Monday, August 10, 2015

අවසරයි මට යන්න



අවසරයි මට යන්න
හිත බිඳපු රත්තරන්
අලුත් ලොවකට මගේ
ඉඳුල් ප්‍රේමය අරන්

හිත මගෙන් වෙන්වී
ඉගිල යන්නට තනයි
පුළුන් රොදකුදු දැන්
මේ හිතට හරි බරයි

නුඹේ රුව සිහි වී
කදුළු බිඳුවක් මැවෙයි
ලොවම එක් පස වී
එකඳුළට දොස් නගයි


19 comments:

  1. අළුත් ලොවකට යන්න
    ඉදුල පෙම කුමකටද
    ලොකයත් අළුත් නම්
    නැවුම් පෙම විදගන්න

    ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමේ මිත්‍රයෝ...(මට නම්)
      ස්තූතියි මිත්‍රවර්ණ
      ජයවේවා!

      Delete
  2. අළුත් ලොවකට යනවනම් සුබ පතලා පැත්තකට වීම හොදයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ගොඩක් දවසකින්
      සුභ පතලා ඈතට... වෙන්නම්...
      ජයවේ දිනේෂ්!

      Delete
  3. ඉඳුල් උනත් ප්‍රේමය නං මාරයි අනේ..

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය නම් කිමැයි කියා ඔබ මට කියාදුන්නෙහිය.
      ජයවේ දේශකයෝ

      Delete
  4. හරිම ලස්සනයි වර්ණ... උඹ දවසින් දවස දියුනු වෙන... අලුත් විදිහට හිතන.... නිර්මාණශීලී කොල්ලෙක්.... ඒකයි අපි මෙච්චර ම කැමති...

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතියි ගී පවුරේ
      ජයවේවා!

      Delete
  5. කළු පෙට්ටිය..........! (කොහේ යන්නද බං මේ අපිව දාලා)
    මිස්ටර් වර්ණකුළසූරිය අනන්‍යතාවය තියාගෙන දිගටම අදිනවා නේද? ඒක අගයකරන්න වටින දෙයක්.

    ReplyDelete
    Replies
    1. ජයවේ මාධවියෝ
      නොවැරදීම ගොඩවදින ඔබ අපට ශක්තියක්!

      Delete
  6. ප්‍රේමය කිමැයි කියාදුන්
    ඔබමැයි
    ඔබගේ සිතමයි
    ප්‍රේමය නිසාම මා අතරමංකලේ....
    (ජානක පෙරේරා )

    ඔය ඉඳුල් ඉඳුල් කියලා කියවන්න යන්න එපා සහෝ.කෙලවෙන පොටක්තමයි.හම්බවෙන හැම එකීටම කියපන් තවම මැස්සෙක්වත් වහලා නෑ කියල.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කසුට්ටෝ මාත් කිවුවේ...............

      Delete
    2. මේ පෙම්වතීට හොර බොරු හැංගිලි නෑ වගේ කටුසු හද
      ජයවේවා!

      අතීතය හංගන්න හොඳ නෑ මිත්‍රෙයා්

      Delete
  7. පිළිසකර කරනු බැරි බිඳුණු පෙම හිත දරන්
    අලුත් ලොවකට යන්නෙ මා කෙලෙස රත්තරන්
    ප්‍රේමයක් යළි යළිත් හටනොගන්නක් බැවින්
    ජීවිතය ගෙවුණාවෙ හුරුපුරුදු තනිකමින්

    ReplyDelete
    Replies
    1. පිළිසකර කරමි සිත
      ආදරය ආදරෙන්
      ඒත් නුඹෙ ඇස් නැතිව
      ලෝකයක් කොහිද මට....

      සාදරයෙන් පිළිගන්නවා ගීතිකා
      දිගටම එන්න
      ජයවේ ගීතිකා!

      Delete
    2. හරිහැටිම දැකගන්න
      පවත්නා තතු හොඳින්
      ලොව දිහා බැලිය යුතු
      නුඹ, නුඹේ ඇස්වලින්

      ස්තූතියි...
      ජය හා සතුට සමඟින්
      ආයුබෝවේවා ඔබටත් ඉතින්...

      Delete
    3. සිත සැලෙන මේ ලොවට මගේ ඇස් පමණ වේ
      නමුත් අප පෙම් ලොවට නුඹේ ඇස් අවැසි වේ
      ජයවේ!

      Delete
    4. නොපතන්න කිසිදාක නොලැබෙනා අවැසි දේ
      සැනසෙන්න හැමදාම වෙතින් නුඹ ලද දේ

      නියමයි සහෝ...
      ස්තූතියි ඔබට‍ බොහොම...

      Delete
    5. ස්තූතියි ගීතිකා
      දිගටම ඔබේ පැමිණීම අපේක්ෂා කරනවා
      ගීතමට කොමෙන්ටු සමගින්
      ජයවේ ගීත්!

      Delete