Tuesday, September 1, 2015

සොඳුරියේ ඔය නික්ම යනවද?


සියලු බැමි බිඳ ගිලිහෙනා
ඇහැල මල් පෙත්තක් වෙලා
සොඳුරියේ ඔය නික්ම යනවද
මමත් සතුටත් හැරදමා

සාප කළ මධුවිතම ළං කර
සෝක ගිනි නිවනා
වෑයමයි මේ
ඉනි කපා ගඟ දිය ලනා

ද්වේශ සහගත මිතුරු හදවත
පෙම් කැදලි බිඳිනා
කාලයයි මේ
විරහවට දොර හැරදෙනා

ලිව්වේ - වර්ණකුලසූරිය






27 comments:

  1. වර්න මේකත් හැබෑම සමාජ සිදුවීමක්.

    ලස්සනයි.

    වෙනසකටත් එක්ක ලියහංකො ආතල් කවියක්.
    ජයවේ වර්න!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අහසෙන් එන්නෝ (කසුනෝ)
      බලමුකො මචන් ඉදිරියට
      ජයවේ කස්!

      Delete
    2. අඩෝ බ්ලොග් එක අප්ඩේට් කරහන් හරිද?

      Delete
    3. බලපං එල කිරි වගේ ඊයේ රෑ අප්ඩේට් කරලා ඇති.

      Delete
    4. මගෙ බ්ලොග් රෝලෙ පෙන්නුවෙ නෑනෙ සොරි හොඳද?

      Delete
  2. සිනා සී සිටියත් එදා
    කඳුළු ඇත අද බොඳවෙලා
    ආදරෙයි නම් මට ඔයා
    ඇයිද මධු විත ලංවෙලා......

    මෙව්ව දැක්කම පිළිතුරු කයිමයි නෙව ලියැවෙන්නෙ. හැක් හැක්.
    ලස්සන කයි පංතියක් ඈග

    ReplyDelete
    Replies
    1. එළ එළ කවිවලින් කමෙන්ට් කරනව නම් නියමයි
      ජයවේ තෙලිදියෝ!

      Delete
    2. ප්‍රේමයෙන් තනිවුණු හිතක් ළඟ
      පෙම්බරිය වේ මධු විතක්...

      Delete
    3. මධු විතෙන් මත් වූ නෙතින් ඔබ
      බලනවද පෙම්බරි දෙසත්
      සයනයේ ඈ ඉකි බිඳින හඬ
      ගීතයක්වෙද හට නුඹත්

      Delete
    4. පෙම්බරිය ළඟ පෙම් බරව ඇත
      පෙමින් මත් වෙමි සිත් ලෙසේ
      එයින් පසු මට මධුවිතෙන් ඇති පළ කිමේ....

      Delete
  3. Replies
    1. ස්තූතියි මධුවෝ
      ජයවේවා මධු මාධවී!

      Delete
  4. Replies
    1. අඟේ ඉඳන් කන කන මිත්‍ර ද්‍රෝහියො
      ජයවේ ඉවාන්!

      Delete
  5. දුර ඉන්න හතුරට වැඩිය ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න කියන්නෙ නිකමටද....

    ReplyDelete
    Replies
    1. ඔව් කැමෝ සමහරක් යාළුවො හතුරන්ටත් වඩා භයානකයි
      ජයවේ යශ්!

      Delete
  6. Replies
    1. ලවටත් කෙළින මරු යාළුවෝ
      ජයවේවා දේශා!

      Delete
  7. ඔන්න නියම යාළුවෝ. අද කාලේ ඔය වගේ දේවල් සෑහෙන්න වෙනවනේ.. එහෙම වෙලාවට යන්න ඇරලා හිත හදාගන්නයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ආදරේ නැති එකී යාළුව එක්ක ගියත් එකයි වෙන එකෙක් එක්ක ගියත් එකයි
      ජයවේ දිනේ!

      Delete
  8. සියළු බැමි බිද ගිලිහෙනා
    ඇහැල මල්පෙත්තක් වෙලා
    වෙන්ව යා නම් සොදුරියේ
    කිමද නටුවක් රන්දලා
    මා නුඹේ මතකෙම සතපලා

    ReplyDelete
    Replies
    1. මලක් ලෙස නුඹ ගිලිහුණේ ඇයි
      මතක විස කටු රඳවලා..
      ජයවේ මිත්‍ර!

      Delete
  9. ඔන්න අපිත් ආවා මෙ පැත්තේ.රසය විදින්න පුලුවන් කවියක් ගීතයක් තියෙන්නේ කොතනද අපිත් එතනට එනවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මනෝ මන්දිර
      දිගටම එන්න අදහස් දක්වන්න
      ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා
      ජයවේවා මනෝමන්දිර!

      Delete
  10. හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නදුන්
      සාදරයෙන් පිළිගන්නවා දිගටම එන්න
      ජයවේ චානුක!

      Delete