Monday, August 24, 2015

මහමග ලන්දූ


නෙත උණුසුමක් නොලදින් ගිලිහෙන කඳුලූ
හද නැවතුමක් නොලදින් හෙළු     සුසුමන්ලූ
සඳ මැදියමේ සිඳඟන ලෙස දැරු        කිරුළු
ඉර මැදියමට වෙසඟන ලෙස උන්      දුටලු

නුඹෙ රස පතන උන් සංකර            තිරිසන්නු
ලොවටත් ‍හොරා මහ මගටම හිත           රැන්දූ
සුදු පිරුවට ඔතා ගත කිලි කුණු            වැසිලූ
නුඹ තරමටම උන් ගැන දන්නේ            කවුරූ

කුසගිනි නිවන්නට මහ මග ගිය         ලන්දූ
සම්මස් නහර දන්දුන් සංකර      ලන්දූ
වරදක් නොකර දඬුවම් විඳිනා    ලන්දූ
නුඹ පමණක්ද සොයුරිය මේ ලොව  සලෙලු


25 comments:

  1. අනේද කියන්නෙ බං. සේරම හොඳා. අන්තිමට නම පටබඳින්න එන්නෙ කස්ටමර්ලමයි.

    ReplyDelete
    Replies
    1. ඔවු මධු හැමදාම බැනුම් අහන්නේ ගෑනු.
      තැන්කු මධු

      Delete
  2. සලෙලුන් හා එක් වන මේ වෙසඟන්නූ
    ඇත වණලා හිමි සිරි රල් තොට ගම්මූ
    දෙවඟන ලෙස පුර දිදුලා ගෙන උන්නූ
    පුරඟන ඇයි අද අමතා ලෙස ගොන්නූ....

    ඕං මාත් ඇවිත් ගියා ඈ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නනවා... තෙලිදිය වාඩිය
      ආයෙත් ඇවිත් යන්න එන්න

      පුරඟන හරිද වරදිද මම නොම දන්නා
      එනමුදු වරද ඇය පමනෙකි නොසිතෙන්නා

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා තෙලිදිය
      ජයවේ!

      Delete
  3. ළැම විතරක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ලඳුනේ
    ලස්සනයි මිත්‍රවර්ණ (සබරේ ඇනෝ)
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. තැන්තු වර්ණ
      වර්ණ ඉතින් මගේ යාළුවනේ......

      Delete
    2. මොකද්ද බං මේ උඹලා දෙන්නගේ ලවු එක?මට නිකන් පිස්සු වගේ.උඹලා දෙන්නා එකගෙයි කන එවුන් දෙන්නෙක්ද?

      Delete
    3. කසුට්ටෝ...... මරනවා මෝඩ කතා කිව්වොත් හොදේ.....

      Delete
    4. වර්ණ කුලකයේ මමත් (වර්ණකුලසූරිය) මිත්‍රවර්ණත් (සබරෙ ඇනෝ) ලියනවා ඉතින් මිත්‍ර ලියන ඒවට මම ලස්සනයි කියනවා මම ලියන ඒවට මිත්‍ර ලස්සනයි කියනවා ඕක පිස්සු හැදෙන්න දෙයක් නෙමේ කටුස්සා. අනික එකගෙයි කන්න තියා මම සබරෙ ඇනෝව දැකලවත් නෑ.
      ජයවේ කසුට්ටා!

      Delete
  4. සඳ මැදියමේ සිඳඟන ලෙස දැරු        කිරුළු
    ඉර මැදියමට වෙසඟන ලෙස උන්      දුටලු
    උඹ වගකීමෙන්ද මේ ලියලා තියෙන්නේ. කොහොමද මේක හොයාගත්තේ? උඹත් FCID එකේද? කොහොම වුනත් කවියනම් අම්බ ..........

