Wednesday, November 25, 2015

තනි තරුව..


නුඹ මගේ විතරමයි
සපත කොට මුදු මලට
හැරදමා නොයන්නැයි
ගිවිස්වා කුමුදු මල
ක්ෂිතිජයෙන් පාව ආ
තනි තරුව නුඹම විය
තරුව ළඟ තනි රැක්ක
සඳ මඬල නොදුටු සඳ
නුඹට පෙම් බැඳි පවට
කුමුදු මල මිලින විය
අමාවක පැමිණි කල
තරුව නුඹෙ තනිකමට
පෙති ගිලිහි මිලින වුව
මල් සුවඳ නුඹ අසල
වෙර නොකර
පුර හඳට ගතු කීවෙ මං
මොහොතකට නුඹ මගෙන්
වෙන්කළ දුකින්
එහෙවු සිත නොහැඳිනූ
ඔබගේ නමින්
පිපි කුසුම අකලටද
මා නොදනිමි
ලිව්වේ - සබරෙ ඇනෝ

49 comments:

  1. පෙති ගිලිහි මිලින වුව
    මල් සුවඳ නුඹ අසල

    ReplyDelete
    Replies
    1. ඊයම් නමයි පිංතුරයි ඔක්කොම වෙනස් කරලද ?

      Delete
    2. @ ඉයන්
      හ්මම් මල් සුවද විතරයි ඉයන් ඉතුරු...
      තැන්කු ඉයන්

      Delete
    3. මනෝ ඉයන්ගේ නම කට්ටිය වෙනස් කරනවනේ වෙලාවකට ලෑන් කියලත් (මාද ඇතුළුව) ඒකවේ ඔය වෙනස් කරලා තියෙන්නේ

      Delete
    4. දැන් තියෙන්නේ සිංහලෙන්ම
      ජයවේඉයන්

      Delete
    5. ඔව් බං දැන් නෝ රූම් ෆො කන්ෆියුශන් නේ.

      Delete
  2. සබරේ................

    සුපිරිම සුපිරියි........ උඹලා ඉතින් කොහොමත් පට්ට කවියොනේ......

    ජයවේවා....

    ReplyDelete
  3. Replies
    1. තැන්කු අජිත් අයියේ
      මේ පැත්තේ අළුතින්ද මන්දා සාදරයෙන් පිළිගන්නවා ඔන්න

      Delete
    2. නෑ නෑ අජිත් අයියා ඇවිත් තියෙනවා...

      Delete
  4. අපේ සබරේ මලයා කවියක් ලීවොත් ඉතින් පංකාදු පහයි නොවැ....

    ReplyDelete
  5. මැක්සා මචෝ....... කවියක් ලිව්වොත් තව මොන කතාද? ලස්සනයි.

    ReplyDelete
  6. ඇඩ්මින් සහෝ
    මම ඔයාගෙ මේ බ්ලොග් එකත් මගේ සිංඩියට ඇඩ් කරා
    ඇවිත් බලන්නකො
    http://www.akurasyndiya.tk
    අපේ සිංඩියේ බැනර් එකත් පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකට දාන්න

    ReplyDelete
    Replies
    1. අපේ ඇඩ්මින් සහෝ ඔය ඇඩ්මින් සහොගේ වැඩේ කරයි යාළුවේ.

      Delete
    2. හරි ඇදිමින් සහෝ බැනර් එකක් දාන්නම්

      Delete
  7. සඳ සඳ වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ

    (සඳ තරු මල් නැතිදා ප්‍රේමය අනාථය)
    එනමුත් පද බැඳුම අනර්ඝය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මට මතකයි මං හඳ ගැනම ලියද්දි මධු අයියන්ඩි ඔන්න ඔහේ ඔය හඳට ඉන්න දීපල්ලා කිවුවා.... මම වෙනස් කවි ලියන්ට පටන් ගත්තෙත් ඊට පස්සේ...
      සඳ තරු මල් - අපි එතනින් එහාට ගිහින් ආදරේ හොයමු.
      තැන්කු අයියන්ඩි

      Delete
    2. මට නිතරම ඕනි වෙනසක් බං. උඹලාගේ කවිවල කිසි වරදක් නෑ.

