Sunday, August 2, 2015

මායිමේ වැට


මායිමේ වැට බැඳෙද්දී
බිඳෙන්නේ සිත් පවුරමයි
කට පුරා අයියා කියූ..
සිත පුරා මල්ලියි ඇසූ..

පන්සලේ පටු තීරුවේ
සිතුවමක් සිනහ වී සිටියා
දෙදරවා ගිය බිඳි ඉරෙන් ඒ
සිනහවද මැකුණා....

පැන්සලේ තුඩ උල්කළේ නුඹ
එයම නුඹ හද විදී තිබුණා
මිතුදමේ සොහොයුරු දමේ ලේ
ගල් ගැසී තිබුණා...

12 comments:

  1. දුක හිතෙන කතාවක් අගේට කවියට නගලා... නියම හැකියාවක් වර්ණ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු
      ජයවේවා!

      Delete
  2. සල්ලි ඉස්සරහා මොන මනුස්සකමක්වත් ඉතුරුවෙන්නේ නෑ බං....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කටුසු
      ජයවේ ඇන්ඩ් වෙල්කම්

      Delete
  3. කිමද මේ ලෙස චෝදනා
    මමත් නොදනී නුඹත් නොදනි
    කවුරු කෙලෙසක කෙදින මේ ලෙස
    පැන්සලේ තුඩ උල්කලා


    ලස්සනයි වර්ණ
    මිත්‍රවර්ණ

    ReplyDelete
    Replies
    1. මල්ලී හිතනවා අයියාගෙ වෙනස් වීම අධ්‍යාපනය කියලා.. අයියත් තමන් වගේම නූගත් වුණා නම් වෙනසක් වෙන්නෙ නෑ කියලා..
      ස්තූතියි මිත්‍ර
      ජයවේ

      Delete
  4. එකට එක බත් හැලිය කෑවත් ......
    එකට එක තැන නිදා ගත්තත්.......
    එකම අම්මාට අම්මා කීවත්......
    වස්තුව දේපල ඉදිරියේ බොහෝ දෙනෙකුගේ හතවතේ
    නෑ කිසිම නෑ කමක් ............

    ඔබට ජය........

    මම අඹයා .........

    ReplyDelete
    Replies
    1. වස්තු තණ්හාව උත්සන්න වූ කල මේ පියාය මේ මවය මේ සොහොයුරාය යැයි දැකීමට නෙත් අඳ වනු ඇත. තණ්හාව නිසා පියවරුන් මවුවරුන් මරා දමන සමාජයක එය අරුමයක්ද නොවේ.

      ජයවේ අඹ යාළුවෝ....

      Delete
  5. ඔය පැන්සල දෙපැත්තම උල් කරගෙන සන්නාහ සන්නද්ධ වෙන එක අපේ පොඩි කාලෙත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මටත් තිබ්‍රණා එහෙම කාලයක්!

      Delete
  6. මේකට අර youtube එකේ ලිංකුව දැම්මනම් හරිනෙ වාසුවෝ. දැන් පරක්කු වැඩියි. කොහෙද මට උඹේ බ්ලොග හම්බුනේ පරක්කු වෙලානෙ බං. අනිත් ඒවට මං කොමෙන්ට් කළා ියල හිතාගනිං මචෝ හොඳේ. මං ඒවා කියවලා විතරක් යනවා. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. වාසුවෝ??
      ජයවේ අහසෙන් එන්නෝ

      Delete