    ReplyDelete
    Replies
    1. FCID ඒක තේරුන්නැනේ....
      දන්න එක්කෙනෙක් මේකේ තේරුම දාන්නෝ........
      තැන්කු යාළුවේ හැමදාම එන්න

      Delete
    2. FCID කියන්නෙ මූල්‍ය අපරාධ විමර්ශන කොමිසම
      අහසෙන් එන්නා මගෙ හොඳ යාළුවෙක් මිත්‍ර
      ඔහු දෘශ්‍යාබාධිතයි. ඒත් වැඩකිඩ අතින් අපිටත් වඩා ඉදිරියෙන්

      Delete
  5. ජීවත් වෙන්න මිනිස්සු එක්ක නිදි වදින ගෑනිට ගණිකාව කියලා නිදි වදින පිරිමියාම බනිද්දි, ආතල් එකට ඒකි එක්ක නිදි වදින්න යන එකාට මොකක්ද කියන්න වෙන්නෙ මලේ...? මේ ලෝකෙ කවදා වෙනස් වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා කැමා අයියේ....
      වෘත්තිය හොදයි කියනව නෙවී ඒත් අසාධාරණයක් වෙනවා....
      මේ පැත්තත් බලල යන්න එනවට තැන්කු කැමා අයියේ

      Delete
    2. ඇයි කැමා උට ගනකයා කියන්න බැරිද බං.

      Delete
    3. උගෙ නම අභය වුණොත් ඝනකාභයා කියන්න පුළුවන්

      Delete
  6. ඒත් තවත් ජීවිතයකි..

    ReplyDelete
    Replies
    1. තැන්කු දිනේෂ්....
      ඔයත් ඉතින් හැමදාම එන වර්ණ කුලකයේ හොදම යාළුවෙක්නේ...

      Delete
  7. ඒ ලන්දූ.....
    මත රැන්ඳු .........
    පද මාලය ......
    අගෙයි මිතූ....

    මම අඹයා...

    ReplyDelete
  8. මේ ලෝකේ වැඩියෙන්ම අසාධාරනයට ලක්වුන මිනිස්සු ටිකක්.කරුමේ කියන්නේ ඒ මිනිස්සුන්ට බනින්නේ ඒ මිනිස්සු ගාවට යන එවුන්ම වෙන එකයි.
    "ඔබලා අතර පවුනොකල කිසිවෙකු වේනම් ඔහු විසින් පළමු ගල මේ ස්ත්‍රියට ගසන්න"

    ReplyDelete
    Replies
    1. ඔවු කසුටු.... වැඩිපුරම වැරදි හොයන්නේ වැරදි කරන උන්මයි.... බලන්න එපැයි සීලවන්තයොයි පත්තිනිඅම්මලායි මේ මාතෘකාව පට්ට ගහන යස.
      තැන්කු කසුට්ටා

      Delete
  9. සුන්දර පද ගැලපීමක් සබරේ..........

    හරිම ලස්සනට ලියපු දුක හිතෙන කතාවක්... මේ විකෘති ක්‍රියාව තුළ සැගවිලා තියෙන මනුස්ස ජීවිතයේ යථාර්තය අපි දකින්න උත්සහ කරන්නෑ.... මේ කාන්තාවන්ගේ අාර්ථික ප්‍රශ්ණ, පවුලේ තත්වය, දරුවන්ගේ තත්වය, සමාජ ප්‍රශ්ණ වගේ පැතිරුණු තත්වයන් දිහා අපි බලන්නෑ.. මතුපිටින් බලලා බනිනවා... මේ රාගය හොයාගෙන යන්නවුන් දිහා බලලා විතරක් අපි බනිනවා.... ඒත් ඒ තුළ අැග විකුණන කාන්තාවගේ අැතුළාන්තය බලන්න අපි නම්‍යශීලී නැහැ.... ඒ පැත්ත නොදැක අපිට මේ තුළ අැති සත්‍යය දකින්න බැහැ...

    වෙනස් ම මාතෘකාවක් ගැන ලියුවාට ස්තූතියි මචං

    ReplyDelete
  10. තැන්කු කුරුට්ටෝ
    අපි තුළත් මේ හැම චරිතයක්ම ජීවත් වෙනවා කුරුට්ටෝ..

    ReplyDelete