Monday, November 2, 2015

සරා සඳ සාරා


තරු නුවන් උපැසින් වසා
කළු පටින් කරවත මුවා
සරසවි බිමේ පෑයූ
සරා සඳ සාරා

වසන්තය පීරමින්
පෙම්වතුන් සොයායන
මල්සුවඳ සරසවි බිමේ
පර්දාව විනිවිද
අඩු නැතිව දැනෙනවද සාරා

අනන්තය සීරුවෙන්
අහස බිඳ සොයායන
කුරවි නද සරසවි බිමේ
පර්දාව විනිවිද
අඩු නැතිව ඇසෙනවද සාරා

ලිව්වේ - වර්ණකුලසූරිය

36 comments:

  1. කළු සළුව මුවා කළ
    රෝස පැහැ හදවතට
    මල් සුවද අකැප බව
    දනිමි මම ................. සාරා...

    ලස්සනයි වර්ණ....කාලෙකට පස්සේ වර්ණගේ පෝස්ට් එකකට මම එකට ආවේ...

    ReplyDelete
    Replies
    1. තුති සබරේ... අපේ බැජ් එකේ හිටිය සාරා කියලා මුස්ලිම් ගෑනු ළමයෙක්. අත්දෙකයි ඇස් දෙකයි විතරයි පිටට පෙනුණෙ. ඇස් දෙකත් උපැස්වලින් වැහිලා.... හැබැයි ආරංචි වුණු කරුණු වලට අනුව කෙල්ල ලස්සනයි... ආගම සංස්කෘතිය සාරාව අනිත් කොල්ලො කෙල්ලන්ගෙන් ඈත් කරල තිබුණෙ...
      ජය සබරේ...

      Delete
  2. තවත් ලස්සන අදහසක් සහ පබැඳුමක්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඉයනයෝ!

      Delete
  3. අමුතුවෙන් අගය කරන්න දෙයක් නැ.වර්නගේ සබරේගෙයි කවි කොහොමත් ලස්සනයිනේ..

    පර්දාවට ආදරය තහනම්ද...

    ReplyDelete
    Replies
    1. තුති මනෝ...
      මෙතන මනෝගෙ විෂය පැත්තෙනුත් කියන්න දෙයක් තියෙනවා නේද?
      ජයවේ මනෝ!

      Delete
  4. හෑ? බොට ඒ කෙල්ල මතක තිබුනද? කියන විදිහටනම් පට්ට ලස්සන කෙල්ලෙක්. අපරාදෙ ලස්සන හැංගුවේ.

    ReplyDelete
    Replies
    1. මකකයි මතකයි.... කෙල්ලො නම් කීවෙ ලස්සනයි කියලා...
      ඒ වුණාට කොහෙද මේ සංස්කෘතියක් මැදට පැනල අපිට ඒ ලස්සන දකින්න නැති කෙරුවනෙ
      ජයවේ කස්!

      Delete
  5. එල ද බ්‍රා
    කෙල්ලත් ලස්සනයි කවියත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි
      ජයවේ මෙන්ඩා
      බ්‍රා එලද මෙන්ඩො?

      Delete
  6. Me dawas wala mage hondama yaluwek wena Muslim girl kenek gena math liyanna hithan innawa.. sara.. Muslim lamayekuta tikak amuthu namak neda? Lassanayi wenada wagema..

    ReplyDelete
    Replies
    1. අපේ බැජ් එකේ හිටපු ලස්සන (යැයි කියූ) මුස්ලිම් ගැහැනු ළමයෙක්...
      ආවට ගොඩක් සතුටුයි දිගටම එන්ඩෝ
      ජයවේ කළ්‍යාණ මිත්‍රයෝ!

      Delete
  7. ~~යා දෙක රතය~~
    දෑ කුළ සිරිත්
    රිදවන යුරු දිවා රැයේ
    සඟවා ගනිමි
    මගෙ හදවතෙ ගැඹුරු ඉමේ
    සාගිනි දරණ
    මගෙ මව්පියෝ දුගී පැලේ
    සිහිවන කළෙක ඉඩ නැහැ
    වෙන කිසිවකුට ලයේ
    මුනිවත රකිමි
    අප හමුවන නිහඬ ලොවේ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා හංසමාලි...
      කවි කොමෙන්ටුව නම් ගති...
      ජයවේ!

      Delete
  8. සාරා ගුටි කා හතරෙ වාටෛුවෙ වර්ණයො.. හිහ. විහිළුවක් හොදේ..
    කවිය නං ගතිම ගති.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. HNDE එකේ සාරා කෙනෙක් වෙන්නැති
      තුති මහේෂයෝ!

