Wednesday, July 8, 2015

ඔබ සිටියා පිළිම රුවක් සේ.....


රෝස මලින් සරසන ලද
කටු කැලයක ඔබ සිටියා
පිච්ච මලක් සේ
නෙතක් සිතක් නැති මිනිසෙක් සේ

සඳකැන් උයනට ගෙනැවිත්
අතැර දැමූ සමනලියන්
සිතූ සිතූ පාට අරන්
සිතු සිතු තැන ඉගිල ගියා
ඔබ සිටියා පිළිම රුවක් සේ

සඳකැන් උයනෙහි බඹරුන්
රවටාගෙන සමනලියන්
ගලවාගෙන උන් අත්තටු
අඳුර මැදින් සැඟව ගියා
ඔබ සිටියා සොහොන් කොතක් සේ

13 comments:

  1. හම්මේ...

    ඒ මොකද බන් ඒ...

    ReplyDelete
    Replies
    1. සමනලියන්ට ඔහේ ඉගිලෙන්න දීලා උන් විනාශ වෙන දිහා බලාගෙන කී දාහක් නම් පිළිම වගේ ඉන්නවද බන්
      ජයවේවා vbෂණ!

      Delete
  2. Replies
    1. බ්‍රා ද එළ?
      ජයවේ මෙන්ඩ්!

      Delete
  3. සෑට ඉන්නෙ සලබයොනෙ අනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මධූවො රෑ සමනලියො?
      ජයවේ මධුස්!

      Delete
  4. රෝස මලින් සරසන ලද
    කටු කැලයක ඔබ සිටියා


    සමනල තටු ගලවන් ගිය
    බඹරුන් දැක හැඩුවෙමි මං
    දුටුවත් නුඹ රෝස උයන්
    කටු කැලයක සිරවුනි මං
    කදුලු සලන පිළිම රුවක්
    නොදුටුවෙ කිම සොහොන් කොතේ


    ReplyDelete
    Replies
    1. මුව හැරිය යුතු තැනට මුව ගොළුව හිඳ
      දෙන් හැරිය යුතු තැනට නෙත් පියා හිඳ
      පලක් වෙද සිදුවු පසු
      හෙළා දහසක් කදුළු.........


      සමාජයේ සමනලියන්ට සිදුවන අකටයුතුකම් හමුවේ නෙත් අඳව මුව ගොළුව සිටින සත්පුරුෂයන් අරබයා ලියූවකි...........

      ජයවේ ඇබරේ සනෝ.....

      Delete
    2. දෙන් හැරිය ( නෙත් හැරිය ලෙස නිවැරදි විය යුතුය)

      Delete
  5. සොහොන් කොතකට වුව
    රකින්නට යමක් ඇත
    අළු පැහැති ළය
    රිදුම් දුන්නද
    කියන්නට කතාවක් තිබුණද
    අසන්නට කෙනෙක් නැතිවට
    කොහෙ සටන් කරන්ටද

    ReplyDelete
    Replies
    1. උඹේ අදහසත් හරි මහේෂයෝ
      සොහොන් කොතටත් කතාවක් ඇති
      ජයවේවා!

      Delete
  6. ලස්සන කවිය වර්ණ........................... අගේ අැති විදිහට අවස්ථා ගලපලා තියෙනවා.... නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගී පවුර
      ජයවේවා ඔබට!

      Delete