Tuesday, August 18, 2015

පාං



රැවටුනාද නරියෝ
කේජු නෙවෙයි බං මේ
පාං
ටෝස්ට් කරලත් ගන්න
සැන්විචසුත් හදන
පුඩිමටත් අගේ ඇති 
බටර් චීස් ජෑම් එක්ක
ආනමාළුත් මැච් වෙන
ඒත් කොයින්ද බං
පරිප්පු හොද්දක්වත්
මක්ක කිවුවා...
දියවැඩියාව
අපොයි හිතන්ටවත් එපා
පරළු පාන් නෙවී බං
ඊටත් කොයින්ද
දර පෝරණු
ඕනිම නං ‍දෙඤ්ඤං 
පරංගිත් නොකපු තිරුවානා
හැබැයි ඉතිං
හූනෙක් පත්තෑයෙක් මිසක
කුකුළෙක් හෙම හොයනව
නෙවෙයි ඔං.....


25 comments:

  1. මරු අදහස.. ලස්සනයි..

    ReplyDelete
  2. සැබෑ වෙනසක්. අපූරුයි!

    ReplyDelete
    Replies
    1. අළුත් නෑ මධු හැමදාම කන පාන්නේ......
      තැනුකූ මාධවී

      Delete
  3. අප්පා.මාර කවියක්. මීට පෙර ලෝකයේ කොහෙවත් දැකලා අහලා නැති උසස්ම උසස් ශ්‍රේෂ්ඨ උත්කෘෂ්ඨ විශිෂ්ඨ ගූ ගඳ ගහන අච්චාරු බාසාවකින් ලියන ලද අජපල් හඩු විකාර තුට්ටු දෙකේ හෑල්ලක්

    ReplyDelete
    Replies
    1. ඉහත දිනේෂ්, මධුමාධවී කියන්නෙ කවි ගැන යමක් දන්න උදවිය ඒ අය ලස්සනයි අපූරුයි කියනව නම් ඔබ වගේ නමින් පෙනී සිටින්න බැරි කෙනෙක්ගෙ අදහසෙහි කිසිම වටිනා කමක් නැහැ.

      Delete
    2. ///////සයිබර් අවකාශයේදීනම් ඇනෝලා හෝ අතිපණ්ඩිත කුණු අහුලන්නෝ ඔබේ ලියැවිලි අපමණ පීඩාවට පත් කරනවා වෙන්නට පුලුවන්./////

      බස්සිගේ නවාතැනෙන් උපුටාගන්නා ලද්දකි.(http://bassigenawathana.blogspot.com/2015/08/blog-post_19.html)

      ඉහත ඇනෝවා ඊට පරිසමාප්ත නිදසුනකි.

      Delete
    3. මෙය ලියා ඇත්තේ ඔබ දන්නා හඳුනන කොනෙකු වීමට ඇති ඉඩකඩ බොහෝයි. නොදන්න අයෙකුට මෙහෙම ලියන්න කාලය නාස්ති කරන්න අවශ්‍යතාවක් නෑ.

      කෙසේ වෙතත්, බ්ලොග් ලියන්න ආ යුත්තේ කබර හමක් එක්කයි, නැති නම් කමෙන්ට් වැසිය යුතුයි!

      Delete
    4. එයත් විය හැකියි රසික

      නමුත් මෙවැන්නකින් අප නොසැලෙන බව ඒ ඇනෝවාට මතක් කර දිය යුතුමය. මින් පසුව සැබෑ විචාරයක් නොවූ අපහාසාත්මක ද්වේශසහගත අවමානසිකත්වකින් යුතු ඇනෝ කොමෙන්ට්ස් මකා දමමු.


      Delete
    5. පාන්වලට අතිශයින් වෛර කරන මේ ඇනෝවාගේ මානසික තත්ත්වයට අපි මෛත්‍රී කරමු.
      ඔහුට එසේ වන්නට හේතු බොහෝ ඇති.
      සමහර විට පාන් කාලම අප්පිරියා ඇති.
      මීට සංවේගයට පත් අඹයා.......

      Delete
    6. තැන්කු අඹයෝ......
      ඒත් ඉතින් ජාතික ආහාරෙට වයිර කරල කොමැයි

      Delete
    7. @ අඹයා
      ඒක හරි මචන්
      ජයවේ අඹයෝ.

      Delete
  4. ලංකාවේ ජාතික ආහාරය නේද මේ...?
    ලස්සනයි ඇත්තටම....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් කුලකයට පිළිගන්නවා යසන්ත
      ජයවේවා

      Delete
  5. වර්ණකුලසූරිය කෙනෙකුගේ "වර්ණ කුලකය" ට වර්ණකුලසූරිය කෙනෙකුගේ සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      සාදරයෙන් පිළිගන්නවා වර්ණකුලසූරිය
      ජයවේවා!

      Delete
    2. මං හිතන විදියට වර්ණකුලසූරිය ප්‍රනාන්දුලා ටොං ගානක් ලංකාවේ ඉන්නවා!

      Delete

    3. සාදරයෙන් පිළිගන්නව රසිකයෝ
      ජයවේවා!

      Delete
  6. මරු කයිය වර්ණයා. ඔය ඇනොලට බයවෙන්ට සිත රිදෝගන්ට කාරි නැතුවා. ඔහොව් කොමෙන්ට් එත්දී කියවෙන්නේ ඔය කස්ටියට ඕක කොහෙට හරි සැරටම වැදිලා කියන ඒකයි මම නම් හිතන්නේ.ජය !

    ReplyDelete
    Replies
    1. තැන්කු දිලිනි ..... කො මේ වර්ණ නෑනේ අප්පා......

      Delete
    2. @ දිලිනි
      ස්තූතියි දිලිනි
      ඔබ වන් මිතුරන්ගේ දාගැබක් වන් සුභාශිංසනය අසල එකී ඇනෝවාගේ ගැරහුම අග්ගලාවකි
      ජයවේ දිලිනියෝ!

      Delete
  7. Replies
    1. පිළිගන්නවා සාදරයෙන් ආචාර්ය වීරකෝන්
      ජයවේ ආචාර්යතුමා

      Delete