Tuesday, September 8, 2015

වීනාව වයන්නෙමි....


ආදරය ගිනි ගනී
ඇගේ රුව ඇති ඇගේ සුවඳැති
මා තැනූ රෝමයම අළු අතර සඟවා
ආදරය ගිනි ගනී

ඇගේ අත් අකුරු හැඩ
විෂ ඝෝර සර්පයන්
වෙළාගෙන මා සිරුර
පෙළයි මා විෂ දළින්
හෙළා උන් ගින්දරට කෙසේ හෝ මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි

ඇගේ සිහිනිඟට සම
පුළිඟු වීදුරු බඳුන්
සොයාවිත් මා මුවඟ
දවයි මා මීවිතින්
හෙළා එය ගින්දරට මීවිතෙන් මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි
වර්ණකුලසූරිය

58 comments:

  1. අසංග ප්‍රියමන්තගේ ලස්සන සිංදුවක් තියෙන්නේ ...සෙනෙහසකට අරැතක් පුරවන්නට අහසෙ තරැ ගැන්නා.. වෙරළෙ රල මැන්නා.......
    මගේ එක මිත්‍රයෙක් අවංක ආදරය වෙනුවෙන් කූඩුවෙ දින ගැන්නා

    ReplyDelete
    Replies
    1. මාත් ආසම සින්දුවක්
      මගෙ අත දිඟු කළ හැකි හැම මොහොතේ ඔබ අත මා දුරකින් තිබුණා...
      සෙනෙහසකට අරැතක් පුරවන්නට කූඩුවෙ දින ගැන්නා...
      ජයවේ මනෝමන්දිර!

      Delete
  2. කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි.....මේ ටික පට්ට මමත් මේ අවසාන පදේ අත්විඳිනවා. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙලාවල් අපේ ජීවිතවලට එනවා දිලිනියෝ...
      ජයවේ දිලිනි!

      Delete
  3. ගින්දර මෙන් අාදරේ
    සෙල්ලම් දන්නෑ පුතේ
    ලැබුවොතින් අාදරේ
    ගින්දර මෙනි ජීවිතේ

    ReplyDelete
    Replies
    1. විරහ ගින්දර තෙලිදියෙන් නිවන්න බැරි වෙයිද බං?
      ජයවේ තෙලී...

      Delete
  4. සැප්තැම්බර් අට වැනිදා... අද සබරෙ ඇනෝගේ උපන්දිනය
    ******* සුභ උපන් දිනයක් සබරේ ඇනෝ **********

    ReplyDelete
  5. වීදුරු බදුන මිසක සම සිහිනිගට
    මී විතක් සම වේද
    ඇගෙන් විදි ප්‍රේමයට

    ලස්සනයි වර්ණ ..... වරහව තමා මේ ලොකේ ලස්සනම දේ අදෙරේටත් වඩා

    ReplyDelete
    Replies
    1. බිඳෙන වීදුරුව මෙනි
      බිඳී ගිය ආදරය
      පැරණි මීවතක් මෙනි
      මත් කරන‍ අතීතය

      නෑ මිත්‍රයෝ මට අනුව නම් ආදරේ ලස්සනයි....
      ජයවේ සබරේ...

      Delete
    2. හ්ම්ම් ඒත් හුදකලා විරහව...... ලොවකට අමුතුම ලස්සනක්

      Delete
    3. ඒක හරි මිත්‍රයෝ ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් විරහ රසය විඳල තියෙන්න ඕනෙ මට අනුව නම්
      ජයවේ සබරේ!

      Delete
    4. මිත්‍ර සබරේ සුබම සුබ උපන් දිනයක් වේවා.

      Delete
    5. 'ඇගේ ප්‍රේමේ අගේ'
      දැනුණි නම් විඳි ඔහුට
      මේ තරම් කඳුළු කැට
      නොඑනු ඇත නෙතු අගට

      සුබ උපන්දිනයක් ! සබරේ මිතුරේ...

      Delete
    6. තැන්කු ගීතිකා
      අළුත් යාළුවෙක් නේද සාදරයෙන් පිළිගන්නවා

      Delete
    7. පරණ වෙච්චි කේක් කෑල්ලක්වත් නැතෙයි...? සුබ පැතුම් මලේ...

      Delete
    8. තැන්කු කැමා අයියේ.... වර්ණට නම් මේල් කොලා කෑල්ලක්......

