Wednesday, September 23, 2015

දෙවියන් නොදුටු දුක් ගිනි



තිස් තුන් කෝටියක් දෙවියන් සිටින   රටේ
දෙකෝටියක මිනිසුන් කිම මෙලෙස  දුකේ
හදවත් ගිනි අරන් ගිනි කෙළි මවන   පැයේ
මිනිසුන් විසල් පුරයක සිරි මවති     ලොවේ

ඇතුළු නුවර සැනකෙළි වෙස් දිදුලන්නේ
සිරිකත බැලුම් හෙලමින් එහි රඟමින්නේ
සිරිකත නොදුටු දුක් ගිනි පිට නුවරුන්නේ
ඇතුළු නුවර නිරිඳෙකු කෙලෙසක දන්නේ

පිරුවට ගත දරා මෙත් සිත් පතුරන්නේ
කිරි කළ හතක් ගෙන බෝධිය නහවන්නේ
වැහැරුණු දෙතන මුව තුළ පණ යදිමින්නේ
කිරි කඳුලකට බිළිඳෙකු ඉකිලුම් ලන්නේ

ලිව්වේ - මිත්‍ර වර්ණ (සබරෙ ඇනෝ)


32 comments:

  1. පිරුවට ගත දරා මෙත් සිත් පතුරන්නේ
    කිරි කළ හතක් ගෙන බෝධිය නහවන්නේ
    වැහැරුණු දෙතන මුව තුළ පණ යදිමින්නේ
    කිරි කඳුලකට බිළිඳෙකු ඉකිලුම් ලන්නේ

    මම අද කැලණි පන්සලට ගියාම දැක්කෙත් ඔහොම දේවල් තමයි.පාර දිගේ කඩමලු ඇදගත්ත අසරණ වයසක අමිමලා අතපානව මොනව හරි දෙන්න බඩගිනියි කියාගෙන.අහක බලාගෙන ගිහින් දේවාලේ ලග පලතුරැ වටිටි පුරවලා ඔලුවෙ තියාගෙන ගිහින් දේවලෙට පූජා කරලා බිම පෙරලිලා අපිට අරක දීපියෝ මෙක දීපියෝ කියනවා.දෙයියන්ට ඉස්මුරැත්තාව දාලා සිහිනැතිවෙනවා ඔය තරමට කෑවොත් එහෙම.ඔන්න උපේ උන්දලාගේ තරම.




    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++
      කපුවො බාගයක් කාලා ඉතිරි කොටහ එවනවා බැතිමතා ඇතුළු පවුලේ සැමට.

      Delete
    2. ඒකනෙ බං කපුවො පන පිටින් කුණු වෙලා මැරෙන්නෙ. හැම එකාම නෙවෙයි හොර කපුවො ටික.

      Delete
    3. තැන්කු මනෝ....
      කියලවැඩක් නෑ මනෝ ඔය ගැන නම්.... නැති එකාට හැමදාමත් නෑ....

      Delete
  2. නියම ෂොට් ඇන්ඩ් හිට් එකක් සබරෙ මලයා.

    ReplyDelete
  3. නියමයි සබරේ !!!

    ReplyDelete
  4. ලංකාවෙ බත් කන හරක් ටික ඉන්නකම් ඕවා මාර්කට් වෙනවා විතරයි. ඔය දෙවියො ටික ලංකාවට බැස්සොත් දෙවියො පහලොවක් උසාගෙන ඉන්න වෙනවා. ඒ තරම් දෙවියො ඉන්න රටේනෙ මේවා වෙන්නෙ. වැඩක් නෑ මලේ....

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද කැමා අයියේ.... දෙයියොම බලාගනිත්වා මේ අවනඩු නේද

      Delete
  5. තිස් තුන් කෝටිය එකක් බැලුවම දෙකෝටිය ගණන් ගන්න බැහැනේ ඒකයි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ නේද ඉවාන් අයියේ... දෙයියන්ටත් නතින්ග් වගේ ඇති

      Delete
  6. නියමයි සබරේ සහෝ........................

    අගේ අැති කවි පද ටික.. කොහොමත් හොද කවියොනෝ උඹලා.... ජයවේවා...

    ReplyDelete
  7. සුපිරි......... මට එකපාරටම මතක් උනේ ඉස්කෝලෙ යනකාලෙ සිංහල පොතක තිබ්බ කවි පන්තියක්.................
    “කිසාගෝතමියක නෙවේ“ හරි මොකක් හරි නමක් තමා තිබ්බෙ............. ආයෙමත් කියන්නම් සුපිරි.............

    ReplyDelete
    Replies
    1. තැන්කු අ.ආ... මොකෝ ආර්යයන් ඉන් ද හූඩ් වගේ

      Delete
  8. මිනිසත් කම ගිලිහුණු මිනිසුන් වසන රටේ
    යහපත් පසුබිමක් ඇති වේවිද අපේ රටේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද නලීන් අයියේ..... මිනිස්සු මිනිස්සුන්ට වඩා දෙවියන් විස්වාස කරන කොට මනුෂ්‍යත්වය යයනවා අයියේ

      Delete
  9. දකින විට පංසලක් පිළිමයක් බෝධියක්
    හුනස්නෙන් නැගිටිමින් වදිනවා .......
    ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක
    කවුළුවෙන් අනන්තය සොයනවා ....

    බහුතරයකගේ හැටි ඔහොම තමයි ... එදත් අදත් හෙටත්
    කවි පෙළ අගෙයි . සර්ව කාලීනයි

    මම අඔයා

    ReplyDelete
    Replies
    1. තැන්කු අඹයෝ....
      අම්ම වගේද අඹයෝ අර පන්සලේ වාමන රුපයක් දැක්කහම ඇති වෙන පින

      Delete
  10. කැපුවොත් නැති කරන්නොනේ.. දෙවියොත් නැති කරන්නොනේ.. තව එහෙම ගොඩක් අය ඉන්නවා.. නැති කරන්නොනේ කියල කියුවොත් බැනුම් අහන්නත් වෙන..

    ReplyDelete
    Replies
    1. හී හී දෙයියො නැති උනොත් කාටද අප්පේ අපි වදින්නේ.......

      තැන්කු කමියයියේ.........

      Delete
  11. මාරයි සබරේ... ඇත්තමයි පස්ටයි...
    වස් කවි හරි නං කියන්න ඕන බං
    ජයවේවා

    ReplyDelete
  12. තැන්කු මහේෂ්.....
    වස්කවි කිවුවට වදින්නෑ මහේෂ් මතකද ප්‍රභාකරන්ටත් වස් කිවුවා......

    ReplyDelete
  13. මේ රටේ මිනිස්සුන්ට, මේ රටේ මිනිස්සු නිසාම ඇතිවෙන ප්‍රශ්න දෙවියන්ටවත් විසඳන්න බැරි තරම් සංකීර්ණයි කියලයි මට හිතෙන්නෙ...
    නියම පදපෙළ සබරේ මිතුරේ
    ජය හා සතුට !

    ReplyDelete
    Replies
    1. දෙවියො ඉන්නවද ගීතිකා..... මට තියෙන ප්‍රස්නේ ඒක.....

      Delete
  14. හැමදාමත් වගේ හිතට දැනෙන ලියල :)

    ReplyDelete
  15. අර්ථවත්.....
    ජයවේවා සබරේ...

    ReplyDelete
    Replies
    1. තැන්කු කියන්නෑ අද එන්න ගොඩක්ම පරක්කුයි

      Delete