Thursday, August 27, 2015

සරතැසක බිලි වී


සරතැසක බිලි වී
මියැදුණා ස්නේහයක්
දිය පොදක් ඉල්ලා පණ අදී
පරම පිවිතුරු ආලයක්.....
පරම පිවිතුරු ආලයක්.....

සරත් සඳ නිලඹරෙන් ගලවා
අඳුරු කුටියක සතපවා
විඳිද්දී සරතැසෙහි උණුසුම
දොරකඩින් පැන ගියා ප්‍රේමය

නොපිපි මල නටු අගින් උදුරා
යහන අභිමුව පෙති සලා
දකිද්දී සරතැසෙහි රොන්සුනු
ක්ෂණයකින් මිය ගියා ස්නේහය

ලිව්වේ - වර්ණකුලසූරිය





13 comments:

  1. අනේ මන්දා වර්ණේ.. කියන්න හිතට එන දේ ගලපාගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ කෙලින්ම කියලා දාපන් මචන්..
      ජයවේ යශ්!

      Delete
  2. අනේ මන්දා මචෝ මට වැටහුනේ මේ වාගේ ...

    කුමරි බඹසර පරම පිවිතුරු
    කුවේරය දැන් තොපට බිලි දෙමි...
    බිලි ගනින් මා බිලි ගනින්
    කුමරි බඹසර බිලි ගනින්...
    ශිල්ප සඳහා ලැබූ සහතික
    හදේ ගින්නෙන් දවමි තොප ලඟ...
    මුදල් අගයන තොපේ ලොවකට
    උගත්කම් ගුණ දහම් කුමටද...
    තොපට බිලි වී තොපෙන් සුරැකී...
    කාණු පල්ලේ පලි ගසන්නෙමි
    දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
    අපේ ලෝකය ගොඩනඟන්නෙමි...

    සංගීතය : රෝහණ වීරසිංහ
    ගායනය : නන්දා මාලිනී

    ReplyDelete
    Replies
    1. සමීප ගීයක් සින්දුවෝ... උඹේ පැමිණීම කුලකයට එළියක්
      ජයවේවා සින්දු ඇනෝ!

      Delete
  3. ප්‍රේමය රාගයේම අංගයක්ද රාගය ප්‍රේමයේ අංගයක්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. "ස්නේහයේ නගරයයි සිත මගේ
      මාවතක් හෝ නොවූ රාගයේ
      වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
      කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ"

      Delete
    2. ප්‍රේමයෙන් තොර රාගය ප්‍රේමය නසන්නක්ද මධූ...?
      ජයවේ මධු

      සින්දු ඉතින් තැනට සුදුසු ගී පද දන්නවනේ
      ජයවේ සින්දු!

      Delete
  4. Replies
    1. කෝ අද කවි කමෙන්ට් නැද්ද?

      Delete
  5. වර්ණ උඹ සුපිරි කවියෙක්.... ගේය පද රචකයෙක්... වෙන මොනවා කියන්න ද මං.....

    ReplyDelete
    Replies
    1. ගී පවුරෙන් ලැබෙන දිරිමත් කිරීම මට ගොඩාක් වටිනවා
      ස්තූතියි
      ජයවේවා!

      Delete
  6. ලස්ස්නයි බං.. ඊට වඩා දෙයක් නොකියමි..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් දෙනවට ගොඩක් ස්තූතියි දිනේෂ්
      ජයවේ දිනේ!

      Delete