Sunday, August 16, 2015

වසන්තය ගෙන යන්න


වසන්තය ගෙන යන්න
ඉතිරි කර මට එක මලක්
නුඹට රිසි තැන
වසන්තය ගෙන යන්න

ප්‍රේම නිම්නය වසා පැතිරුණු
කඳුළු මිහිදුම් දරා ඉවසමි
ඈත කඳු ඉස නුඹේ සෙවණැලි
රිදුම් නෙතගින් බලා සැනසෙමි

ආල කිවිඳුන් සොරා ගෙන ගිය
සුපෙම් හදවත් යළිත් නොපතමි
මා නමට ලියු ප්‍රේම පදවැල්
කිසිම දිනයෙක යළිත් නොදෙනෙමි

9 comments:

  1. මලක් මොකටද පරවෙලා යන
    මතකයක් මොකටද මැලවිලා යන
    හිනාවක් නැතුවද හිතම අවුලන
    ප්‍රේමයක් නුඹ කඳුලු වස්සන

    ReplyDelete
    Replies
    1. මිහිදන්ය වසන්තය
      සුපසන්ය අතීතය
      නුමුත් පිබිදේ නම්
      තුරින් තුර හෝ
      අමිරි මතකය
      බාඳුරා මලක් වී....

      ජයවේ මහේෂයෝ

      Delete
  2. Replies
    1. ස්තූතියි මචන් සුන්දරයි කියපු එකය නෙමෙයි
      හැමදාමත් එකවගේ ඉන්නවට
      ජයවේ ගී පවුර

      Delete
  3. වාව්... අන්න බයිසිකල්!

    ReplyDelete
  4. වසන්තය එන්නෙපා
    නොපිප‍ේවි නම් මගේ මල

    ReplyDelete
    Replies
    1. නොපිපුණත් මගේ මල
      වසන්තය නුඹ එන්න

      Delete