Thursday, July 16, 2015

කඳුල


 


නෙත කඳුලු නුඹෙ නමට
පිදූ ඒ පෙම් කවට
තනුව ගලපනු බැරිව
වියෝ වූ නුඹෙ සිතට
සෙනෙහෙ විරසක වුනේ
මෙමා පෙර කල  පවට
අකටයුතු කම් කලා නොව මෙමා
නුඹෙ ලොවට
සත්තකයි හැර යන්න
නොසිතුවා කිසි කලෙක
නෙත කදුල ඉකි ගසයි
අවසඟව මා සිතට


12 comments:

  1. Replies
    1. සම්මතය තුළ තියෙන අසම්මත රීතිය

      Delete
    2. ජයවේ මධු ඇන්ඩ් මිත්‍ර

      Delete
  2. අද එක මට ඇල්ලුවෙ නෑ. අවුල් වගෙ
    ටිකක්

    ReplyDelete
    Replies
    1. පැහැදිලියි....... ප්‍රත්‍යක්ෂයි..... මහේෂ්...

      Delete
    2. සරලවම කීවොත් විරහ රසය?

      Delete
  3. තනුව අවුල් උනත් ....... අත් අරින්න බැරි තරම් ....දුකක් මේකේ තියෙන්නේ......
    නොගැලපෙනවා නම් වෙන්වීම හොදයි...... වර්ණ....

    ReplyDelete
    Replies
    1. වෙන්වීම දුකක් නිහිංසා!
      ජයවේ!

      Delete
  4. අවසඟ වු සිතිවිල්ෙලන් පෑෙරන හදවතට........
    පිරියම් කළ ෙනාහැකි මුත් මිත.......
    ඔය කවි සිතට
    සැනෙසන්ට
    කාලයට
    ඉඩ ෙදන්ට .....

    ඹබට ජය
    අඹයා...........

    ReplyDelete
    Replies
    1. ජයවේ අඹයෝ
      හැමදාම මෙහෙ එන්න!

      Delete
  5. කවියේ රිද්මය නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්
      ජය!

      Delete