      Delete
  6. හෑ? උඹ කවියක් දැම්ම ද? මම දැක්කෙ දැන්නෙ.

    හරි හරි පට්ට කවියක් මචෝ. උඹ ලඟ තිබුනු කවි පොත තවම තියෙනව ද? ඉන්නගමන් ඒකත් හොයලා අරගෙන දෙකතුනක් අතෑරහං. ඒකෙ සුපිරි කවි තිබුන නේ.
    ජයවේ වර්න!

    ReplyDelete
    Replies
    1. ජීවිත ගොඩක් සටහන් තියෙන ඒ කවි පොත තාමත් තියෙනවා මචන්
      ඒකෙන් ගොඩක් ඒවා දාලා තියෙන්නෙ
      ජයවේ කස්!

      Delete
  7. කෙනෙක් අහයි විරහවේ කොහෙද රහක් තියෙන්නේ කියලා...ඒත් ඇත්තටම කියනවා නම් විරහවේ හැම තැනම රහයි.....
    ආදරේදි සමහර තැන් රහ උනාට විරහවේ හැම තැනම රහයි.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මචන් රහට වැඩිය විරහව රහයි
      සාදරයෙන් පිළිගන්නවා මලියා (වා.කා.)
      ජයවේ මලියා!

      Delete
    2. සාදරෙන් පිලි ගැනීම කෑදරෙන් බාර ගන්නවා

      Delete
  8. ආදරය සොඳුරු බව
    කියාදුන්මුත් නුඹම
    දවා ඒ ආදරය
    කළේ ඇයි දුක උරුම

    සදා ජය හා සතුට ! වර්ණ...

    ReplyDelete
    Replies
    1. දමා ගිනි මත සුපෙම් හදවත
      බැස ගියා නුඹ මගේ සඳවත
      ගයා වැලපුම් කිඳුරු දාවත
      මතකයන් තව තිබේ අළු මත....
      ජයවේ ගීති!


      Delete
    2. තනිවෙන බව මේ තරමට
      සිතුණාවත් නම් මදකට
      කවදාවත් නුඹ තුරුළට
      එන්නේ නෑ මා කිසිවිට

      සදා ජය හා සතුට ! වර්ණ...

      Delete
    3. තනිව තැවෙන හද මඩලට
      විරහ ගීත රස කුමටද
      තනිකම හැරදා සදහට
      එන්න හිතයි නුඹෙ තුරුලට
      ජයවේ ගීති !

      Delete
    4. තනිය මට සවිය විය
      කවිය මගෙ අවිය විය
      කිසි ඉඩක් නැතිව ගිය
      හිස් තැනකි මගෙ දිවිය

      සදා ජය හා සතුට ! වර්ණ...

      Delete
    5. සිත් මලින් දොවාගත්
      සෙනෙහෙ කිරි කලසකට
      හැකිවේද පුරවන්න
      තනිකමේ හිත් හිදැස...
      ජයවේ ගීති!

      Delete
    6. සොඳුරු සෙනෙහස තරම්
      මෙලොව වෙන නෑ දෙයක් කිසියම්
      හිතක් හිස්කර පිරුණු තනියෙන්
      පුරවන්නට දෝරෙ ගලනා තරම්

      සදා ජය හා සතුට ! වර්ණ...

      Delete
    7. සොඳුරු සිතුවම් සිතෙහි අඳිනා
      ආදරේ කවිකාරි නුඹ නම්
      වෙන දෙයක් නෑ මට වටින්නේ
      නුඹේ ඇස් දෙක තරම්...
      ජයවේ ගීති!

      Delete
    8. හා.... මේ මොකද බං. ඒ වර්නයා මේ උඹයි ගීතිකයි කොමෙන්ට් විදිහට ලියපු කවි ටික එකතු කරලා වෙනම පෝස්ට් එකක් දාපං. කවි සංවාදයක් විදිහට දාහං. නැගලා යයි. තව කට්ටියට කවියෙන් සංවාදයට කතා කරහං.

      Delete
    9. කවියෙන් කවිය උතුම් කවිය කියනවනේ අහස්
      උඹේ අදහසත් නරකම නෑ බලමුකෝ
      ජයවේ කස්!

