Sunday, August 30, 2015

අම්මා



තේ දලු නෙළන දෑඟිලි නුඹෙ නොරිදෙන්නයි
මිරිවැඩි නොදුටු දෙපතුල් කටු නොඇනෙන්නයි
පිට මැද හෙලන කූඩයෙ බර නොදැනෙන්නයි
බිවු පැන් පොදෙන් කුසගිනි නුඹෙ වියැකෙන්නයි

මගෙ මවු හිසට සෙවණක් නැති මේ යාමේ
හිරු රජිඳේ නුඹ සැඟවී පලයන්නේ
සියුමැලි හිසට වැසි පොද බර වැඩි වන්නේ
වැසි දෙවිඳේ නුඹ පසුවී වැහැපන්නේ

පිරිත් පැනක සිසිලස මුව රඳමින්නේ
ඉඟ නෙරියේ මට පළ වැල දරමින්නේ
ලොවට හොරා කඩුල්ල සඳ පනිමින්නේ
දෙවුලොව නොදුටු සිරිකත නිවසට එන්නේ

ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)


22 comments:

  1. මේක නම් සුපිරියි, ජය

    ReplyDelete
  2. පිරිත් පැන් කීවේ....... එක්කො ඕන්නෑ.

    දල්ලේ කහට ඈ වත නොම දැවුනාවේ
    තල්ලේ කහට ලමැදේ නොම රැඳුණාවේ
    නිල්ලේ සුලඟ පිස ගත සිත සණහාවේ
    අම්මේ නුඹට ලෝ දන හිස් නැමුනාවේ

    ජය වේ.

    ReplyDelete
    Replies
    1. තෙලිදිය වාඩිය හැමදාම එනවට තැන්කු කිවුවෝ.....
      පිරිත් පැන් කීවේ....... එක්කො ඕන්නෑ.

      අම්මා ගෙට එද්දි කතා කරන් හඩ පිරිත් පැන් ඉහිනව වගේ නේද සහෝ

      පිරිත් පැනක සිසිලස මුව රඳමින්නේ

      Delete
    2. අඩේ... සොරි වෙන්ටෝන. මන් හිතුවෙ වෙනදෙයක්. ඒත් මන් බැලුව ඒව්වට කෝමෙයි පිරිත් පැන් ආදේශ කොරන්නෙ කියල.
      මන් ඔය තේ වත්තක වැඩ කරල තියෙනවනේ. ඒක නිස වෙන්ටැ රුයිතෙට හිතුනෙ.

      මේ තියෙන්නෙ ලින්කුව 1
      මේ තියෙන්නෙ ලින්කුව 2

      Delete
    3. අනේ අපොයි මේ අම්මා.... සහෝ

      Delete
    4. ඒකම නොවෙන්නම් මට ගලප ගන්න බැරිවුනේ.
      සොරි සහෝ
      මයේ රසඥතාවයේ අවුලක්

      Delete
  3. අන්න හරි සහෝ...................

    දැන් ඔය තියෙන්නේ තමන්ගේ නමයි අන්වර්ථ නාමයයි දෙකම දාලා.. හරිම ලස්සන කවියක්..ඔබ දෙදෙනාම හරිම ලස්සන කවි කාරයෝ... ඒ නිසා දැන්නම් හිතෙනවා හරිම තැනට තමා සෙට්වෙලා තියෙන්නේ කියලා... කවිය සුපිරියි..

    ReplyDelete
    Replies
    1. තැන්කු කරුට්ටෝ වර්න තරමටම ඔයත් බලකලානේ මට ලියන්න..... බැරි උනත් ඉතින් ඔන්න ඔහෙ ලිවුවා.....
      ඇත්ත වර්ණ කියන්නේ ගොඩක් හොද යාළුවෙක් තමා.... නැත්නම් ඉතින් කවදාවත් දැකල නැති යාළුවෙක් වෙනුවෙන් මේ තරම් ඉඩක් එයාගේ බ්ලොග් එකේ වෙන් කරන්නැනේ.....

      තැන්කු වර්ණ ඔයාටත්

      Delete
  4. ඇත්තටම ලස්සනයි මිත්‍ර
    බ්ලොගයේ අඩුව උඹ නිසා මැකෙනවා
    ජයවේ මිත්‍රවර්ණ (සබරේ ඇනෝ)

    ReplyDelete
    Replies
    1. තැන්කුවෝ ඔයා ඉතින් මගේ යාළුවනේ...

      Delete
  5. හ්ම්ම් නියමයි හදවතට දැනුනා.ජය !

    ReplyDelete
  6. හැබෑවට ම හදවත ට දැනුනු කවියක්. මගේ පොඩි කාලේ මතක් වෙනවා මිත්‍ර. මම කවි විචාරයට දක්ශයෙක් නොවෙන නිසා මගෙ හිතට වැඩියෙන්ම දැනුනු පද පෙල විතරක් කියලා යන්නම්.

    //ලොවට හොරා කඩුල්ල සඳ පනිමින්නේ
    දෙවුලොව නොදුටු සිරිකත නිවසට එන්නේ//

    ජය වේ මිත්‍ර.

    ReplyDelete
    Replies
    1. තැන්කු යාළුවේ..... දෙවි ලොව නොගියත් අපේ අම්මලා ශ්‍රියා කාන්තාව තමයි යාළුවේ

      Delete
  7. දිවුගනේ කියන,කපුගේ කියන පොලවෙ පය ගහල ඇවිදින අපේ අම්මලා කවුරුත් මෙම කවියෙන් නියොජනය වෙනවා හරිම ලස්සන අර්තවත් පද පෙලවල් ඔබට ජය !තව නිර්මාණ කරන්නට

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට අළුත් යාළුවෙක් නේද...
      ආදරෙන් පිළිගන්නවෝ..
      ආයෙත් ඇවිත් යන්න එන්න

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා කවියෝ
      දිගටම එන්න
      ජයවේ!

      Delete
  8. ප්‍රේමය ගැන වැඩිපුර ලියවෙන බ්ලොග් එකක් විදිහට වැදෙන ලේබලේ අද ගැලවිලා පතුරක්වක් නැතිව යන්න.

    ReplyDelete
    Replies
    1. ලේබල් ගහන්ට දෙන්නැතෝ....
      තැන්කු මාධවී හැමදාම ඇවිත් යනවට..

      Delete
  9. ලස්සනයි මලේ... ඉස්සර වගේ අම්මගෙ තාත්තගෙ ගුණ ගැයෙන්නෙ නැති කාලෙක මේ වගේ ලියන එක ගන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. තැන්කු කැමා අයියේ.....
      අපේ හැමෝගෙම අම්මලා පවු.. එයාලා හරි අහින්සකයි...

      Delete