Sunday, September 13, 2015

ආදරණීය චේ....


ආදරණීය චේ....

අපේ උන්
ඔවුනොවුන් මරා කති
මහ උන්ගෙ
දොළදුකට
එක්ව දැල නූස්සන
තනි තනිව පියාඹන
ඔවුන් වෙයි අපේ කල
අමන වටු කුරුලු
රැළ
අවමාන අපවාද
අවලාද
නගයි උන්
නුඹ නැගූ ලෝකයට
නමුදු නුඹ
උන් තුළම
පණ ගසන බව නොදැන
ඔවුන් දත නියවනා
කඳුකරයෙ වඳුරු
රැළ
මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)

32 comments:

  1. සබරේ පෝස්ටි එකට අදාලව අදහසක් දක්වන්න තව ටිකක් හිතන්න ඔන.උපන් දිනේ ගැනදැනගන් ලැපුනේ ටිකක් පහුවෙලා.පහුවෙලා හරි කමක්නැනේ කමක් නැ ඔන්න අපි සුභ පැතුවා.

    සබරෙ කලින් පෝස්ටි එකේ දෙවන ලිපිය පලකලා .කියවලා බැලුවද
    අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

    ReplyDelete
    Replies
    1. තැන්කු මනෝ
      මන් අද කියවන්නනම්.... බලාගෙන හිටියේ ලියනකන්

      Delete
  2. වේ.... පන ගැහුවට ඇතුලේ තියන වරු ගති නැති වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නිහිංසා...
      තැන්කු හැමදාම එනවට

      Delete
  3. කාලීනයි. අපූරුයි!

    ReplyDelete
  4. මම කැමති ඒවගේම අකමැති ලෝක චරිතයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් lan එහෙම ඒවත් තියෙද....
      තැන්කු lan

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා lan

      Delete
  5. සිරි ලංතාවට චේ හරි යන්නෙ නෑ බං. අපේඋන්ට හරියන්නෙ පචේ.

    සකල සිරින් පිරි සිරි ලංකාවේ වටුවො රැලක් කොටු වී උන්නේ
    උන් හට පියඹා යන්නට බැරි ලෙස වටු වැද්දා දැලකුත් එලුවේ

    ඔය අතරේ උන් නාඹර වටුවන් තරුණමදෙන් පිරිපුන් වෙන්නා
    උස්සාගෙන දැල පියඹා යමු අපි කියලා හයියෙන් මොර දුන්නා...

    උඹලා කවුරුද අපිට කියන්නට වැඩිහිටි වටුවන් දෙස් දුන්නා
    අපි කියනා හැටියකට කොරාපං බොලා තාම පොඩි වැඩි වෙන්නා

    ඔය අතරේ මහ වැද්දත් එන බව දුරතියාම වටුවන් දැක්කා
    වැඩිහිටි වටුවන් තරුණ ගැටවු ටික අමතා මේ ලෙස දත් වික්කා

    හොඳයි එහෙමනං බොලාගෙ හැටියක් වැද්දත් ලඟ ලඟ අර එන්නා
    එකා වගේ අපි උස්සාගෙන දැල ඉගිල්ලිලා යමු විගහින්නා

    උස්සාගෙන දැල යමු අපි කීවට තරුණ ගැටවු ටික හැති දැම්මා
    අඩියක් වත් නෑ දැල නම් හෙල්ලුනෙ එ්මොකදැයි විපරම් කෙරුවා

    නාඹර වටුවන් ෆුල් ඩම් දාලම ඉස්සුව මුත් එ් දැල මිතුරේ
    මහවටුවන් නම් කරබාගෙනමයි ඉඳලා අැත්තේ එ් අතරේ

    ජයවේ වරුණේ....

    ReplyDelete
    Replies
    1. මරු කවිය තෙලී.... අපේ වටුවො නම් මේ වගේමයි හැබැයි නාඹර වටුවො අතරෙත් මෙහෙම උන් ඉන්නව කම්මැලිකමට
      තැන්කු තෙලී

      Delete
  6. ෂහ් අගේ ඇති කවියක්නෙ මචෝ.
    ජයවේවා වර්න.

    ReplyDelete
    Replies
    1. වර්ණ නෙමේ කසුනෝ මිත්‍ර වර්ණ සබරෙ ඇනෝ

      Delete
  7. අපූරුයි........
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කු අ‍ාර්යයන්
      මේ පැත්තට අළුත් වාගේ නේද
      සාදරයෙන් පිළිගන්නවා

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා අ.ආ

      Delete
  8. චේගෙන් අපි ගත්තේ සුරුට්ටුවයි තොප්පියයි විතරයි කියනවනේ , එක ඇත්ත මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉවාන් අයියේ.... පොඩි කාලේ වේ තමා මගේ වීරයා... ඒත් කැම්පස් ගියාට පස්සේ මට චේත් එපා උනා බොරු විප්ලව වාදීන් දැකලා.....

      Delete
  9. හ්ම්......
    චේ ගේ අනුගාමිකයො වගේ වෙන්න හැදුවට
    හරිම අනුගාමිකයෙක් නම් මම තාම ලංකාවේ දැකලා නෑ අහලත් නෑ.

    ලස්සනයි.
    ඔබට ජය
    මම අඹයා.....

    ReplyDelete
  10. මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ.....

    උපුටා ගැනීම ඉවානයාගෙනි..

    ReplyDelete
    Replies
    1. ඒක මිසක් මං බැලුවා ඉවාන් අයියත් දැන් කුරුටු බොගේද කියලා
      තැන්කු කුරුට්ටො'

      Delete
  11. බලන්න වර්ණයො,
    මිත්‍ර වර්ණයාට අහල පහළ උදවිය ඇවිත් ගියාට පෙන්නෙ නෑනේ.
    මේ මමත් ඇවිත් ගියෝ......
    අපිට ඉතින් කුඩම්මගෙ සැලකිලි .......

    මම අඹයා

    ReplyDelete
    Replies
    1. අයියෝ අඹයෝ සොරි අනේ...
      තැන්කු තැන්කු හොයාගෙන එනවටෝ

      Delete
    2. ඒකනෙ අඹයෝ
      ඇයි අපි කළුද සබරේ?

      Delete
    3. කළුයි නේන්නම්... Photo එකෙන් මුන පේන්නේ

      Delete
    4. මෙයා අව්ව වැටෙනකොට කළු වෙන කණ්නාඩි කූට්ටමක් පාවිච්චි කරන්නේ මේ දවස්වල . කොච්චර කිව්වත් අහන්නේ නෑ ඕක මාරු කරන්න කිව්වට. ඒ නිසා මෙයාට කළු සුදු ටීවී එකෙන් පේනවා වගේ තමා අපි හැමෝම පේන්නේ.
      අඹයා

      Delete
    5. ඒක තමයි නැත්තම් මෙච්චර සුදු මාවත් කළුවට පෙනෙවියැයි
      ජයවේ අඹයෝ
      ජයවේ සබරේ!

      Delete
  12. ලස්සනයි
    ජයවේ සබරේ!

    ReplyDelete
  13. චේව උඩ දාගෙන නැටුවට ඒ මනුස්සයා ගිය පාරෙ යන උන් ඉන්නවද කියන එක නම් සැකයි.
    ලස්සනයි මලේ..

    ReplyDelete
    Replies
    1. තැන්කු කැමා අයියේ
      අර ඉවාන් අයිය කියනව වගේ මාලේ ගෙලේ චේ පපුවේ තමා

      Delete