      Delete
  8. 'තනි තරුව' ගේ 'නුඹට ලියා තබන වගනම්' පොස්ට් එක ළඟමයි මේකත් තිබුනේ.. එකෙක් අනිකාගේ නමින් එකම කතාවක් ගද්‍ය හා පද්‍ය ලෙස ලියලා වගේ.. මේකටත් කියන්න වෙන්නේ..
    ෆුල් රොමැන්ටික්.. කොමෙන්ටෙකක් හිතා ගන්නත් අමාරුයි.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. මම තනි තරුවගේ බ්ලොග් එකට ගියා කමියයියේ... ඒක ලස්සන ලියවිල්ලක් ගොඩක් ලස්සනයි.
      තැන්කු ආවට අයියන්ඩි

      Delete
    2. තැන්කූ කමියෝ..:) මාත් හොල්මන් වුණා..උඹටත් තැන්කූ වර්ණේ..:)

      Delete
  9. නියමයි සබරේ ....තනි තරු වගේ පොස්ට් එකත් මෙකමද මන්දා ....පොස්ට් එක කියවලා ඉවර වෙලා කමෙන්ට් කරන්න හිතාගෙන ඉන්න කොට මට මේ ගීතය හම්බ වුනා, එකක් නෙවෙයි දෙකක් .බලන්න ගැලපෙනවාද කියලා ....

    තනිකළේ ....
    කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ ....
    සැඟවුණේ.......
    කොතැනද ඒ නුවන් සැඟවුණේ....

    තනි තරුවේ ....තනි තරුවේ ....
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා ......

    මසිත හොවා රුදුරු පාළුවේ.....
    දුරක මැකී ගියද ඔබ මෙසේ....
    සිතින් ඔබේ ළඟයි මා සදා ජීවිතේ....

    නෙතග නෙතග පැටලි පැටලි
    මුවග මුවග ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක් වී පැමිණී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

    තනිකළේ ......
    කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
    සැඟවුණේ.......
    කොතැනද ඒ නුවන් සැඟවුණේ....

    මහද අරණෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා......

    තනිතරුවේ.........තනි තරු‍වේ......

    (සුනිල් එදිරිසිංහයන් සමග ආචාර්ය වික්ටර් රත්නායක."සඳ රෑ සුවිසර " ප්‍රසංගයෙන්....)

    https://www.youtube.com/watch?v=T5BY-PpaNDI

    ReplyDelete
    Replies
    1. තනි තරුවේ .... මං ආසම සින්දුවක් සින්දූ.....
      සින්දු හොයන ගීත කොහොමත් මැචින්නේ....

      Delete
    2. සින්දු මගේ බ්ලොගේ නම ආවේ ඔය සින්දුව නිසා තමයි..:)

      Delete
  10. මේක නම් ගති සබරේ...
    ජයවේව මගේ මිතුරේ...

    ReplyDelete
  11. මේකනම් එල . කමෙන්ට් එකක් දාන්න හා අතේ හිතුවා , එත් අන්තිමට හිතට එන්නේ පට්ට කියල විතරයි

    ReplyDelete
  12. ලස්සනම ලස්සනයි.............

    ReplyDelete
  13. සබරේ මේක ලස්සනයි..බලන් යද්දි අපි දෙන්නම එකම දේ ලියලා නේද? සමහරවිට අපිට එක වගේ අත්දැකීම තියෙන අවස්ථා වැඩි නිසා වෙන්න ඇති..ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ සංසාරගත බැදීමක් කියලා...

      Delete
    2. @තරු
      තැන්කු තරු. මටත් කියවලා ඩවර උනාම පුදුම හිතුනා

      @ විදානේ අයියණ්ඩි
      මගේ අම්මෝ විදානේ අයියන්ඩි එච්චර දුර යන්න බෑ අප්පා

      Delete
  14. කියන්න දෙයක් නෑ... අතිශය මනරම් මචෝ.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  15. Replies
    1. තැනුකු ශානු...
      ශානු ගේ කැමරාව හින්දා අපේ කැමා අයිය නැති අඩුව මැකිලා අප්පා

      Delete