Wednesday, October 7, 2015

ගඟ නුඹට මා පෙම් කළා...


ගඟ නුඹට මං පෙම් කළා
මදක් නැවතී මොහොතකට හෝ
මදෙස නොබලා ගලාගෙන ගිය
ගඟ නුඹට මා පෙම් කළා

නිහඬ නිසසල ගඟ දියේ
සුපුල් පියුමන් පුබුදුවාගෙන
සොඳුරු නයනින් ගලා යද්දිත්
ගඟ නුඹට මා පෙම් කළා...

ඉවුරු සේදී බොර දියේ
හද රිදුම් දුන් දුකත් අරගෙන
කඳුළු මුහුණින් ගලා යද්දිත්
ගඟ නුඹට මා පෙම් කළා...


ලිව්වේ - වර්ණකුලසූරිය

46 comments:

  1. අපේ වර්ණ මල්ලියා හැබැම දක්ෂයෙක් නොවැ.

    හද රිදුම් දුන් දුකත් අරගෙන
    කඳුළු මුහුණින් ගලා යද්දිත්
    ගඟ නුඹට මා පෙම් කළා...

    හදවතට මේ තරම් සමීප වෙන ඒවා ලියලා අපේ පපු පලන්නද මල්ලියෝ උඹ මේ හදන්නේ.අවුරැදු ගානක් පරණ අතිතයට හිත යනවා මේ කවිත් එක්ක.මේ කවිය පොදු සාධකයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ අයියේ
      ජයවේ මනෝ මන්දිර!

      Delete
  2. මේකනං ලස්සනම ලස්සනයි.......

    ReplyDelete
    Replies
    1. ස්තූතයි ආර්යන්
      ජයවේවා!

      Delete
  3. හරිම ලස්සන පද ටික. සිංදුවකට නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මචන්
      ජයවේවා!

      Delete
    2. එහනම් ඊලගට සෙට් වෙන දවසකදි සිංදුව අහමු අඔ රසය සමග

      Delete
  4. වර්න, ඔය වගේ ඒවා කොයිතරම් ඇතිද? කී දෙනෙකුට ඇතිද? ගඟ අප පෙම්කල බව නොදැන ගලා ගියා. අප පෙම්කල බව දැන උන්නානම් ගඟ මොහොතකට හෝ නැවතී මද් ගිමන් නිවාගෙන යන්නත් තිබුනා නේද? ගඟ, ඇයි නුඹ මෙලෙස හිතක් පපුවක් නොමැති ලෙස ගලායන්නේ? ඔබ නොදැනද මා ඔබට මෙතරම් පෙම් කළ බව?

    ReplyDelete
    Replies
    1. දුකේදීත් සැපේදීත් රූපයෙන් වැඩි කලත් රූපයෙන් අඩු කලත් එක ලෙස පෙම් කරන පෙම්වතුන් පෙම්වතියන් ගැන නොතකන අවසනාවන්ත සිත් කොතෙක් ඇද්ද?

      Delete
  5. වර්ණගෙ කවි එන්න එන්න ලස්සන වෙනව ..සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසියෝ..
      ජයවේවා

      Delete
  6. හංසි හරි, වර්ණේ දියුණු වෙනවා..... ජයවේවා.......

    ReplyDelete
    Replies
    1. ජයවේවා බණ්ඩෝ...
      ස්තූතියි

      Delete
  7. ලස්සනයි වර්ණේ... එකෙන්ම... ඔය වගේ ඇත්දැකීම් හැමෝටම ඇති. අපි ආදරෙ කරනවා කියලා දන්නෙවත් නැති කෙනෙකුට ආදරේ කරලා හිත රිද්දගෙන නැත්තෙ කවුද?

    ReplyDelete
    Replies
    1. ඔව් කැමෝ මේ වගේ අත්දැකීම් ගොඩක්දෙනෙකුට තියෙයි...
      ජයවේ යශ්!

      Delete
  8. ලස්සනයි, මේක ගීතයකට නම් නියමෙට ගැලපෙනවා , මනා එක්ක කතා කරලා බැලුවනම්

    ReplyDelete
    Replies
    1. කලින් ගීතයක වැඩ ටිකක් මනා කරගෙන යනවා ඉවාන් ඒක ඉවර වුණාම කතා කරලා බලනවා...
      මම දිගටම ලියන්නේ ගී ආර තමයි මචන්
      මිත්‍ර තමයි නිසඳැස් ලියන්නේ...
      සින්දු කරන කවුරු හරි ඉන්නවා නම් කියන්ඩෝ..
      ජයවේ ඉවාන්!

