Thursday, July 23, 2015

බලාපොරොත්තුව


බලාපොරොත්තුව

නෙත රැඳණු
කඳුළු බිඳ
දිදුලනා බව
නොදැක
ලුණු රසය පමණක්ම
මට දැනුණෙ 
කෙලෙසකද?......

15 comments:

  1. Replies
    1. ස්තූතියි කුරුටු!

      Delete
  2. ආදරේක අඩු වැඩිය අතරට
    ලුණු රසය විතරක් වැඩියි
    හැම තිස්සේම හඩන
    නුඹට කෝම ලුණු රසත්
    තිත්තක් වුණිද

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මහේෂයෝ
      ජයවේවා

      Delete
    2. ම්ම්ම් මං හැමතිස්සෙම හඬනවද මහේෂ්

      Delete
    3. විරහ ගීයක් කියන්නෙ ඇඬීමක් නෙමෙයි මිත්‍ර

      Delete
  3. දුක් රසයි කියල කෝම කියන්නද ...? ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහිංසා

      Delete
  4. Replies
    1. ඇයි රංජනීටම දුක කියන්න‍ෙ
      ජයවේවා!

      Delete
  5. කඳුළු වෙලුනාම හැමදේම හරියාවි

    ReplyDelete
    Replies
    1. අනිවා හංසියෝ
      ජයවේවා!

      Delete
  6. කඳුළු වෙලුනාම හැමදේම හරියාවි

    ReplyDelete
  7. බලාපොරොත්තුවෙ රුවන් විමානය
    මිරිඟු දියෙන් පිට බබළනවා
    ඒ තුළ පිවිසී එළිය දකින්නට
    ඈත සිටන් දුවගෙන එනවා
    පැතූ පැතුම් රන් විමන් බිඳී ගොස්
    ජීවනයේ මඟ දොරටු මුවා වී
    බලාපොරොත්තුවෙ සිරගෙය ඇතුළත
    ගත සිත ගොළු වී වැතිරෙනවා...

    ඉටු නුවූ ආශා ළයට තුරුල් කොට
    වලපල්ලක ඇති උණුසුම ලබනට
    බලාපොරොත්තුවෙ සිර ගේ ඇතුළෙන්
    ගත සිත ගොළු වී වැතිරෙනවා
    ඒ යන ගමනේ ගිලිහුණු ජීවය
    බලාපොරොත්තුවෙ සිර ගෙය ඇතුළෙන්
    නැවත නොඑන්නට ගුවන් තලය වෙත
    සුසුම් ලෙසට පාවී යනවා...

    බලාපොරොත්තුවෙ රුවන් විමානය
    මිරිඟු දියෙන් පිට බබළනවා
    ඒ තුළ පිවිසී එළිය දකින්නට
    ඈත සිටන් දුවගෙන එනවා
    පැතූ පැතුම් රන් විමන් බිඳී ගොස්
    ජීවනයේ මඟ දොරටු මුවා වී
    බලාපොරොත්තුවෙ සිරගෙය ඇතුළෙන්
    ගත සිත ගොළු වී වැතිරෙනවා...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : රංජිත් ලාල්
    ගායනය : සිරිල් හියුමන්

    ReplyDelete