Wednesday, August 5, 2015

උලළේණිය



අඩ සඳට පෙම් බැන්ද
උළලේණියේ
කලා සොලස පිරෙන තෙක්
මඟ බැලු ලදේ
කලා සොලස පිරි දිළුණ
ඒ පුර හ‍ඳේ
එක් වරම සාවියක්
මතු උනෙ කෙසේ
සඳට පියඹා යන්න
සවි නැති ගතේ
රැ දෙවරු ඉකිලමින්
හැඩු ලේණියේ
සඳට තනි නැත සාවි
සඳ තුරුල්ලේ
නුඹෙ කදුල සඳුට
දුර වැඩිමයි ළදේ.....

15 comments:

  1. දුක තමා ලේනියේ...
    (උලලේනි කියන්නෙ උලමාට නේද?)

    ReplyDelete
    Replies
    1. නෑ මධුවාටයි මාධවියාටයි...... හැක්

      Delete
    2. මධු උලලේනි කින්නේ කුරුට්ටට

      Delete
  2. උලලේනි කියන්නෙ උලමාටම තමයි මධු (හැබැයි ගෑනු සතාට වෙන්ට ඇති නේද ..... මාත් දන්නෑ අප්පා)

    ReplyDelete
    Replies
    1. සැබවින්ම ලස්සනයි මිත්‍ර

      Delete
  3. FB දැම්ම එකක්ද? ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් fb දාලා නම් නෑ ඉවානයියේ...... දැකල හුරුයිද

      Delete
  4. පාළුව දෙවනත් කරලා නාඩන් උළලේනෝ....

    අඩ සඳවල් දිහා බලන් ආදරේ කරන හුඟකට වෙන්නේ ඕක තමයි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඔවුනේ කසුට්ටෝ.......
      ඉහි.. ඉහි... ඉහි.... නේද

      Delete
  5. වර්ණ මොකෝ මේ දවස් වල හොයාගන්න වත් නැත්තේ

    ReplyDelete
    Replies
    1. නිවාඩුවකට ගමේ ගියා
      අදයි ආවේ....

      Delete
  6. අඩේ සබරේ................ මේ මං දැක්කාමයිනේ... කොහොමද බොල වර්ණයාට සෙට් වුනේ... මේක මුල්කාලේ ඉදලා ම අපි යනවා ඒනවා..... දැන් මේකට පෝස්ටු කීයක් විතර දැම්මාද??????? හිටු මං මේකට පොඩි වැඩක් දෙන්න...

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට කුරුටුගේ ඇසේ නෙවැ වැරැද්ද................. වයසේ වරුද්දනේ කමක් නෑ ඉතින් අයි ආවොත් තඩි කන්නාඩියක් දාගෙන එන්ටෝ

      Delete