Tuesday, October 27, 2015

අස්වාමික දූගේ අම්මාට..



රළුව කඩතොලුව ගිය
ඉරි කෑලි
මක මකා සුමට කොට
සිතුවමක් මවන්නට
පින්සලක් වුණු නුඹට
දුකක් දුන්නාද මං
සල්පිලේ ඉතුරු වුණු
එකම සිතුවම වෙලා.......


ලිව්වේ - සබරෙ ඇනෝ (මිත්‍රවර්ණ)

31 comments:

  1. අදහස ලස්සනයි , සංවේදීයි

    ReplyDelete
    Replies
    1. තැන්කු ලෑන්... හැමදේම මුදලට විකිනෙන ලෝකයක් මේ යාළුවේ

      Delete
  2. නියමයි සබරේ .. උඹ නියම රැඩිකල් කවියෙක්

    ReplyDelete
    Replies
    1. තැන්කු ඉවාන් අයියේ..... දුක ටිකක් රැඩිකල් තමා අයියන්ඩී

      Delete
  3. දැන් දැන් උඹත් රැඩිකල් කවි ලියනවා ඒහෙනං... අෑ.............

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි බයද කුරුට්ටා....
      තැන්කු කුරුට්ටෝ

      Delete
  4. කවියක්,ජීවිතයක එක් පැතිකඩක්,...
    නියමයි සබරේ....

    ReplyDelete
  5. එල ද බ්‍රා
    ඒ වුනාට මට ටිකක් විතර ටියුබ් ලයිට්.

    ReplyDelete
    Replies
    1. තැන්කු මෙන්ඩයියා
      හිටින්ටකෝ සදු අක්කට කියන්න ටොක්කක් අනින්ට කියලා (මේ නැනන්ඩිගේ නම සදු නේද? හීනෙන් වගේ මතකෙන් කිව්වේ)

      Delete
    2. නෑනන්ඩි ??? මෙන්ඩෝ .. මූ එන පොට හොඳ නෑ...

      Delete
    3. අනේ මං අහින්සකයා සජ්ජයියා....

      Delete
  6. හරහට දමල අත දිගෑරල කණ අතගෑව වගෙයි.. ටාං ගාල වැදුණ...
    සබරෙ... ගින්දර මචෝ...
    කෙටි හැබැයි ලොකු කවි..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු මහේෂ්...
      හැම දේම විකිනිලා අද ආදරේටත් සල්පිලේ ලන්සු තියනව මහේෂ්

      Delete
  7. ලස්සනයි වර්ණ ... මේ කවිය .....
    කෙටි උනත්.... මේ ගැඹුරු දහමක් ...

    ReplyDelete
  8. ලස්සනයි සබරේ.. අර්ථවත් කෙටි පැදි පෙළක්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කු වර්ණ
      මොකෝ ටික දවසක් නැති වෙලා උන්නේ

      Delete
  9. ලස්සනයි..... චූටි පද ටිකකින් ලොකු දෙයක්..........

    ReplyDelete
  10. වචන සිය දාස් ගාණක් මේක ඇතුලෙ ගැබ්වෙලා තියෙනවා. නියම කොන්සන්ට්‍රේෂන් එකක්! සුපිරි!

    ReplyDelete
  11. ගොඩාක් දුක හිතුණා...
    අපේ අවාසනාවකදී ඒ ගැන අනුන්ට දොස් නොපවරා අපිටත් ඔහොම හිතන්න පුළුවන් වෙන්න ඕනි කියලයි මට හිතෙන්නෙ...
    ආයුබෝවන් ! සබරේ මිතුරේ

    ReplyDelete
    Replies
    1. ඒත් හැම අසාධාරනේම අපි කර්මයටම හිලවු කරන්න හොද නැ ගීති...
      පොඩි ෆයිටි එකක් දෙන්නත් ඕනි

      Delete
  12. කෙටි උනත් ලොකු තේරුමක් අන්තර්ගත සුපිරි නිර්මාණයක්...

    ReplyDelete
  13. කවිය පොදු වුණාට ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. නියමයි මිත්‍රවර්ණ

    ReplyDelete
  14. කෙටියි ඒත් ගොඩක් රහයි

    ReplyDelete