      Delete
  9. සලාම් කියාගෙන ගෙට එන

    මරු වර්නේ නියමයි

    ReplyDelete
    Replies
    1. සලාම් කියා ගෙන ගෙට එන
      ළසෝ ගිනි මැදින් සුජනන
      ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
      ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

      වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
      ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
      සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

      කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
      දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
      පහන් තරුව සොයා යමු ද තාරකාවියේ

      පද රචනය - නිලාර් කාසිම්
      ගායනය - සමන් ජයනාත්

      Delete
    2. ස්තූතියි ඉවානයෝ විවේකයක් ලැබුණු ගමන් උඹෙයි පොඩ්ඩිගෙයි කතාව කියවන්න ඕනෙ..
      සින්දුව නම් කොහොමත් එළනෙ මෙන්ඩෝ...
      ජයවේ ඉවා! ජයවේ සින්දු! ජයවේ මෙන්ඩා!

      Delete
  10. මගේ හොඳම යාලුවෙක් ඉන්නව මුස්ලිම් ගෑනුළමයෙක් එයා ගොඩක් ඒවා ආගමට අනුව අකැපයි කිය කියා ඉන්නව හැබැයි බලන් ගියාම අපිටම තේරිලා තියනවා කොච්චර තහංචි තිබ්බත් හිත ඇතුලෙන් එයත් අපි වගේම පිස්සු වැඩ කරන්න විනෝද වෙන්න ආස ළමයෙක් කියල .ආගමකට කිසිම දෙයක් කියන්න මම කැමති නැහැ.මම හැම ආගමකටම ගරු කරන නිසා.හැබැයි සමහර ආගම් එක්ක මිනිස්සු හදාගත්ත විකාර අදහස් වලට නම් මම එච්චර කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. ඊට සමාන කාතාවක් තමා මේකත් හංසියෝ...
      වෙලාවක් ලැබුණු ගමන් සුරංගනීව බලන්න එනවා හොඳද?
      ජයවේ හංසි!

      Delete
  11. ලස්සනයි බං..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි
      ජයවේ දිනේ!

      Delete
  12. Excellent... කාලෙකින් කියවපු සුපිරි ගනයේ එකක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අම්බලන්ගොඩ සාදරයෙන් පිළිගන්නවා
      අම්බලන්ගොඩ කතා රෝලෙ නම් දාගෙන නම් ඉන්නව කියවන්න වෙලාවක් ලැබුණු ගමන් එන්නම්..
      අහස් කූර නම් කිව්වෙ අම්බලන්ගොඩ කතා පට්ට කියලා
      ජයවේ අම්බලන්!

      Delete
  13. නියමයි වර්නේ ....ජයවේවා !!!

    මරතෝන්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
    මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට අත වනනා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා.....

    එළු රැනේ වැලි පාරේ පිය සටහන් මකලා
    මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
    පාට පාට සමනලියන් කවුළු වැටෙන් පෙනෙනා
    හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා....

    ගී පද - මහින්ද චන්ද්‍රසේකර
    සංගීතය - ගුණදාස කපුගේ
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සින්දුවෝ
      දිගටම වරෙන්කො බං ඉඳලා හිටලා එන්නෙ නැතිව.. මම ලියන ගී පදයට උඹ දෙන සමීප ගීය දැනගන්න කැමැත්තෙන් හිටියත් උඹ එන්නේ ඉඳලා හිටලානෙ...
      ජයවේ සින්දු!

      Delete
    2. අනේ මචෝ එහෙම අතපසු වෙලා ඇති ....පුළුවන් හැම වෙලාවේම එනවා ...දිගටම ලියපන් .
      ජයවේවා !!!

      Delete
    3. එළ එළ
      ජයවේ සින්දු!

      Delete
  14. කලු පටින් කර වත කර මුවා
    අාගමට දිවියම පුදා
    සිටින මුත් නෙතු බිම හොවා
    කෙලෙසදෝ හැඟුමන් සරා

    ReplyDelete
    Replies
    1. තෙලියා අයෙ වැඩේට එන්ටර් වුණා නේද? ජයවේවා ජයවේවා....

      Delete
    2. අාවයි කීවට අාවමත් නෙමේ බං ඒවුනා.

      Delete
    3. කමක් නෑ තෙලියෝ ඉක්මනට වැඩේට සෙට් වෙයන්්‍
      ජය!

      Delete
  15. සුන්දරයි බං...... අැත්තට ම මාර සුන්දරයි බං...... උඹ හැගීම් හරි ලස්සනට අකුරු කරනවා... භාෂාවෙන් සහ අදහස් වලින් පෝෂණය නොවුණ කවියෙකුට කවදාවත් ඔය දේ ඔය විදිහට කරන්න බැහැ... උඹ ගැන අාඩම්බරයි බං...

    ReplyDelete
    Replies
    1. ඉමහත් තුති කුරුටු
      ජයෙන් ජය!

      Delete