Tuesday, October 13, 2015

කලියුගය



සයිබර් අවකාශයට පින් සිදුවන්නට
වැඳ ගතිමි මම නෙත් සිත් පුරා
බුදු උපන් පින් බිම

ක්ලාක්ගේ චන්ද්‍රිකා
චක්‍රායුධය නොවන්නට
කෙලෙස නම් යනුද මම
දේශසීමා අරගල මැදින්
වඳින්නට පුදබිම

සිටියේ නම් නුඹ
උතුමාණෙනි අයින්ස්ටයින්
තනා කාලයානය
බණ අසමි මම
මෙතේ බුදු අබියසද

ලිව්වේ - සබරෙ ඇනෝ (මිත්‍ර වර්ණ)

34 comments:

  1. අද අමුතුම විදියේ හිතට දැනෙන පදගැලපුමක් සබරේගෙන්..

    කාලයානය තිබුනනම් මම යන්නේ අපේ ගෞතම බුදුන්වහන්සේගේ කාලයට..
    ඉන් පස්සේ ජේසුතුමා බලන්නත් යනවා..
    ඉන් පස්සේ යන්නේ ඉස්කොලේ කාලේට.එතනින් මෙහාට එන්නෙනම් නැ

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තිබ්බනං කොච්චර සෝක්ද බන්. මට මගෙ ජීවිතේ ප්‍රධාන වැරදි 3ක් ත්යෙනවා පුලුවන්නං අතීතෙට ගිහින් කෝම හරි හදාගන්නවා........ඒත් ඉතිං....... හ්ම්........

      Delete
    2. හපොයි මනෝ අනේ අසරණ ගුරුවරු. මනෝ හැමදාම ඉස්කෝලේ ඉන්න එක

      කාල යානය තිබ්බොත් අපිට ජීවත් වෙන්න වෙලාවක් නෑ ආර්යයන් වැරදි හරි ගස්සනවා මිසක්. ඒ නිසා මෙහෙම හොදයි මං හිතන්නේ

      Delete
    3. කාල යානය තිබුනනම් මම ක්ලියෝ පැට්රා සෙට් කරගන්නවා සැරින් සැරේ ගිහින්...
      ආරි කිව්ව එකනම් මටත් හිතිලා තියනවා..
      එක්කෝ ඉතින් වයිෆ් දෙන දෙයක් කාලා ඉස්සරහට වෙන දෙයක් බලාගෙන මෙහෙම ඉන්න එක ඊට වඩා හොදයි බං..

      Delete
    4. එහෙනං ඉතින් සීසර්ට වගේ තමා මැරෙන්න වෙන්නේ

      Delete
    5. මේ අතීතයට ඇවිත් ඉන්නෙ කියලා හිතාගෙන වැරදි නොකර කරන දේ උපරිමයෙන් කරන්න පුළුවන් නම් හොඳයි

      Delete
    6. මොකුත් හිතන්න එපා. එහෙම හැකියාවක් තියේනං නබි උන්නාන්සෙ ඇර අනිත් උත්තමයො බැහැ දකින්න මාත් යනවා. එක අතකට ඔය හැමෝම ඒ කාලවල හිටපු අපරිමිත බුද්ධියක් තිබුණු මිනිස්සු. හරියට අයින්ස්ටයින් වගේ. අපේ බස්සි වගේ. වර්ණයා වගේ. මට වෙලාවකට හිතෙනවා මේ දර්ශනයන් ඒ ඒ අයගෙ හිත්වල ඇතිවුණු ෆැන්ටසිද කියලත්. පස්සෙ කාලෙක මිනිස්සුන්ට ඒවා ඇත්ත බවට සාක්ෂි ලැබෙන්න ඇති. දැන්නම් තියෙන්නෙ ඔරිජිනල් දර්ශන නෙමේ. විචිත්‍ර දර්ශන.

