Sunday, October 4, 2015

බිඳුනු පෙම....



දුටිමි මම
ඒ පත්තර පිටුව
මහ මගෙහි අසරණව
ඉරී ගොස් කඩමලුව
තවත් එය නොම වීය
මා තැනූ ඔරිගම් මල ව


ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)

28 comments:

  1. තවමත් ඔයාගේ ඔරිගම් මල නේ ......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔවු නිහින්සා....
      ඒක මගේ මලම තමා හැමදාමත්.....

      Delete
  2. වචන ටිකක් පද පේලි හයක් උනාට ලොකු අදහසක් සැගවිලා තිබෙනවා..............
    නියමයි සබරේ...

    ReplyDelete
    Replies
    1. ඔවු මනෝ
      කොහෙද ඉතින් ඕනි කියල ඉල්ල ගත්තට ඔවයේ වටිනකමක් දන්න එකක්යැ...ඉතින් විසික්කල්ලා දානවනේ

      Delete
  3. මතක සැමරුම් කියන්නෙ ලේසියෙන් විසිවෙලා යන දේවල් නෙවී
    කෙනෙක්ට ඒක පත්තර පිටුවක් වෙන්නත් තව කෙනෙක්ට ඒක මල වෙන්නත් හේතුව ඒකයි
    නේහ්
    අගෙයි

    ReplyDelete
    Replies
    1. විසික් කරන අය ඒක මලක් බව නොදන්නවා නෙවී මහේෂ්.

      Delete
  4. ලස්සනයි සබරේ...
    ඒක නෙවෙයි මාත් හරි ආසයි ඔය ඔරිගමී වලට. ගෙදර හැමතැනම තියෙනවා හදපු ඒවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඔය බෙල්ලෙ එල්ලන් ඉන්න එකෙන් ෆොටෝ එකක් අරන් දාන්නකෝ.
      තැන්කු කැමා අයියා

      Delete
  5. ඉවත ලමි
    නුඹ තැනූ මෙ ඔරිගමි මල
    තුන්විටක් සිඹ
    පල කිමද නුඹ නැතිව
    මෙමලින්

    වර්ණ කුලක

    ReplyDelete
    Replies
    1. හම්මෝ වර්න නොහිතපුම පැත්තක්
      ලස්සනයි අදහස..

      Delete
  6. රැක නොගත්තේ ඇයි නුඹ තැණු
    ඒ ලස්සන ඔරිගම් මල

    ලොකු කතාවක් නේද සබරේ මිතුරේ... ලස්සන කවිය...
    ආයුබෝවන් !

    ReplyDelete
    Replies
    1. තැන්කු ගීතිකා
      දුන්නට පස්සේ විසික්කා කොරලනේ ගීතිකා

      Delete
  7. මෙන්න වර්නයා හැඩ වෙලා. එල එල.

    ReplyDelete
    Replies
    1. තැන්කියු හොඳේ...
      ජයවේවා!

      Delete
  8. සූටි උනාට ලස්සනම ලස්සනයි...........

    ReplyDelete
  9. ඒකම නොවුනට ඒක තමයි ඒ

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඉවාන් අයියේ කිව්වේ මට තේරුන්නැනේ

      Delete
  10. චචන අඩු වුණාට ඒ තුළ ලොකු අර්ථයක් තියෙනවා. නියමයි මිත්‍ර වර්ණ
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. තැන්කු යාළුවේ
      ඔයත් සාදරයෙන් පිළිගන්නවා

      Delete
  11. ඔරිගම් මල කතා කරයි නම් ......
    සිතුණිද ? ඔබට විය හැකි අරුමය .....
    ඔබේ ඔය ඔරිගම් මල
    කියාවි දස දහසක් කවි පද .......

    සුභ පැතුම්
    අඹයා

    ReplyDelete
    Replies
    1. තැන්කු අඹයෝ................

      පිපිනු ඔරිගම් මල නොවේ
      පරවුනු මල කියු කවි පද
      හැමදාම මෙහි ලියවේවි
      අඹයෝ.....

      Delete
  12. මේ කවියේ මාතෘකාව දැක්ක ගමන්ම මට මතක් වුනේ මේ සිංදුව
    පිවිතුරුය පළමු පෙම බිහිසුණුය බිඳුනු දින -කරුණාරත්න දිවුල්ගනේ

    වර්ණ ඒ කඩදාසි ඔරිගම් මල අහුලගන්න. කලින් හැදුවටත් වඩා ලස්සන මලක් අත්දැකීමෙන් ම හදන්න පුළුවන් වේවි. කලින් හැදුව මලේ නැමුම් පාරවල් නම් ඇති ඒවා අමතක කරන්න අලුත් මලකට කැමතිවෙන කෙනෙක් ඉඳීවි :)

    ReplyDelete
    Replies
    1. වර්ණට අහුලගන්න කියන්න එපෝ හන්සියෝ... ඒක මිත්‍ර වර්ණගේ....
      තැන්කු හංසියෝ

      Delete
    2. නෑ හිටහන්කෝ මම අහුලගන්නවා... කොහෙද ඕක තිබුණෙ...

      Delete
    3. හපෝ චී මෙන්න පොඩි ළමයි වගේ රන්ඩුවෙනවා :D ඔය දෙන්නම වර්ණලනෙ ' මිත්‍ර ' කැල්ල නම් දාන්න බැරි උනා. කමක් නැහැ ඔය මුලින් අහුල ගත්ත කෙනෙක්‌ ඕන දෙයක් කරගන්න :P

      Delete