Sunday, November 15, 2015

කැලෑ මල නුඹ මගේ


කැලෑ මල නුඹ මගේ
ප්‍රේමයට සුදු ඇඳුම නම්
සුදුසු කාලය නොවේ

ප්‍රේමයට පෙර දකින්නට දේ
කෙතරම්ද මේ ලොවේ
නැණ පහන ළඟ දණින් නොවැටෙන්
මගේ නාඹර දුවේ

දිනුවදා සිප් ලොවේ මිණි මුතු
නොසඟවා සිත ඔබේ
ඍජුව නෙත් දෙස බලා පවසන්
මගේ ආසිරි ලැබේ
ලිව්වේ - වර්ණකුලසූරිය

41 comments:

  1. හැබෑ උපදේශයක්..... තුරුණු වියේ මුලාවෙන අාදරයට මනා මගපෙන්වීමක්....

    අාදයර සහ අධ්‍යාපනය හරිම විවාදාත්මක මාතෘකාවක් තමා... ලියැවිල්ල නියමයි

    වර්ණ පොඩි උදව්වක් කරනවාද???? මෙන්න මේ ලිපිනයට මේලක් දානවාද??? පොඩි විස්තරයක් කතා කරන්න....

    weerasinghehasitha@gmail.com

    ReplyDelete
    Replies
    1. අවබෝධයක් සහිත නම් පාසල් ප්‍රේමය කැපයි. ඒත් ඒ වගේ පාසල් ප්‍රේමයන් අවමයි..
      ජයවේ කුරුටු!
      මේලක් දැම්මා

      Delete
  2. සිතේ නලියන ප්‍රේම ගීතය
    සිර කරන් මම විඳින දුක අද
    තවත් කෙලෙසක ඉවස ගන්නද
    ගවුමෙ සුද මට ඒරෙහි වී අැත

    ReplyDelete
    Replies
    1. හිතේ නළියන ප්‍රේම ගීතය කියල දාපන් තෙලිජ්ජෝ
      හොඳින් ඉගෙනුම ලබා දෙන්නම කූඩු හදපන් තෙලිජ්ජෝ

      ජයවේ තෙලී!

      Delete
  3. සිප් හල නිමවා
    සරසවි ගොස්
    එනකොට කොල්ලා
    මා හැර ගොස්

    ReplyDelete
    Replies
    1. ඔහුගේ පෙම් හිත ඉන් වැටහෙන්නේ..
      වෙනතක් බලපන් තව ඔය ඉන්නේ....

      ජයවේ ඉයන්!

      Delete
  4. අයියලා ඉන්න පව්ලක බාලයා නම් වෙන්න හොද නැහැ . school love ගැන හිතන්නවත් ලැබෙන්නෑ.



    ReplyDelete
    Replies
    1. අයියලගේ ඇස් වහල ගේම ගහන මල්ලිලා/ නංගිලා ඉන්නවා ඇති තරම්..
      ජයවේ සබරේ!

      Delete
  5. මේකනම් ලස්සනම ලස්සනයි.......... ඒවගේම ඇත්ත.......... හෙහ් ගොඩක් දුරට..........

    ReplyDelete
    Replies
    1. ඔව් අවංකයෝ බොහොම ලස්සන සාර්ථක පාසල් ප්‍රේමයන් ගොඩක් තියෙනවා.. ඒ නිසා මේක ඇත්ත වෙන්නේ ගොඩක් දුරට විතරයි..
      ජයවේ ආර්!

      Delete
  6. කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහා මල් - සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

    සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
    පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

    උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
    මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...

    පද රචනය - රඹුක්කන සිද්ධාර්ධ හිමි
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
      අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
      සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ
      සදා කල් අඞා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

      සලෙළ දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
      මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
      මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
      මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි

      ළඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
      නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
      මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
      මල් මෙළඳුන් අතරතුරේ වාසනාවන්

      ගී පද - සුනිල් ආරියරත්න
      ගී තනු - එච්.එම්. ජයවර්ධන
      ගායනය - සුනිල් එදිරිසිංහ
      1982 දී තිරගත කළ "කැලෑ මල් " චිත්‍රපටය

      Delete
    2. ගොඩක්ම ගොඩක්ම ස්තූතියි සින්දුවෝ.....
      සදා ජය සින්දු!

