං.... අැත්තට ම පට්ට නිර්මාණයක්.... මට නං මේ නිර්මාණය අැහෙන්නේ සුනිල් ඒදිරිසිංහගේ කටහඩින් වගේ.... උඹ හැබෑ නිර්මාණකරුවෙක්...... දැන් කාලේ හරි ඒ දේවල් වලටත් අතගහන්න... මේ තියෙන්නේ පරිණතකමේ ලක්ෂණ........ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරුටුවෝ.. මට මතක් වෙන්නේ ආදරය ගිනි ගනීට උඹ දාලා තිබුණු කොමෙන්ටුව.. ඒක කියවද්දි දැනෙන සතුටම මේ කොමෙන්ටුවෙනුත් දැනුනා. තවත් කවි කියවමින් නිර්මාණ කරන්න තමා මගේ බලාපොරොත්තුව ගොඩක් තෑන්ක්ස් මචන්
      ජයවේ කුරුටු!

      Delete