Monday, September 28, 2015

මෝහිනී නොවේ...


පාළු වීදියේ ගොම්මන් රෑ
ඉඟ සළුව ලිහිල් වූ
මෝහනීය වත ඇත්තී
මෝහිනී නොවේ

මුවේ වදන් මධු වැනී
නමුත් හදේ මධු නැතුවා
යනෙන දනන් ඩැහැගනී
නමුත් නොදෙයි කිරි දරුවා

දෙනෙත් උපුල් නිල් වැනී
නමුත් හදේ මල් නැතුවා
යනෙන දනන් ඩැහැගනී
නමුත් නොදයෙි කිරි දරුවා

38 comments:

  1. ලස්සනයි වර්ණගේ පබැදුම

    මම හිතන්නේ ඉදිරියේදි මෝහිනි උනත් කොල්ලෝ ඉස්සරහට එන එකක් නැහැ.දැන් ඉන්න උන් මෝහිණි අහුවුනත් දූෂණය කරලා තමයි නවතින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ
      සහතික ඇත්ත දැන් ගොඩක් දෙනෙක්ගෙ මොළ වැලවලින් පිරිලා..
      ජයවේවා!

      Delete
    2. හොඳ වැලක් බැලුවොත් ලංකාවෙ මෝහිනීලා දිහා ඇහැක් ඇරලා බලන්න හිතෙන්නෑ.

      Delete
    3. බලලා වින්දනයක් ලබලා අත්අරිනව නම් කමක් නෑ ඒ වගෙන් මොළ කර කරගෙන අපරාධ කරන එකනෙ වැඩේ.
      ජයවේ මාධවී!

      Delete
  2. සුන්දරයි වර්ණ.............. අගේ අැති පද බැදීමක්.....

    වර්ණ අර කලින් ගේය පද රචනයට මොකද වුණේ..... මියුසික් කරන්න ගියපු වැඩේ මොකද වුණේ.............????

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මනා කරගෙන යනවා..
      මනා හදනවා කිව්වට පස්සෙ වෙන කෙනෙකුට දෙන එක හරි නැති නිසා මම වෙන කාටවත් දුන්නෙ නෑ...
      ස්තූතියි කුරුටු
      මේකත් ගීයකට හොඳයි නේද?
      ජයවේවා!

      Delete
  3. කොහොමද බං දරුවෙක් අතින් බිම තියන්නෙ මුං එක්ක බේරන්න බෑනෙ. ඒක වෙන්නැති ඔය මෝහනීය කාන්තාව කිරි දරුවෙකු නොදෙන්නෙ. දුන්නත් කවුද බාරගන්නෙ?

    ලස්සනයි මචෝ...

    ReplyDelete
    Replies
    1. අද කාලෙ වෙන දේවල්වල හැටියට මෝහිනීටත් දරුවා දෙන්න බය හිතෙනවා ඇති..
      ජයවේවා මචෝ!

      Delete
  4. උඹ අහලා තියෙනවද සමන් ලෙනින් ගේ මෝහිනී කියන සිංදුව??
    ඒක අහලා බලපන්!! මේ කතාවම ටිකක් වෙනස් විදියට තියෙනවා!!

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් අහල බපන්නම්කෝ
      ජයවේවා රූපේ!

      Delete
    2. ඔය සමන් ලෙනින් කිව්වම මතක් උනේ... උගේ තවත් මරු සින්දුවක් තමයි බෙරේ වැවට. අහලා බලන්න

      Delete
    3. එහෙනම් ඒකත් අහමු..
      ජයවේ බණ්ඩා!

      Delete
  5. සරළයි... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්
      ජයවේවා!

      Delete
  6. ලඳුනේ සින්දුව නව ආරකින්. වදිනවා ලෙසටම!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුවෝ
      ජයවේවා!

      Delete
  7. ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
    දොළ හඩන තුන් මං හන්දියේ
    කවුරු එනතුරු මග බලනවද
    මෝහිණී මගෙ නංගියේ
    මෝහිණි ආදර නංගියේ...

    කාලෙකට කලිං මං
    http://awanhala.blogspot.com/2014/01/blog-post_12.html
    ලීව එකක්...

    අගෙයි කවිය මචං... ලස්සනයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. රූපෙ කියපු වෙලාවේ සර්ච් කළාම අාපු ලින්ක් වලින් එකකට ගියා බලද්දි අවන්හලේ මේ ලිපිය......
      ස්තූතියි මහේෂ්
      ජයවේවා!

      Delete
  8. නිර්මාණාත්මක ඇහැකින්.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      ජයවේවා කුෂානි!

      Delete
  9. නෙත් අඳුන් කදුලැල් සඟවමී
    ලැම වරුණ ළය දුක සඟවමී
    රති සිහින සායම් කරමිනි
    දිවි සළුව ගෙත්තම් කරමිනී


    ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකටත් වැඩිය කොමෙන්ට් එක ගති
      ජයවේ සබරේ....!

      Delete
  10. Replies
    1. ස්තූතියි
      ජයවේ දිලිනි!

      Delete
  11. මං එනකොට පෙරහැර ගිහින්.
    කෙටියෙන් උනත් කියන්න ඕනෙ ටික නියමෙට කියලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තව යාළුවො එන්න ඉන්නවා කැමෝ..
      ස්තූතියි
      ජයවේ යශ්!

      Delete
  12. වෙනස් කොණෙකින්.......... ලස්සනයි...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      ජයවේ ආර්යන්!

      Delete
  13. නියමයි , සරලයි
    මිනිස් ජීවිත වල වටිනාකම කොයිබටද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් අයියේ...
      මට නම් හිතෙන්නේ ආත්මාර්ථකාමීත්වය මිනිස් සිත් වල දැඩිව ඉස්මතු වෙමින් පවතිනවා කියලා..
      ජයවේ ඉවාන්!

      Delete
  14. Replies
    1. පැමිණීම අතිමහත් සතුටක්
      ස්තූතියි
      ජයවේවා මාතයියා!

      Delete
  15. චචන ලස්සනයි වර්ණ කුලකය. දිගටම ලියන්න තවත්.
    ජයවේවා....!

    ReplyDelete
  16. 'මෝහනීය වත ඇත්තී
    මෝහිනී නොවේ...'

    මෝහිනී වුණත් කිරි දරුවාව දෙන එකක් නැහැ ආයෙ සිරි ලංකාවේදි නම් කාටවත්ම...
    ලස්සන, ඒ වගේම 'යනෙන දනන් ඩැහැගනී' කියද්දීත් අනුකම්පාව උපදවන කවි පෙළක් වර්ණ
    ආයුබෝවන් ! වර්ණ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගීතිකා
      ජයවේවා!

      Delete
  17. පට්ට කවිය වර්ණ..අසෙනි වැසි එකේ කමෙන්ටුවක දැකලයි ආවේ හොයාගෙන.. :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් තනිතරුවේ......
      ස්තූතියි
      ජයවේවා!

      Delete