Wednesday, September 16, 2015

සාපවේවා... සාපවේවා...


මම මලක් යැයි හෝ නොදන්නා
කැකුළු බිඳ රොන් සුව සොයන්නා
රුදුරු බඹරුනි රාගයට තොප
සාපවේවා... සාපවේවා...

මහා රති කෙළි මඟුල් සක්වළ
තොපට සරිලන දහස් මල් ඇත
එහෙව් ලෝකෙක කැකුළු කෙලෙසන
නරුම හිස් හත් කඩ පැළේවා
සාපවේවා සාපවේවා....

ලෙයින් ඉපදුණු දියණියන් දෙස
ලොවම බිහිකළ මවුවරුන් වෙත
කිරි සුවඳ දෙන සිඟිතියන් දෙස
බලන රා ඇස් පිළිස්සේවා
සාපවේවා සාපවේවා...

වර්ණකුලසූරිය

32 comments:

  1. හප්පා සැර ම වස් කවියක්

    ReplyDelete
    Replies
    1. වස් කවි කියල මදි දිලෝ ඕවගේ උන්ට
      ජයවේ දිලා!

      Delete
  2. සාප වෙන්නම ඔින වර්ණෙ,නිතීයෙන් මග හැරැනත් ස්වභාවධර්මයෙන් නමි මග හැරෙන්න එපා කියලමයි ප්‍රර්ථනාව,හිතේ ඇත් සංවෙගය නිසාමයි මමත් ඔය ගැන මට දැනුන දේ ලීවෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මනෝ...
      ජයවේ මනෝ!

      Delete
  3. හදවතටම දැනෙන්න ලිව්ව කවියක්.

    ReplyDelete
    Replies
    1. තුති හංසියෝ!
      ජයවේ හංස්!

      Delete
  4. "නෝවා" ෆිල්ම් එක මතක් වෙනවා වර්ණ. මිනිස්සු නිසා ලෝකෙ විනාස වෙන නිසා සත්තු විතරක් බේරුනා නම් ඇති කියන නෝවගෙ අදහස හරි කියලා හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන එකෙත් සාධාරණත්වයක් තියෙනවා කැමෝ.
      ජයවේ යශ්!

      Delete
    2. සැරටම බැනලා තීනෝ....මේ ඒක නෙමෙයි අර තරුනයා එකේ පුටෝ කෑල්ලක් මට මේල් කොරාපන් බලන්ට.....
      නැත්තන් මම බොට වස් කවියක් කියනෝ හරිය....

      Delete
    3. ඊයක අමුණල විද්දා බලපන්
      ජයවේ ව.කා.!

      Delete
  5. සොබාදහම සියල්ල විසඳාවි...

    ReplyDelete
    Replies
    1. සොබාදහමේ දඬුවම තමා ලැබිය යුත්තේ
      ජයවේ විබී!

      Delete
  6. චූටි දුව නිවනට, පාපතරයා සතර අපායට වැටේවා.

    ReplyDelete
    Replies
    1. මෙවන් ඉරණම්වලට බිලි වූ
      චූටි දුවලා නිවන් යත්වා
      පාපතරයෝ පැසෙත්වා නිරයේ

      Delete
  7. Replies
    1. ඔම් අජිත් අයියේ ඒක ඇත්ත
      ජයවේවා!

      Delete
  8. Replies
    1. මගේ නිර්මාණෙතුක් නෙළුම් යායට ගියා එහෙනම්
      ස්තුතියි අජිත් අයියේ
      ජයවේවා නෙළුම්යාය!

      Delete
  9. නියමම වස් කවියක්. අපේ කාලකන්නි වස් කවි කියන්නෙ අල්ලපු ගෙදර එකාට කෙළවියං කියලනෙ. ඒ අතින් මේවා තියෙන්නෙ බොහොම ඉහල තැනක.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාධවියෝ
      ජයවේ මධාවි!

      Delete
  10. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා
      දිගටම එන්ඩ ඈ..
      ජයවේ නලීන්!

      Delete
  11. හැම ක්‍රියාවකටම සරිලන ප්‍රතික්‍රියාවක් ඇත... ප්‍රමාද වී හෝ පසුතැවෙන්නට හේතු වේ
    අඩු ගානෙ අපායෙදි හරි සොට් එක හම්බෙනව...
    දැනුන මචෝ

    ReplyDelete
    Replies
    1. අනිවා ඇස්පනාපිට සොට් එක ලැබුණනම් අනිත් අයත් ඉගෙන ගනීවි
      ජයවේ මහේෂ්!

      Delete
  12. හදම රිදුම් දී වේදනාවෙන්
    සිත පෙළයි සියළඟම වෙවුලා
    අහෝ දියණී....
    නුඹ මගේ උනි නම් ............
    රකින්නෙමි මේ රුදුරු යකුන්ගෙන් .........

    ඔව් වර්ණ මේ යක්ෂයින්ට සාප වෙනවා.
    මගේ හිතේ වේදනාව වචන කරන්න බෑ අර දරුවා ගැන ඇහෙනකොට
    අහිංසක මල් තලලා පොඩි කරලා සතුටු වෙන්න
    උන්ගෙ හිත් කොයි තරම් දරුණු ද???????????

    ඔබට ජය
    මම අඹයා

    ReplyDelete
    Replies
    1. රකින්නට රුදු යකුන්ගෙන්
      යකින්නක වන මවුවරුන්
      කෙතොක් ඇත මේ ලොවේ
      එවන් ලොව නේද මේ
      කැකුළු මල් සිඳෙන්නේ

      ඒකමයි මාත් කවියෙන් පැතුවේ
      ජයවේ අඹයෝ!

      Delete
  13. වස් කවි කියලා මදි බං..

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන්ට නම් වස් කවි කියල මදි තමා බං
      ජයවේ දිනේශ්!

      Delete
  14. මේක දැන් මහා අපායක් වෙලා වර්ණ ඒකයි මේ

    හරිම ලස්සනයි වර්ණ. මම ටික කාලෙකින් මේ පැත්තේ ආවේ නැතෝ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඉදිරියට කොහොම වේවිද?
      ජයවේ මිත්‍ර!

      Delete
  15. මිනිස් දිවියේ අගය
    වැටහුමක් නැතිකමින
    මිනිසුන්ව ඉපදුණද
    නොමිනිසුන් වන අරුම...

    මේ ගැන මා අතින් කවියක් ලියැවෙන්නේ නැති තරමටම මේ සිදුවීම මාව කම්පනයට පත්කළා වර්ණ...
    ජය හා සතුට ! වර්ණ

    ReplyDelete
    Replies
    1. අපිත් ලිංගික ආශාවන් තියෙන මිනිස්සු ඒත් මේ තරම් පහත් කෘෘර අමානුෂික විදියට ඒ ආසාවන් තෘප්ත කරගන්න තැනට කවදාවත් මනස හදාගන්න අපිට බෑ...
      මේකට හේතුව මොකක්ද කියල මට හිතාගන්න බෑ... මේ වගේ මිනිසුන් ගැන ඇහෙද්දි මගෙ හිතට එන්නෙ දරාගන්න බැරි තරම් තරහවක් ද්වේශයක් වෛරයක්


      ජයවේවා ගීති!

      Delete