Sunday, October 18, 2015

රෝස රෝබරෝසියා


හීන මතකේ තියා
නීල දෙනෙතේ ලියා
ඈත ඉගිලී ගියා
රෝස රෝබරෝසියා

සරසවි දොරටුවේ
පෙති මටසිලුටුවේ
ඇයි නෙත නොදුටුවේ
කඳුළු රොබරෝසියා

මුදු පෙති මිලින වී
වැසි මල් තුහින වී
අද මුනිවත රකී
සුවඳ රොබරෝසියා

ලිව්වේ - වර්ණකුලසූරිය

32 comments:

  1. පේරාදෙණියෙ රොබරෝසියා ගහ කැපුවා නේද වර්ණේ...?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි යශ් නිමිත්ත..
      ජයෙන් ජයවේවා..

      Delete
    2. කැපුවේ නෑ බං ඒක දිරලා වැටුනා ඉතුරු ටික කපලා අයින් කළා

      Delete
    3. ඔය තියෙන්නෙ හරිම විස්තරේ...
      ජයවේ ඉවා!

      Delete
  2. තාවමත් රෝස රෝබරෝසියා ගැන මතකයි නේද? වර්ණ අයියේ.
    ගොඩක් ලස්සනයි.
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. හීන මතකේ තියලා ගියාම කොහොමද අසෙනියෝ අමතක කරන්නෙ?
      ජයවේවා!

      Delete
  3. ලස්සනයි... රොඹරෝසියා මල් මතක් වෙනකොටත් හිතට නිවනයි

    ReplyDelete
    Replies
    1. රෝබරෝසියා මල් හැලුණාම මැවෙන සුන්දරත්වය කදිමයි
      සාදරයෙන් පිළිගනිමු
      ජයවේ ශානු!

      Delete
  4. විභීෂණ නම් ඉතින් ඔය රොබරෝසියා ගහ දැකලා අතගාලා නැත. ඒ මොකද කියනවා නම් පෙරේ ට තියා වෙන කිසිම කැම්පස් එහෙකට ගොඩවෙන්න විභීෂණ ට පුළුවන් වී නැති නිසාය.
    --------
    මොනා වුනත් ඉතින් උඹේ කවි පෙළ නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. මාත් නිවුස් එකකින් ඒ ගහ දැක්කෙ විභියෝ...
      ස්තූතියි
      ජයවේ දෙවැනි විභීෂණ!

      Delete
  5. මල් ගහත් ලස්සනයි.මල් පෙති විසිරුන බිමත් ලස්සනයි.වර්ණ මලයගේ කවියත් ලස්සනම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හැමදාම එක්වීමටත්, දිරිදීමටත් තුති
      ජයවේ මනෝ!

      Delete
  6. රෝබරෝසියානම් මංදා. උඹේ කවියනම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කිවුවා..
      බෝඩිම පැත්තේ වරෙන් චමියටත් බ්ලොගක් අටව ගන්න ඕනෙ කීවා.... උඹේ හෙල්ප් එක අවැසියි
      ජයවේ කස්!

      Delete
    2. ඕකේ. උටත් බ්ලොගක් අටවලා දීලා ඌවත් ගමු. මං පුලුවන් වෙච්චගමන් එන්නම්.

      Delete
  7. ගහ මුණිවත රකිනවා නෙමේ. නිවන් ගිහිං!

    ReplyDelete
    Replies
    1. රෝබරෝසියාවට නිවන් සුව පතමු.
      ජයවේ මදූ!

      Delete
  8. මතක් හංගාගත් ආදරණීය වල

    ReplyDelete
    Replies
    1. සුන්දර මෙන්ම අසුන්දර වූද මතකයන්...
      ජයවේ ඉවාන්!

      Delete
  9. Replies
    1. වර්න ඔයාගේ සින්දුව ඇහුවා හරිම ලස්සනයි.. සුබ පතනවා යාළුවේ

      Delete
    2. තුති මා මිත්‍ර
      ජයවේ සබරේ!

      Delete
  10. මහා මතකයන් ගොඩක් හංගාගෙනම රොබ රෝසියා හැංගිලා ගියා.. නාට්‍ය කීයක් බලන්න අැද්ද? කී දෙනෙක්ගේ කීයක් බොලද පෙම් කතා මතකේ තියාන ඉන්න අැද්ද??? කී දෙනෙකුගේ තුරුණු දුක් කදුළු දකින්න අැද්ද??? කොයි තරම් පොත් වල තිබුණු දැනුම මතකේ තියාන ඉන්න අැද්ද???? අැත්තට ම නං කොයි තරම් සමාජයක් දැකපු කොයි තරම් දැනුමක් තිබුණු කතා කරන්න බැරි... කිසි දෙයක් පෙන්නන්න බැරි අහිංසක රොබ රෝසියා.... මාව මරන්න ඒපා කියන්න බැරිවම මැරිලා යන්න අැද්ද?????

    මහා පුරුෂයෙක් වගේ වල මැද වැටිලා හිටියා....

    ReplyDelete
    Replies
    1. රොබරෝසියාවට හිතැති බොහෝ දෙනෙක් අනුවේදනීය වුණා ඒ අවස්ථාවේදී...
      ජයවේ කුරුටු!

      Delete
  11. හීන මතකේ තියා
    ඈත ඉගිලී ගියා...

    මතකයත් මැකිලා යාවි තව ටික දවසකින් රොබරෝසියා ගැන... දුකයි තමයි ඉතින්...
    ආයුබෝවන්! වර්ණ

    ReplyDelete
    Replies
    1. හිතවත් මතකයන් ටික දවසකින් මැකෙන්නෙ නෑ ගීතිකෝ.
      ජයවේ ගීති!

      Delete
  12. ගියපාර එකට මං දාපු පිස්සු කමෙන්ටුවට මොකුත් උත්තර නෑ. කෝ මේ ව(නච)ර-නයා?

    ReplyDelete
    Replies
    1. මටත් නමක් හදන්නද යන්නේ මේ මදුවා
      සමාව භාජනේකට දාපියෝ
      මේ දැන් කොමෙන්ට් කළා..
      ජයවේ මධුමාධවී (දුප්පත් පැලේ සිටින).

      Delete
  13. මට හීනයක් තිබ්බ කවද හරි දවසක රොබරෝසියා මල් පිපෙන කාලෙක මෙතනට යන්න හැබැයි මේ ගහ කපල ආරංචි උනාම ගොඩක් දුක හිතුන.මේ පින්තුරේ දැක්ක ගමන් තමයි බ්ලොගේට ඉබේටම ආවේ :D ..මට වර්ණ කුලකයේ බ්ලොග් පෝස්ටු updates වැටෙන්නේ නැහැ.follow කරලත් තිබුනේ මුල ඉඳන්ම. හේතුව නම් දන්නේ නැහැ හොයාගන්න ඕන ඒ නිසාම ගොඩක්වෙලවට වෙනමම url එක ගහල එන්නෙ නැත්නම් කාගේ හරි බ්ලොග් එකක නම දැක්කොත් එන්නෙ.කවි නම් ගොඩක් මගහැරෙනවා ඇති .ඉක්මනට අවුල හොයාගන්නම් :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවෙ හංසි තරහ වෙලාද කියලා
      දිගටම එන්දෝ
      ජයවේ හංසි!

      Delete