      Delete
    2. මේක මට ඊමේල් කරන්න. මේක ඔයාගේම නිර්මානයක් කියල සහතික කරනවා සහ තනුව සහ ගායනයට රිලීස් කරනවා කියලා ලියන්න. මගේ ඊමේල් එක lankan.ian@gmail.com

      Delete
    3. ඔය තියෙන්නෙ අතහිත. දැන්ම දාන්නම් ඉයන්. වර්ණකුලසූරිය නමින් යන්නෙ මගෙම නිර්මාණ තමයි මචෝ සහතික කරලම එවන්නම්කෝ
      ජයවේවා සහ ගොඩක් ස්තූතියි.

      Delete
    4. එහනම් ඊලගට සෙට් වෙන දවසකදි සිංදුව අහමු අඔ රසය සමග

      Delete
    5. අනිවා
      ජයවේ මෙන්ඩා!

      Delete
  9. වර්ණ මේක කියන්න ඕන
    උම නං පට්ට පොරක් බං
    ඇත්තටම මාර ගති...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව, වර්නයා පට්ට පොරක් තමයි.

      Delete
    2. ස්තූතියි මහේෂයෝ
      ජයෙන් ජයවේවා

      Delete
    3. ඔව් ඔව් මම නිකන් පට්ටයක් වගේ (කෙට්ටු) පොරක් තමයි...
      ජයවේවා කස්!

      Delete
  10. ඉවුරු සේදී බොර දියේ
    හද රිදුම් දුන් දුකත් අරගෙන
    කඳුළු මුහුණින් ගලා යද්දිත්
    ගඟ නුඹට මා පෙම් කළා...

    ලස්සනයි මචෝ.........
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. තුති අසෙනියෝ
      ජයවේවා!

      Delete
  11. වර්ණ උඹේ මේ පදවලටත් අපි පෙම් කරනවා.......

    ReplyDelete
    Replies
    1. කුරුටුගෙ බැඳීම ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ...
      ජයවේවා කුරුටු!

      Delete
  12. Replies
    1. තුති තුති
      ජයවේ නලින්!

      Delete
  13. අයියෝ ..... පෙම් කලා විතරද ඔයා .....වර්ණ .....

    ReplyDelete
    Replies
    1. හිත්පිත් නැති ගංගාවලට පෙම් කළාම ඔහොම තමා නිහිංසෝ
      ජයවේ නිහිංසා!

      Delete
  14. Replies
    1. තැන්කූයි මෙන්ඩෝ
      එළ ද බ්‍රා
      ජයවේවා!

      Delete
  15. සුපුල් පියුමන් පුබුදුවාගෙන
    සොඳුරු නයනින් ගලා ගිය ගඟ
    හද රිදුම් දුන් දුකත් අරගෙන
    කඳුළු මුහුණින් ගලා ගියෙ කිම

    නුඹත් නොදැනම ගඟත් නුඹහට
    පෙමක් පුද කළ නිසා වත් වෙද.


    මම ලස්සනයි කියන්නැ වර්ණ..... ඔයාගේ සින්දුවට ලැබෙන්න ඔිනි ඇගයුම ඉහටත් උඩින් ලැබිලා ..... යාළුවා වෙනුවෙන් ගොඩාක් සතුටුයි වර්ණ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ
      තුති මිත්‍රයෝ
      ජයවේවා!

      Delete
  16. අඩේ බන්...
    නියමයි...

    ReplyDelete
    Replies
    1. තුති විභියෝ...
      ජයවේ දෙවැනි විභීෂණ!

      Delete
  17. ඇත්තටම ගඟට ද පෙම් කලේ?
    මේ අඩවිය බ්ලොග්පවර් එකට දාගත්තා. සමාවෙන්න පමා වුනාට. නෙලුම් යායට ඉදිරියේදී එක් වේවි.

    ReplyDelete
    Replies
    1. ගඟ කියන්නේ යුවතියකට කළ උපමාවක් වෙන්න බැරිද?
      ගොඩක් ස්තූතියි අජිත් අයියේ..
      ජයවේවා!

      Delete
  18. ලස්සනයි..
    ගීතයකට ගැලපෙන අපූරු පද පෙළක්
    මං හිතෙනවා ගීතවත් තනුවක් එක්ක එකතු කළොත් ජනප්‍රිය පද පෙලක් වෙයි කියලා.
    සුභ පැතුම්.
    මම අඹයා

    ReplyDelete
    Replies
    1. වැඩේට ඉයන් අතහිත දෙනවා මගේ බලාපොරොත්තුව සඵල වේවි
      තුති අඹයෝ!

      Delete
  19. Replies
    1. දැක්ක මධුවෝ තුති
      ජයවේ මධූ!

      Delete