      Delete
    7. පොඩ්ඩක් කයියක් ගළප ගත්තට මට ලොකු බුද්ධියක් නෑ මදුවෝ.. හැබැයි උඹේ කතාව හරි අතීතයේ හිටපු ශ්‍රේෂ්ඨයන්ගේ දේශනා නිසා තමා අදටත් මේ ලෝකෙ මෙහෙම හරි රැකිලා තියෙන්නේ..
      ජයවේ මදුවෝ

      Delete
  2. පට්ටනෙ....... වෙනස්ම මෙව්ව එකක් ආ.......

    ReplyDelete
  3. /// තනා කාලයානය
    බණ අසමි මම
    මෙතේ බුදු අබියසද///
    අර මනුස්සයා බුදු වෙන එකත් නැති කරන්නද හදන්නෙ මලේ...?

    වෙනස්ම විදිහට හිතලා තියෙන නිසා දැනෙන දේත් ගොඩක් වෙනස්. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අපි බණ ඇහුවොත් ඇහෙන්නැද්ද අයියන්ඩි.
      ඔයා එන්ට මං බන අහනවා ෆොටෝ ගන්ට

      Delete
    2. බණ අහන්න මෛත්‍රී බෝධිසත්වයෝ බුදු වෙන්න එපැයි... මුං අනාගතේට ගියොත් ඒ මනුස්සයාවත් නැති කරනවා ශුවර්...

      Delete
    3. මගෙත් වැරදුන තැනක් තියනවා හදන්න....
      :)

      Delete
  4. පට්ට ක්‍රියේටිව් සිතුවිල්ලක් මචං

    ReplyDelete
    Replies
    1. තැන්කු ඉවාන් අයියේ.
      ට්‍රයි එකක් දෙන්නකෝ අපිට එකක් හදා ගන්න.

      Delete
  5. මිත්‍ර වර්ණටත් හිතෙන දේවල් :D ... හරිම නිර්මාණශීලි.

    ReplyDelete
  6. කාලතරණ යන්ත්‍රයක් තිබ්බනං මං මගේ පරණ වැරදි එකක්වත් හදන්නෙ නෑ. මට මෙහෙම හොඳා...

    සබර් ඇනේගෙ සංකල්පනාව මල් මසුරං...

    ReplyDelete
    Replies
    1. අන්න ඩ්‍රැකී තමා ඇත්තම කිවුවේ...
      තැන්කු ඩ්‍රැකී

      Delete
    2. කරලා තියන වැරදි හදන්න වෙලාව මදි.ඒ තරම් නරිප්පඩ වැඩනේ ඩ්‍රැකියා කරේ.ඒකයි ඔහොම කියන්නේ..

      Delete
    3. වෙල්කම් ඩ්‍රැකී

      ජය

      Delete
  7. Replies
    1. මක්කද කුරුට්ටෝ ඇත්ත. මං බණ අහනවා කිවුව එක නේද

      Delete
  8. 1ටයි 2ටය් කැමතී. 3ට අකමැතී. අතීතය වෙනස් වෙලා ටයිම් ලයින් පිස්සු නැටුවොත්. හැක්..

    ටිකක් විතර වෙනස් නිර්මාණයක් මචෝ අගෙය්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මහේෂ් ක්‍රි.ව +3000 වෙනුවට ක්‍රි.ව -3000 යයි නේ

      Delete
  9. ඇයි මෙතේ බුදුන් විතරක් නෙමේ අතීතයට ගියොත් අටවිසි බුදුවරුන්ගෙන්ම බණ අහන්න පුළුවන්...
    ලස්සනයි සබරේ
    ජයවේවා!

    ReplyDelete
  10. එතකොට ඔක්කොම ටැපලෙනවා වර්ණ

    ReplyDelete
  11. මගෙත් වැරදුන තැනක් තියනවා හදන්න....

    ReplyDelete
    Replies
    1. ඒකට නම් ප්ලාස්ටිත් සැත්කමක් ඇතිවෙයි යාළුවා.... ඒ තරම් දුර යන්න වෙන එකක් නෑ බය වේව එපා

      Delete
  12. එහෙනම් අපිට කාලයානයක් හදන්නම වෙනවා. මොකෝ ඒ තරම්ම කට්ටියක් ඉන්නවා

    ReplyDelete
  13. හරි මම ගානෙ ලෑලියි ඇණයි දෙන්නම්

    ReplyDelete