Sunday, July 26, 2015

ඇයි සමනලී


ඇයි සමනලී දුර ඉගිලුණේ
හිත රිදෙන බව දැන දැන මගේ
මමම දුන් වෛවර්ණ අත්තටු 
සලා ඉගිලී ඇයි ගියේ.....

ඉගිලුණේ හිස් අහසටයි
මල් යාය මං ළඟ එලෙසමයි
ආදරේ මල් කොච්චරක්
තියෙනවද නුඹ ළං නොවූ...

වෙන්වුණේ නුඹ විතරමයි
සෙනෙහෙ සිත යට එලෙසමයි
සෝදුපත් තව කොපමණක්
තියෙනවද අපි නොකියවූ....

12 comments:

  1. ඒක හරි! සෝදුපත් සෑහෙන්න තියෙද්දි තමා යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ
      ජයවේ මාධවී..

      Delete
  2. සෝදුපත් තව කොපමණක්
    තියෙනවද අපි නොකියවූ....

    ඒක හරිම ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර

      Delete
  3. අද නං අවුල් සිරාවටම කිසිම ගතියක් නෑ

    ReplyDelete
    Replies
    1. සරලවම විරහව මහේෂයෝ
      අවංක අදහසට ස්තූතියි
      ජයවේ මහේෂ්!

      Delete
  4. තටු ආවම බොහෝ අය ඔය වගේ පියඹනවා ..... ඒක ස්වාභාවිකයි...... කවුරු තටු වර්ණවත් කලත්..... පියඹනවා නියතයි.....

    ReplyDelete
    Replies
    1. ඒහෙම ගියාම තටු පාට කරපු අයට දුක හිතෙනවා
      එතකොට මේ වගේ සරල විරහ කවි කියනවා
      ජයවේ නිහිංසා!

      Delete
  5. කවිය කියවල නිකමට වගේ මේ සින්දුව අහන්න හිතුන

    " මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ "

    ReplyDelete
    Replies
    1. මාත් ආසම ගීතයක් හංසියෝ....

      ඇයත් නොදන්නිය ඇය යන මානය
      උන්හිටි තැන් මතකයෙ අඩමානය
      ජයවේ හංස්!

      Delete
  6. උඹ හරි ලස්සනට ලියනවා මචං.................

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි මචන්
      ජයවේවා!

      Delete