      Delete
    3. පලවෙනිම සින්දුව මාරම ලස්සනයි සින්දු

      Delete
    4. පලවෙනිම සින්දුව මාරම ලස්සනයි සින්දු

      Delete
    5. ජීවිතේ මගේ ඔයා කියාලා
      සිඟාවී ඔබේ ආදරේ
      ඔබේ මුවේ
      බැ‍ඳේ හදේ
      කියා ලියා ඔබව පතාලා

      නීල දෑස කෝල බැලුම් පා සිනා සලා
      යොවුන් කුමරි එවන් සිතට නොවන් මංමුලා
      ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්
      ජීවිතේක මිහිර එතුළ ඔබට ළං කරන්
      බාල කාලෙ ආයෙ එන්නෙ නෑ
      වැරදුන තැන යළි හදන්න බෑ

      ජීවිතේ මගේ ඔයා කියාලා
      සිඟාවී ඔබේ ආදරේ
      ඔබේ මුවේ
      බැ‍ඳේ හදේ
      කියා ලියා ඔබව පතාලා

      මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
      යොවුන් සිතට මිහිර ගෙනේ එවන් ආදරේ
      ආදරේක මිහිර ඔබේ හදට ළං කරන්
      හිනා වෙන්න කුමරියෙ සිප් සතර නිම කරන්
      බාල කාලෙ ආයෙ එන්නෙ නෑ
      වැරදුන තැන යළි හදන්න බෑ

      ජීවිතේ මගේ ඔයා කියාලා
      සිඟාවී ඔබේ ආදරේ
      ඔබේ මුවේ
      බැ‍ඳේ හදේ
      කියා ලියා ඔබව පතාලා

      ගායනය - ප්‍රියා සූරියසේන

      බාගන්න මෙතනින්

      (මං සිංදුව ඇනෝට කෙළවන්න යන්නෙ)

      Delete
    6. අකුරු සතර කරන පුතුට සඳ දෙවියෝ රැස් හෙළූහ.
      රෑ තනියට ලඟ ඉන්නට සිය තරු දරුවන් එවූහ.
      හිරු දෙවියෝ සුළඟ වෙසින් ආසිරි චාමර සැළූහ.
      අකුරු සතර දත් පුතු ලඟ ගණ දෙවියෝ මල් පිදූහ.

      මගෙ දියණිය මලකි බඹරු එ මල වටා ගී ගැයූහ.
      රොන් ගන්නට බැරිවූ තැන මගෙ මල ගැන පද හැදූහ.
      වම් පියයුර ගඩා ගසා බඹර නුවර ගිනි ලැවූහ.
      පත්තිනි දෙවියෝ ඇවිදින් දුවගෙ නමට මල් පිදූහ.

      සතුරු සෙනග දුටු මනතින් බියසුල්ලෝ පැන දිවූහ.
      බාරහාර වී තැන තැන රහසේ කටමැත දෙඩූහ.
      විරු දරුවෝ ගෙන අසිපත් රුපු සේනා පොලු ගැසූහ.
      කඳ දෙවියෝ රණබිම් වැද බල සෙනඟට මල් පිදූහ.

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
      සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න.
      ගායනය - නන්දා මාලනී

      Delete
    7. ඔය තියෙන්නේ ඉටිකිරි වගේ
      ඩ්‍රැකී, ඇනෝ ජයවේවා!

      Delete
  7. පාසල් ප්‍රේමය දැන් ඉස්සර වගේ නෙවෙයි නිසා පාසල් ප්‍රේමය බොහොම භයානකයි.. ඉස්සර ලියුමක් ලියන එක ඇරුනාම ලොකු දේවල් තිබ්බේ නැහැනේ... දැන් කෙලින්ම රූම්...බොහොම සෝචනීයයි.. පාසල් ප්‍රේමයක් කොයින්ද.. දැන් තියෙන්නේ සෙක්ස්...

