Thursday, August 20, 2015

අනුරාධ මම නුඹේ රාධිකා..


ආදරේ නාමයෙන්
නුඹව විශ්වාස කර
නුඹ සමග නිදි වැදුණු
අනුරාධ මම නුඹේ රාධිකා

නිරුවත්ව කාමරේ
මගේ මුළු ජීවිතය
නුඹේ අත තියද්දී
මොන නරුම හිතකින්ද
හංගලා කැමරාව
වීඩියෝ කෙරුවෙ නුඹ

සීතලේ පොළව යට
අද තනිව නිදන්නෙමි
අතීතය ගැන සිතා
තවම පසුතැවෙන්නෙමි
දිරාගිය ඇස්වලින්
කඳුළු උගුලුවන්නෙමි

18 comments:

  1. සමහර දේවල් කියන්න වචන මදි වෙන වෙලාවල් තියෙනවා මේ වගේ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත යෂ්
      ජයවේ!

      Delete
  2. ආදරේ නාමයෙන්
    නිදිවදින ලෝකයක
    නුඹ නොවෙයි කෙලසුනේ
    ආදරෙයි රාධිකා

    ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම මිත්‍ර
      කෙලෙසෙන්නෙ පිවිතුරු ආදරේ
      ජයවේ මිත්‍ර

      Delete
  3. තමන්ගේ ක්‍රියාදාම ගොන්නට අළුත් ක්ලිප් එකක් එකතු කරගන්න මිස වෙන මොකටද? ජීවිත සිය ගණන් නැතිවෙලා ඇති මේ වගේ ගොං ආතල් නිසා. (උඹේ කවිය හිතක් කම්පාකරවන්න හොඳටම සමත්)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මධුවෝ
      ජයවේ මධූ!

      Delete
  4. මොහොතක් සිතුවිල්ලේ තනිකල සිත සසල කලවූ නිර්මාණයක්, කොතරම් තරුණ ජීවිත මේ ඉරණමට මුහුන දෙන්න ඇත්ද, මේ අපේ පොලෝ තලේ........

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ සිය ගාණකටත් වැඩියෙන්
      ජයවේ උන්මන්තක

      Delete
  5. හැමදාම කියනවා වගේ උඹේ කවි අම්බ.... සෙයිය.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා පැරණි මිත්‍රයා
      දිගටම අහසෙන් එන්න
      ජයවේ කජ්ජ!

      Delete
  6. හරිම අගේ අැති වචන ගැලපීමක්.... අදහස කියන්න ඔබ වචන නිරුවත් කරලා... අවස්ථාව නිරුවත් කරලා.... නිරුවත් අැගේ දුකට සලු පිළි අැන්දුවා කියලයි මට නම් හිතෙන්නේ වර්ණ.... සුපිරියි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුට්ටෝ
      ඔබ වැන්නෙකුගේ අගය කිරීමක් මා වැන්නෙකුට මහමෙරක්
      ජයවේ ගී පවුර

      Delete
  7. ඒක මචං ආදරේ නෙමෙයි.. රැවටිල්ල..

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම දිනේෂයෝ ඒක රැවටීමක් ආදරේ රැවටීමක්
      ජයවේ දිනේෂ්!

      Delete
  8. හද සසල කළ පදවැල් ගෙත්තම.....
    ඉතිරි කර ඇත.... සිතන්නට බොහෝ... දුර.......

    අවවාදයයි.
    වඳුරාට දැලි පිහිය සේම...
    අනුරාධලාට කැමරාව හසු වීම
    එකසේ විපත් හා ආපදා ඇති කරයි.

    ජය වේ ... වර්ණ
    මම අඹයා.....

    ReplyDelete
    Replies
    1. නියම අවවාදයක්
      ජයවේ අඹයෝ

      Delete
  9. හදවතට දැනෙන නිර්මාණ කරන්න හිත දුන්නෙ කවදා ඉඳන්ද සෙයිය....
    මහින්ද අයියා.

    ReplyDelete
    Replies
    1. හදවතට දැනුණ දා ඉඳන් තමයි මහින්දයියේ
      චූටි පුතා මතක් කළා කියන්න
      ජයවේවා!

      Delete