Monday, July 20, 2015

සෙනෙහස සහ රූපය


කිරි පබළු වැල් අතින් අරගෙන
පළමු වර මා පැමිණි දවසේ
රූපයෙන් මෙන් සෙනෙහසින්
දුටිමු ඈ කිරි මුහුද සේ......

පන්හිඳක් ගෙන ඇය දකින්නට
දෙවැනි වර පැමිණියෙමි මම
රූපයෙන් ඇය කලා වැව වුව
සෙනෙහසින් සත් සයුර වී....

සුදු මලක් ගෙන ඇය පුදන්නට
අවසනට පැමිණියෙමි මම
රූපයෙන් ඇය සුළං රොද වුව
සෙනෙහසින් මහමෙරක් වී....

16 comments:

  1. තෙවරකට තෙආකාරයකට
    ඒත් හැම වෙලාවෙම පෙරට වැඩි තරමින්.
    හිතන්න ඕන හැම කෙනාටම ඔහොම විදින්න නොලැබෙන්නෙ ඇයි කියල.
    ලස්සනයි වර්ණෙ. ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂයෝ
      ජයෙන් ජය!

      Delete
  2. කිසිදු දිනයක නොමැකෙනා
    පෙමක් ඇත නම් සැනසෙනා
    නොහැක උවමින් දෙනු නිගා
    අම්මේ ඒ නම් නුබ තමා


    ලස්සනයි වර්ණ ගොඩාක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මිත්‍ර
      ජයවේවා!

      Delete
  3. අපේ සින්දු ඇනෝ ආවනං දෙන සිංදුව මම දන්නවා. හැක්.

    ReplyDelete
    Replies
    1. සන්නාලියනේ නේද?
      ඉතින් සින්දු ඇනෝ මෙහෙ එන්නෙ නෑනෙ දේශෝ
      ජයවේවා!

      Delete
  4. වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
    දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

    සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
    වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
    ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
    වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

    කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
    දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
    ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    ගී පද -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සින්දු ඇනෝ
      ජයෙන් ජයවේවා...

      ඔබ ලබාදෙන නොඇසූ අර්ථවත් ගීත වල පද මාලා මගේ නිර්මාණවලට මහත් අත්වැලක්

      Delete
  5. අම්මපා ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුවෝ
      ජයවේවා!

      Delete
  6. ඒ මම ආවේ මං ගැන ලියපු එකක් කියලා හිතලා බන්!!

    ReplyDelete
    Replies
    1. රූපෙගෙ රූපේ ගැනද?
      ජයවේ!

      Delete
  7. අකුරු අතරේ හිත නැවතුනා වගේ දැනුනා. හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුශානි

      Delete
  8. ගොඩක් ලස්සනයි වර්ණ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්!
      ජයවේවා!

      Delete