      Delete
  9. කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි// මේක තම කරන්න ඕනෙ. පෙරලුනු පිට හොඳයි කියල ඉන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කැමෝ... එයා ගාවට යන්නත් බෑ... දුක දරා ගන්නත් බෑ.. දයාබර වීණාව වයනව හැර වෙන කරන්න දෙයකුත් නෑ...
      ජයවේ යශ්!

      Delete
  10. වීනාව වයාගෙන පාඩුවේ ඉන්න එක තමා හොද බං..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්... ආදරේ රෝමය ගිනි ගෙන අළු වෙද්දි නීරෝ හිතක් ඇති වෙන එක සාධරණයි බං
      ජයවේ දිනේශ්!

      Delete
  11. වර්ණ.......................

    කියවූ පළවෙනිම අවස්ථාවේ මගේ හිතට අාපු අදහස කියන්නම්... අමරසිරි පීරිස්ගේ හඩින් දර්ශන රුවන් දිසානායක සංගීතවත් කරපු සින්දුවක් තමා මගේ කනට අැහුනේ... මේක පරිස්සම් අැතිව තියා ගන්න.. කවදා හරි ඒ හඩින් කියවන්න උත්සහ කරන්න... අැත්තට ම අපිට තාම ඒ විදිහේ සම්බන්ධතාවයක් නැහැ.. ඒ නිසා ඒවැනි හැකියාවක් අැති කෙනෙක් හිටියොත් ඒකට සහයක් දෙන්න කියලත් අපි ඉල්ලන්නත් කැමතියි....

    ඔබේ ගමනට අපේ සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසෙන් මා ලැබූ සතුට කියාගන්න බැරි තරම් ගී පවුරේ...
      ඒත් ඒ වගේ වාසනාවක් මට ලැබේවිද?
      ඔබේ මේ වදන් ඉමහත් අතිමහත් ධෛර්යයක්
      ඔබට සැමදා ජයෙන් ජය වේවා
      ජයවේ ගීපවුර!

      Delete
    2. වර්ණ........

      කිසිම දෙයක් අපිට ළගට ගෙනැත් දෙන්නෑ.. ඒ නිසා මේ පද ටිකත් අරං හැකි තරම් දුවන්න... මේක ලස්සන ගීතයක් වෙනවා නිසැකයි... හැකිනම් දර්ශන රුවන් දිසානායකගේ ලිපිනයක් අංකයක් හොයා ගන්න.. මං අායෙම අායෙම මේ පද කියෙව්වා... හරිම ලස්සනයි.. සුන්දරයි.... පෙර මතකයන් ගැන මීවිත විසින් ගිලගැනීම ගැන සහ පරාජිත පෙම්වතෙකුගේ දුක මනාවට කියැවෙනවා.... හරිම අගෙයි....

      හැකි තරම් උත්සහ කරන්න.. මේ පද බ්ලොගයේ යටට යන්න දීලා බලං ඉන්න ඒපා... මනාටත් කියන්න බලන්න... සමහර විට අපේ අයගෙන් ම මේකට උදව්වක් ගන්න හැකියි... මං මනාගේ බ්ලොගයට ගිහින් මේක දාන්නම්.... ඔබත් තව තව උත්සහ කරන්න.. මේ පද ටික නිකං අතහරින්න ඒපා..... ඒ තරම් ලස්සනයි.....

      Delete
    3. ඔවු වර්ණ පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න මන් දන්න විදිහට රජී වෙල්ගම ලියපු මේ තරම් සිවුමැලිද සින්දුවත් මේ වගේම පන ගහපු එකක් නේද? ඒ සින්දුව කොයි තරම් නම් ලස්සනද මේකත් අපි හදල ගමු වර්ණ..

      Delete
    4. කුරුටු -
      ගොඩක් ස්තූතියි කුරුටු දිරි ගැන්වීමට. මම අනිවාර්යෙන්ම උත්සාහ කරන්නම්. රුවන් දිසානායකගේ විස්තර හොයාගන්න පුළුවන් වේවි. ගනීද දන්නෙ නෑ ඒත් උත්සාහ කරනවා ඔබ කී නිසාම. මනාට යොමු කිරීමටත් ගොඩක් ස්තූතියි. යළි යළිත් ස්තූතියි.
      දිගටම ඔබේ දිරිගැන්වීම ප්‍රාර්ථනා කරනවා
      ජයවේ කු.ගෑ.ගී.ප!
      මිත්‍ර -
      ස්තූතියි මිත්‍ර. උඹ ඉතින් ගෙදර මිනිහනේ.. (දැකලා නැතත්) අනිවා උත්සාහ කරන්නම්.
      ජයවේ සබරේ ඇනෝ!