    ReplyDelete
    Replies
    1. හරියට හරි අම්බලන්ගොඩ... ඔය තත්ත්වය නිසා තමයි අද තාත්තල දූ වරුන්ට සමීප වෙලා උපදෙස් දෙන්න ඕනේ..
      ජයවේ අම්බලන්!

      Delete
  8. ඒ වුනාට

    යන්තරේ හඬින් මන්තරේ දුමින්
    රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්

    නියමයි වර්ණේ

    ReplyDelete
    Replies
    1. බාගෙට සැලුන් දොරින් රිංගා
      නාගෙන ඕඩි කොලොන් බෘංගා
      එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා
      ටියුෂන් කුමාරියෝ සොයනා
      ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
      පෙම්පත් පොතෙන් පොතට යන්නා
      ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
      සිකුරිටි අහක බලා ඉන්නා
      මලවිගෙ මල් දුන්නට
      නිවනක් ඇත්තෙම නෑ
      එක පිට එක පිට ඊ විඳිනා
      ශිල්පය පසෙක තියා
      සිල්පද බිඳුණු නියා
      ටියුෂන් පුවත අසන් සොදිනා

      ගායනය - දමිත් අසංක

      Delete
    2. ඒක නම් හරි ඉවන් අද සෙයිලමේ රාවණාලා ගොඩක් ඉන්නවා කොණ්ඩ කරල් සීතලාව ඩැහැගන්න... අවංක ආදරේ නම් කමක් නෑ ඒත් ඉගෙනගෙන ජීවිතේ ජයගත්තට පස්සේ අදරේ මල් ඵල ගන්නවන එක තමයි හොඳ..
      ජයවේ ඉවාන්...!


      යළියළිත් තැන්කුයි සින්දුවෝ!

      Delete
  9. මෙතන අඩු සිංදුවක් තියෙයි.. මං හිතන්නෙ අන්තිම කමෙන්ටුව මගෙන් හිංද ඒක මංම දන එක හොදයි

    විසිරුනු මල්පෙති දෝතට ගත් කුමරී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී


    වෙරල සොයා රළ පෙළ දිව ආවත්
    වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ


    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ


    පද රචනය -
    සංගීතය -
    ගායනය -අතුල අදිකාරී

    ඇයි දන්නවද මේක දැම්මෙ.. හිහි... මේක තමා නංගිල ඉන්න අයියලගෙ ජාතික ගීය

    කවිය නං මල් හතයි වර්ණෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පද රචනය : බන්දුල නානායක්කාරවසම්
      ගායනය : අතුල අධිකාරි
      සංගීතය : රෝහණ වීරසිංහ

      Delete
    2. හරි මදිපාඩුව මහේෂයගෙන්...
      සින්දුගෙන් ඌණ පූර්ණය
      ජයෙන් ජය මහේෂ්!
      ජය සින්දු!

      Delete
  10. වර්නේ .... මාත් කියනව සිංදුවක්.. සුදු පරෙවි රෑන සේ .. පියාසලා.. පාසල නිමවී ... යොවුන් කුමරියන්.. පෙළින් පෙළට එයි...ඈ තාම නෑ.. මචං , ඈ ඈ ඈ ඈ ... තාම නෑ.... පාසැල් ප්‍රේමය හොඳ නෑ කිව්වට ඕක කොහොමද මචං නවත්තන්නෙ .. අපටත් එහෙම කාලයක් තිබුනකොට...

    ReplyDelete
    Replies
    1. මේක ලීවට පාසල් ප්‍රේමයට මාත් එක පයින් විරුද්ධ නෑ සජ්ජෝ.. ඒත් පාසල් ප්‍රේමය නිසා ජීවිතේ අභාග්‍යසම්බන්න කරගත්ත ගොඩක් දෙනෙක් මම දැකලා තියෙනවා.. ඒ එක අත්දැකීමක් මත තමයි මේක ලීවේ..
      අපේ පන්තියෙ හිටපු ගෑනු ළමයෙක් පාසල් ප්‍රේමයක් නිසා ගැබිනියක් වුණා.. ඇයව පාසලෙන් අස්කරගෙන යන්න ආපු දවසේ එයාගෙ තාත්ත අපේ පන්ති භාර මිස් ළඟ අඬපු හැටි තාමත් මතකයි. එදා මිස් මම ඇතුළු පන්තියෙ ගොඩක් දෙනෙක්ට ඇඬුණා.... ඒ සිදුවීම තමා පස්සෙ මම මෙහෙම ලීවෙ.. ඒත් හොඳ කවියෙකුට ඒ අත්දැකීම ලැබුණ නම් ප්‍රභල කවියක් ලියයි. ඒ තරම් ඒ අත්දැකීම ප්‍රභලයි...

