Thursday, September 3, 2015

සිත්තරාණෙනි කොහිද නුඹ අද..



සිහගිරි වන පෙතේ නොනිමි ගීතය
ගයන්නේ කිම ශෝකාලාපය

දෙවුලියන් නෙත කඳුළු රැන්ඳූ
සීගිරි ලඳුන් තෙලි තුඩඟ රැන්දූ
සරසවිය දෑතින් කිරුළු පැලඳූ
සිත්තරාණෙනි කොහිද සැඟවූ

කල්පයක් නෙත් කෙවෙණි බොඳකර
සීගිරි ලඳුන් ඇසු පැණය අබියස
පිදුරංගලත් කිම රකිනු ගොළුවත

දුහුළු සළුපට ඉනූ දෙනයන
සිහිනිඟෙහි රැලි මැවූ අතැඟිලි
කසුප් නිරිඳුට ඇවසි වූ සඳ
පබ්බතය මුදුනින් පාව ගියෙවද

ලිව්වේ - මිත්‍ර වර්ණ (සබරෙ ඇනෝ)


24 comments:

  1. මේ තරම් සියුමැලි ද කලුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා.

    මිත්‍ර මේ සින්දුව ලිව්වේ ඔයා මේක කොපි කරලා කියන්න නෙවෙයි.මේ මාතෘකාව දකිනකොට ම මතක් වුනේ මේ සින්දුව.

    ලස්සනයි මිත්‍ර.

    ReplyDelete
    Replies
    1. තැන්කු යාළුවේ
      ඒ සින්දුව ගොඩාක් ලස්සනයි . මන් ගොඩක් ආස කරන සින්දුවක්.......

      Delete
  2. ලස්සනයි සබරේ...................

    මේ සබරේ සෙට් ඒකම පොඩි සෙට් වීමක් වෙනවා... තාම මේල් වලින්... මේකට මේලක් දාන්න... විස්තර කතා කරමු.... දැනට විදානෙයා... ප්‍රසන්න... මධුමාධවී මේල් කරා......

    weerasinghehasitha@gmail.com

    ReplyDelete
    Replies
    1. සබරෙ විතරද ජපුරෙ අය ගන්නෙ නැද්ද?

      Delete
    2. සබරෙ කිවුවේ සබරගමුවේ අය වර්ණ
      තැන්කු කුරුට්ටෝ

      Delete
  3. වර්න මේ බ්ලොගේ මේල මොකක්ද? ඒකෙන් මට මේලක් එවපන්.

    ReplyDelete
  4. උඹ ඉන්න තිබ්බේ සීගිරි යුගයේ. එහෙනම් කැටපත් පවුරේ උඹේ කවිත් තියෙයි

    ReplyDelete
    Replies
    1. හී ...... ඔවුමයි දැනුත් ලියන්ට නම් හිතයි ඉවාන් අයියේ ... ඒත් හිරේ දානවනේ නැත්නම් මෙලහටත් මම ලියලා

      Delete
  5. වර්ණගේ තවත් වර්ණනා කල හැකි පබැදුමක්

    ReplyDelete
    Replies
    1. තැන්කු මනෝ....
      හැමදාම එන්ටෝ

      Delete
    2. මේක මිත්‍රවර්ණගෙ මනෝ ඒ කිව්වෙ සබරෙ ඇනෝගේ අපි දෙන්නෙක් මේකෙ ලියනවා
      ජයවේ මනෝ!

      Delete
  6. ගොඩක් වෙලාවට රජවරු තමන්ගෙ ලස්සන නිර්මාණ කරපු කලාකරුවන්ගෙ අත් කපලා දාලා, ඇස් අන්ද කරලා දාලා ආපහු ඒ වගේ නිර්මාණයක් කරන්න තියෙන හැකියාව නැති කලා කියලා කියනවා නේද..?

    ReplyDelete
    Replies
    1. ඔවු කැමා අයියේ.... ඒක මතක් වෙලා තමයි මමත් මේක ලිවුවේ

      Delete
  7. ලස්සනයි. ඉතා අනර්ගයි

    සීගිරියෙ තියෙන්නෙ සිංහ පාද නෙමයිලු නේද, ඒවයෙ කකුල් වල ඇඟිලි 3 ලු තියෙන්නෙ. ඉතින් තව මතයක් තියෙනවලු මේක රාවණා රජ්ජුරුවන්ගේ වැඩක් කියල. ඒතියෙ න්නෙ ගුරුලා කියන පක්ෂියගේ පාදලු. මේ කියන කතාවත් බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. තැන්කු යාළුවේ
      අනේ මන්ද තෙලි... ඔහොම ගියොත් ඔකේ ඇත්ත අයිතිකාරයා නම් මේ කපේදි හොයා ගන්න වෙන්නෑ

      Delete
    2. තෙලී මං ලින්ක් එක බැලුවා.... අනේ මන්ද ඉතිහාසේ හොයන එක ලේසි නෑ නේද

      Delete
  8. //කසුප් නිරිඳුට ඇවසි වූ සඳ
    පබ්බතය මුදුනින් පාව ගියෙවද//
    මේ කියන්නේ එක්තරා ඛෙදවාචකයක් ගැනද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔවු මාධවී
      නිර්මාණ ශිල්පියාගේ අත්දෙක කපන්න යනකොට සීගිරියෙන් පැන්නයි කියනව නේද..... ඒක හිතලයි ලිවුවේ

      Delete
  9. මගෙ විරහ අඳෝනා අතරට මේ වගේ එකක් එකතු වෙනඑක ලස්සන වෙනසක්
    ලස්සනයි සබරේ
    ජයවේ මිත්‍ර!

    ReplyDelete
  10. මිත්‍ර වර්ණ කියවල තියනවද මහින්ද ප්‍රසාද් මසිම්බුල කවියගේ 'හිරුත් හිම පියල්ලක 'කවි පොතේ සිගිරි ලඳුන් ගැන තිබිච්ච කවිය .හරිම ලස්සනයි . මේක කියෙව්වම මතක් උනෙත් ඒ කවිය

    ReplyDelete
    Replies
    1. හිරුත් හිම පියල්ලක කියන්නේ මගේ ආදරනීයම මතකයක් හංසි. මහින්ද ප්‍රසාද් මස්ම්බුල හරිම ලස්සන කවියෙක්

      Delete