      Delete
    5. අැත්තට ම වර්ණ.....

      බ්ලොග් අැතුලේ අැතිවන මහා නිර්මාණයන් ඒ තුළම සැගවිලා යනවා... අපි සින්ඩියෙනුත් උත්සහ කරන්නේ ඒ වගේ සැගවුණු මහා නිර්මාණයන් ඒළියට ගන්නයි... ඒවා මහා නිර්මාණයන් වෙන්න අවශ්‍යයි.... මේ බ්ලොග් ලියැවිල්ල මහා සමාජය වෙතටත් යන්න අවශ්‍යයි.... ඒවා නිර්මාණයන් විදිහට ඒළි දකින්න අවශ්‍යයි.... මේ දිරිගැන්වීමත් ඒ වෙනුවෙන් ම යි...

      Delete
    6. මගේ පද පෙළක් ගීයක් වෙනවා දකින්න ලැබෙනව නම් ඒක ලොකු වාසනාවක්. ඒ වෙනුවෙන් ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. කුරුටු ගෑ ගී පවුර මා වැන්නන්ට මහමෙරක්.
      ජයවේ ගී පවුර!

      Delete
    7. හ්ම්ම් කුරුට්ටට මගේ උපන්දිනේ පෙනිල නෑ හිටින්කො දවසක හමුවෙනකන් සබරේ සෙට් එක

      Delete
    8. ඒ සිරාවට ම ............................

      මට අැත්ත ට ම උඹලා අද ඊ්යේ අාවා වගෙයි මතක... අැත්තට ම මෙච්චර කල් කියලා හිතුවේ වත් නැහැ.. අනේ අපේ උණුසුම් සුභ පැතුම් මචංලා දෙන්නාට ම .... සබරේ කොල්ලේ ඒළ කොල්ල හරිය....

      වර්ණ...... මෙන්න වර්ණ අපේ සින්ඩියේ ලියලා තිබුණ විස්තරය...

      http://kurutugegeepawra1.blogspot.com/2015/09/blog-post.html#comment-form

      යටිනුත් මනා කැමැත්ත පළ කොට අැත.... මනා වැඩේට ලෑස්තියි... අපි මේක සින්දුවක් කරමු.... දැන් ඉතින් උඹේ කැමැත්ත දෙන්න විතරයි තියෙන්නේ... වැඩේ කොරමු මචං... කොරමු.... ජයවේවා

      Delete
    9. ගොඩක් ස්තූතියි කුරුට්ටෝ එහෙනම් වැඩේ කරමු ජයවේවා!

      Delete
  12. ”මීවිතින් මිදී ............
    වීනාව වැයීම..........”
    මත් වනවාට වැඩිය, සිහියෙන් සිටීම හොඳයි යාළුවා.....

    ඔබට ජය
    මම අඹයා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අඹයෝ
      හෙලා එය ගිනි මතට මී විතෙන් මිදෙන්නෙමි කීවේ
      ජයවේ අඹයා...
      අඹයා කීවට ඇත්තට මොන අඹද?

      Delete
  13. ගිටාර් පාරක් ගහගෙන ඉන්නවා මිසක් මොනාද ආයි.
    අද කොහොමද හිට්ස්!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ එකෙනෙ
      අද හිට්ස් අතිවිශිෂ්ටයි
      ජයවේ මධූ!

      Delete
  14. ලස්සන පද ටිකක් වර්ණ. හිත ගියා. මේ වචන ටිකට මොකක් හරි හොඳ දෙයක් කරන්නද ?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මනා කරමු කරමු
      දිගටම මේ පැත්තට ඇවිත් බලන්න
      හොඳ නිර්මාණ තියේ නම් සින්දු කරමු
      ජයවේ මනා!

      Delete
    2. මචෝ මට උඹේ ඊ මේල් ඇඩ්රස් එක ඕනෙ. කමෙන්ට් කරහන් මෙතනම. මේ සින්දුව එවන්න.
      මනා

      Delete
  15. මේල් කලා. චෙක් කරල බලන්න.

    ReplyDelete
    Replies
    1. වැඩේ නියමයි මචන්

      Delete