      ජයවේ සජ්ජෝ!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. හොඳ බපැඳුමක් වර්ණ...

    මේ වයස විරුද්ධ ලිංගිකයා ගැන කුතුහලය,කැමැත්ත ඇතිවෙන පෙම්සිතිවිලි මෝදු වෙන කාලයක්.
    නමුත් ඒ හැඟීම්වලටම වහල් වෙලා සිහිබුද්ධියෙන් කටයුතු නොකලොත් අනාගතයම අඳුරුවෙලා යනවා.මේ කාලේ එක පාර වැරදුනොත් ඒක මුලු මහත් අනාගතයටම බලපානවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ
      මම නම් හිතන්නේ ජීවිතේ වරද්ද ගන්නැතිව ප්‍රේමයක් පවත්වගෙන යන විදිය නව යෞවනයන්ට කුමන හෝ මාධ්‍යයකින් පෙන්වා දිය යුතුයි කියලා...

      ජයවේ මනෝ!

      Delete
  12. ඇත්තටම හොඳ අර්ථවත් පද ගැලපීමක් වර්ණ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පිය හිත්වල මේ වගේ පැතුමක් තියෙනවා ඇති....
      තුති අනුත්තරා
      දිගටම එන්න...
      ජයවේ අනූ!

      Delete
  13. ලස්සනයි වර්ණ

    ReplyDelete
  14. ලස්සන පද පෙලක්.
    නමුත් පාසල් වයසදෙි ප්‍රේම කරන්න ගිහිල්ල කෙලෝ ගන්න කේස් කීයක් පත්තරවල තියෙනවද.

    ReplyDelete
    Replies
    1. එදා ඔබ මෙහි නොආවා නම්
      නෑ මෙවන් දුක් වේදනා..
      අළුත් පාසල් වාරයේ
      අළුත් සිසුවෙකු සේ...

      කෝල බැල්මෙන් සසල දෙනෙතින්
      සැලී ඔබ ආ මුල් දිනේ...
      නුහුරු ඇසුරක මැදිව අසරණ
      නෙතින් මා වෙත බැලූ වේලේ..
      ඔබේ දෙස මා නොබැලුවානම්
      නෑ මෙවන් දුක් වේදනා..
      නෑ මෙවන් දුක් වේදනා..

      මගේ හදවත පිදූ මුත් මම
      ඔබේ ලොව තනියට එදා...
      මගේ තනියට නොමැත අද ඔබ
      සිටින ඒ ලොව ජය ලබා...

      ගායනය : නිර්මලා රණතුංග
      පද රචනය : කුලරත්න ආරියවංශ
      සංගීතය : රෝහණ වීරසිංහ

      Delete
    2. @ ප්‍රසා -
      සාදරයෙන් පිළිගන්නවා ප්‍රසන්න... තාත්ත කෙනෙක් පාසල් ප්‍රේමයක් ඇති කරගෙන දුව ජීවිතේ වරද්ද ගනියි කියලා කලින්ම දෙන උපදෙසක් විදියට තමා මේ ගීතය ලිව්වේ....
      ඇයි අර එහෙම ගිය ළමයෙකුට තාත්ත කෙනෙක් කියන්නේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ කියලා...
      ජයවේවා දිගටම පැමිණීම අපේක්ෂා කරනවා
      ජයවේ ප්‍රසා!

      @ සින්දු - ඔය තියෙන්නේ නිදසුන්...
      ජයෙන් ජයවේ සින්දුවෝ!

      Delete
  15. වර්න මොකෝ නැත්තේ මම මේල් එකකුට් දැම්මා.

    ReplyDelete
  16. වර්න මොකෝ නැත්තේ මම මේල් එකකුට් දැම්මා.

    ReplyDelete